The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Svetlana Alliuyeva : ඇමරිකාවට පලාගිය ස්ටාලින් දියණිය

T

The Leader Desk

December 31, 2022 • 5:17 AM

 Svetlana Alliuyeva : ඇමරිකාවට පලාගිය ස්ටාලින් දියණිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැටුම් වලට ආධාර අනුබල දුන් යුගයක් විය.
  • මාර්තු 9 දින ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් සිදුවිය.
  • මේ සිදුවීම ඉන්දියාව සහ සෝවියට් සංගමය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට ද පත් විය.
  • පෙබරවාරි 28 දින උපන් ස්වෙට්ලානා ස්ටාලින් ගේ එක ම දියණිය විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැටුම් වලට ආධාර අනුබල දුන් යුගයක් විය.

 1967 මාර්තු 9 දින ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් සිදුවිය. ජෝසප් ස්ටාලින් ගේ එකම දියණිය වූ ස්වෙට්ලනා අලිලුයේවා (Svetlana Alliuyeva) නවදිල්ලියේ  ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට ගොස් එහි දේශපාලන රැකවරණය ඉල්ලා සිටියාය. වහාම ක්‍රියාත්මක වූ එක්සත් ජනපද රහස් ඔත්තු සේවාව ඇය නවදිල්ලියෙන් ඉතාලියේ රෝමයටත් එතනින් ස්විට්සර්ලන්තය් ජිනිවා නුවරට පිටත් කොට සංචාරක වීසා ලබා දුන්නේ ය. මේ සිදුවීම  ඉන්දියාව සහ සෝවියට් සංගමය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට ද පත් විය. 1967 අප්‍රේල් මාසයේ දී නිව්යෝක් නුවර දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ ඇය එක්සත් ජනපදයට පළා ගියේ සිය දරුවන් දෙදෙනා සෝවියට් දේශයේ හැරදමා ය.

Joseph Stalin with daughter Svetlana 1935
1926 පෙබරවාරි 28 දින උපන් ස්වෙට්ලානා ස්ටාලින් ගේ එක ම දියණිය විය. ඇගේ මව වූ  නදේශ්දා අලලුයේවා ( ජෝසප් ස්ටාලින් ගේ දෙවන බිරිය)  1932 සැප්තැම්බර් 22  මියගියේ වෙඩි තබාගෙන දිවි නසා ගැනීමකිනි )  ස්ටාලින්ගේ  අභාවයෙන් පසු   මොස්කව්හි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක  සහ භාෂා පරිවර්තකවරියක  ලෙස ක්‍රියා කළාය. ඇගේ කැමැත්ත ලේඛන කලාවට සහ සාහිත්‍යයට තිබූ නමුත් පියාගේ බල කිරීම මත ඇයට ඉගෙන ගැනීමට සිදු වූයේ ඉතිහාසය  සහ දේශපාලන දර්ශනයයි.


I800px Lavrenti Beria Stalins family                       ස්වාට්ලනා බෙරියා සහ සිය පියා සමග


ඇමරිකාවට පිටුවහල් වීමෙන් පසු 1984 වනතුරු අයට සිය දරුවන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට කේ.ජී.බී ඔත්තුසේවය ඉඩ ලබා නොදුන්නේය. නමුත් 1984දී ඇයටත් ඇගේ ඇමරිකානු දියණියටත් සෝවියට් පුරවැසිභාවය  හිමිවූ අතර  ඇය 1986 දී නැවත ඇමෙරිකාවට පැමිණි විස්කොන්සින් හි පදිංචි විය .  රුසියාවේ  සිටියදී බටහිර රටවල් පිළිබඳවත්  නැවත ඇමෙරිකාවට පැමිණීමෙන් පසු සෝවියට් සංගමය පිළිබඳවත් ආන්දෝලනාත්මක ප්‍රකාශ රාශියක් ඇය විසින් සිදුකකළාය.

download


ඇගේ  පලායාමට මූලික හේතුවක් වී තිබුණේ ඉන්දීය ජාතික කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකු වූ බර්ජේෂ් සිං (Barjesh singh ) සමග තිබූ පෙම් සබඳතාවය විවාහයකින් අවසන් කිරීමට  රජයේ අවසර හිමි නොවීමයි. රෝගී තත්ත්වයක් මත සිං  මිය ගිය පසු ඔහුගේ භෂ්මාවශේෂ ගංගානම් ගංගාවේ පා කිරීමේ අවස්ථාවට සහභාගී වීමට ඇයට අවසර ලැබිණි. ඒ අවස්ථාවේ වදුරටත් ඉන්දියාවේ රැඳී සිටීමට අය සෝවියට් තානාපති කාර්යාලයෙන් අවසර ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප විය.  ඒ වෙනුවට ඇයට නියම කෙරුණේ වහාම සෝවියට් සංගමයට පැමිණෙන ලෙසයි. අවසානයේ ඇය සිය නිදහස තෝරා ගත්තේය. ඇමරිකාවේ වෙසෙමින් සිය මියගිය පෙම්වතා වෙනුවෙන් රෝහලක් ඉදිකිරීමට ඇය කටයුතු කළාය.


Corbis U1569677
 ඇය  ග්‍රන්ථ කිහිපයක් රචනා කරන ලද අතර  ‘’ Twenty  letters  to a  friend’’ කෘතිය  ස්ටාලින්ගේ අපරාධ ලවන්ස්ති බේරියා පිට  පටවමින් ස්ටාලින්ට සුදුහුනු ගෑමේ කෘතියකැයි විචාරකයෝ ප්‍රකාශ කරති. 2011 නොවැම්බර් 22 දින ඇමරිකාවේ විස්කොන්සින් හි දී ඇය මිය ගියේ ආර්ථික දුෂ්කරතා මැදය.
 

Rasanga new 
 
 
 
 

(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com

ලේඛකයාගේ වෙනත් ලිපි :
ෆනී කප්ලාන්, ලෙනින්ට වෙඩි තැබූවේ ඇයි? - (රසාංග හරිශ්චන්ද්‍ර)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...