BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

කැප්ටන් දුර්වල නම්, හොඳ Team එකක් හිටියත් වැඩක් නැහැ - ඇමති කනක හේරත්

T

The Leader Desk

September 11, 2024 • 4:53 PM

 කැප්ටන් දුර්වල නම්, හොඳ Team එකක් හිටියත් වැඩක් නැහැ - ඇමති කනක හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොඳ කණ්ඩායමක් සිටියත් නායකයා දක්ෂයෙක් නොවේ නම් එවැනි කණ්ඩායමකට ජයග්‍රහණ පත්පත් කර ගැනීම අසිරුබව
  • බෑ කියපු නායකයො අපිත් එක්ක නැහැ.” යයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් එබව කියා සිටියේ, රුවන්වැල්ල නගරයේ සැප්තැම්බර් 09 දා  පැවති ''පුළුවන් ශ්‍රී ලංකා'' ජනරැළිය අමතමිනි.
  • අද මේ වේදිකාවේ සිටින සියලුම දෙනා “පුළුවන්” කියන මතයේ සිටින කණ්ඩායමක් බවත් අභියෝගවලින් පැනගිය කණ්ඩායම සිටින්නේ විපක්ෂයේ බවත් ඔහු තවදුරටත් මෙහිදී ප්‍රකාශ කලේය.
  •   එමෙන්ම රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්දයෙන් පසුව  විපක්ෂය මේ වන විට පසුබැස ගොස් සිටින බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියහොත් ශක්තිමත් රටක් බිහිවීම වළක්වන්න බැරි බවත් ඔහු අවධාරණය කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

“එදා අවුරුදු දෙකකට කලින් පෝලිම් නැතිකරන්න බෑ කියපු, IMF යන්න බෑ කියපු රටේ ආර්ථිකය ගොඩගන්න බෑ කියපු කණ්ඩායම  හොඳම කණ්ඩායම ද ? බෑ කියපු නායකයො අපිත් එක්ක නැහැ.” යයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් එබව කියා සිටියේ, රුවන්වැල්ල නගරයේ සැප්තැම්බර් 09 දා  පැවති ''පුළුවන් ශ්‍රී ලංකා'' ජනරැළිය අමතමිනි.

අද මේ වේදිකාවේ සිටින සියලුම දෙනා “පුළුවන්” කියන මතයේ සිටින කණ්ඩායමක් බවත් අභියෝගවලින් පැනගිය කණ්ඩායම සිටින්නේ විපක්ෂයේ බවත් ඔහු තවදුරටත් මෙහිදී ප්‍රකාශ කලේය.  

එමෙන්ම රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්දයෙන් පසුව  විපක්ෂය මේ වන විට පසුබැස ගොස් සිටින බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියහොත් ශක්තිමත් රටක් බිහිවීම වළක්වන්න බැරි බවත් ඔහු අවධාරණය කර සිටියේය.

“ඔය කියන කණ්ඩායම ජනාධිපතිතුමා එක්ක කාළයක් හිටියා, ඒ වුනාට ජනාධිපතිතුමාගෙන් රටට වැඩක් ගන්න ඔය කණ්ඩායමට බැරි වුණා. දැන් ජනාධිපතිතුමා එක්ක ඉන්නෙ එතුමාගෙන් වැඩක් ගන්න පුලුවන් කණ්ඩායමක්.”

රටේ අනාගතය, වැඩ පුලුවන් කණ්ඩායමකට භාරදීමට ගෞරවණීය ඡන්දදායකයින් කටයුතු කරන බව තමන්ට විස්වාස බව සඳහන් කල අමාත්‍යවරයා, ඒ නිසාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 22 උදේ සියයට 50% නියත චන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

 මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු අන්‍යාගමික නායකයන් ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ්, හිටපු අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරල, සන්දිත් සමරසිංහ, හිටපු පළාත් සභා අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ, දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල රුවන්, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති අන්නමලේ බාස්කරන්, දෙහිඕවිට සජබ කණ්ඩායම් නායක සෙස්ටස් අර්සකුලරත්න ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

srt3fgg

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...