The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විරෝධයේ ශෘංගාරය - (Faculty Of Sex)

T

The Leader Desk

November 21, 2022 • 6:44 PM

විරෝධයේ ශෘංගාරය - (Faculty Of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සටහන ඉන්ස්පයර් වුනේ උදාන් ෆර්නැන්ඩු විසින් තබන ලද ෆේස්බුක් සටහනක් නිසාවෙනි.
  • මේ පණතට එරෙහි සටනේ මුහුණ විය යුතුව තිබුනේ අවුරුදු 16ක් සිරගතව සිටිමින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන පවා දිනාගත් සිවලිංගම් අරුන්ය.
  • නමුත් පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් වීරයන් ලෙස නිර්මාණය කරගෙන තිබෙන්නේ දවස් 90ක් සිරගත වූ වසන්ත සහ සිරිධම්මය.
  • එය වහා ඉවත් කළ යුතු බව අවිවාදිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සටහන ඉන්ස්පයර් වුනේ උදාන් ෆර්නැන්ඩු විසින් තබන ලද ෆේස්බුක් සටහනක් නිසාවෙනි. එය කදිම හඳුනාගැනීමකි. විලාසිතාව, ලිංගිකත්වය සහ විරෝධය අතර සුන්දර රමණයකි.

කතාවේ වස්තු බීජය වන්නේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කිරීම වෙනුවෙන් පැවති අරගලයක මර්චන්ඩයිස් එකකි. මර්චන්ඩයිස් කියන්නෙ යමක් අළෙවිය පිණිස එහි ආකර්ශනය වැඩි කිරීම සඳහා භාවිතා කරන ඕනෑම දෙයකි. එනම් පණිවුඩය හෝ සන්නාමය මුද්‍රණය කළ කැප්, කෝප්ප, ටීෂර්ට් ආදිය මේ කාණ්ඩයේ ලා මාර්කටින්වලදි සැලකෙයි. මෙහි අරමුණ වන්නේ තව තවත් මිළදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹවීමයි. මර්චන්ඩයිසින් යනු පරිභෝජනවාදයේ ඉහළම භාවිතාවකි.

දැන් අපි කතාවට එමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ වසන්ත, සිරිධම්ම මෙන්ම තවත් බොහෝ රැදෙවියන් අසාධාරණ අන්දමින් සිරගත කරගෙන සිටී. නමුත් වසන්ත සහ සිරිධම්ම යන පෙරටුගාමී පක්ෂ නියෝජිතයන් වෙනුවෙන් පැන නැගෙන මෙම ත්‍රස්ත පණතට විරෝධය අවුරුදු ගණන් සිරබත් කන අනෙක් දෙමළ සගයන් වෙනුවෙන් පැන නැගු‍නේ නැත. මේ පණතට එරෙහි සටනේ මුහුණ විය යුතුව තිබුනේ අවුරුදු 16ක් සිරගතව සිටිමින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන පවා දිනාගත් සිවලිංගම් අරුන්ය. නමුත් පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් වීරයන් ලෙස නිර්මාණය කරගෙන තිබෙන්නේ දවස් 90ක් සිරගත වූ වසන්ත සහ සිරිධම්මය. දේශපාලනය වැඩකරන්නේ එහෙමය.



මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අමානුෂික එකකි. එය වහා ඉවත් කළ යුතු බව අවිවාදිතය. නමුත් අසාධාරණයට ලක්වන අය අතරද නොසළකා හැරෙන පීඩිතයන් සිටීම දේශපාලනිකව කියවා ගත යුතුය. එතැනදී මේ සාධාරණය වෙනුවෙන් යැයි නැගිටින පිරිස් අතින් සිදුවන අසාධාරණය ප්‍රශ්න කිරීමද අත්‍යාවශ්‍යය.



මේ වීරයන් වෙනුවෙන් මර්චන්ඩයිස් ලෙස ටීෂර්ට් මුද්‍රණය කර තිබේ. පරිභෝජනවාදයට, ධනවාදයට උඩ පැන පැන තලන පෙරටුගාමීන් නයිකි සන්නාමය රැගත් ටීෂර්ට් මත මේ වීරයන්ගේ මුහුණු අලවා තිබීම හාස්‍යජනකය. ඒ මදිවාට නයිකි ටැග් ලයින් එකම විරෝධය සඳහාද යොදාගෙන ඇත. Just Do It, යන්න Do It Now යනුවෙන් සුළු වෙනස්කමක් ඇතිව භාවිතා වී තිබේ.

Vidarshana Kannangara 696x731

පරිභෝජනය සහ මාර්කටින් පිළිබඳ කිසිම විරෝධයක් නැති අපට මෙය චමත්කාරජනකය. වැඩියෙන්ම ඒ චමත්කාරය මතුවන්නේ මාර්කටින් විරෝධී වම මෙයාකාරයෙන් සන්නාමවලට කඩේ යද්දීය.

මේ ටීෂර්ට් එක හැඳ නයිකි වයිසරයක්ද පැළඳ ඉදිරියෙන්ම යන්නේ රූමත් තරුණියකි. ඇය ආකර්ශනීයය. ඇගේ විරෝධය ශෘංගාරාත්මකය. ඊට පිටිපස්සෙන් පරණ කලු බැනර් දරාගත් රැළ ඇවිදිමින් සිටී. ඔවුන් දහඩියෙන් බත්වූ, යටිගිරියෙන් මොරදෙන බැරියර් පෙරළන්නවුන්ය. ඇය තනියෙනි. ඉදිරියෙනි. ඇගේ ඉරියව් විරෝධය ආස්වාදයකට පෙරළයි. අර සෙනග වෙනුවට දහසක් ඇස් මේ මර්චන්ඩයිසර් යුවතිය ළග නතර කරයි.



විරෝධය, පරිභෝජනය සහ ශෘංගාරය එක්වුනු හැගීමක් ඇය විසින් නිර්මාණය කරයි. දේශපාලනය හැමදාම වගේ ඇදෙන්නේ පිටුපසින් රංචුවක් ලෙසය. ශෘංගාරය, ලිංගිකත්වය ඒ සියල්ලට ඉදිරියෙන් සොඳුරු ලෙසය. වමට විශේෂයෙන් පෙරටුගාමීන්ට සිදුවන මේ අලකලංචියට අප ඉතා කැමතිය. අරගලයේ ජංගියක් දැකීමෙන් කලබල වුනු පෙරටුගාමීන් තමන්ගේ සිරගත සගයන් නිදහස් කරගැනීමට ස්ත්‍රී අනුරාගය යොදාගැනීම ආතල්ජනකය. ටයර් විකුණන්න ස්ත්‍රියක් යෙදීම ගැන මොර‍දෙන වමේ ඇන්ටයි-සෙක්ස් ස්ත්‍රීවාදීන්ද කිසි සද්දයක් නැත. විරෝධතා වෙනුවෙන් ස්ත්‍රීන් විකිණීම ඔවුන්ගේ දර්ශනයේ හැටියට වරදක් නොවිය හැකිය.



විරෝධතා ශෘංගාරාත්මක වීම ඉතා හොඳය. මොරදීම, ප්‍රචන්ඩත්වය වෙනුවට සෙක්සි ගතිය පාවිච්චි කිරීම රමණීයය. පරිභෝජනවාදය සහ වම ස්ත්‍රිය මත එකට පිහිටීම ආශ්චර්යය. මේ නයිකිමය විරෝධයට අප ද එකපයින්ම මනාපය. සහෝදරවරුනි, ඉදිරියේදී තව තවත් සොඳුරු යුවතියන්, සන්නාමයන් ඔබලාගේ විරෝධයන් පිණිස යොදාගන්න. ලිංගිකත්වය, ශෘංගාරය මහපාරට අරන් එන්න. නිදහස පිළිබඳ සැබෑ විප්ලවය එතන තිබෙන බව ෆැකල්ටි ඔෆ් සෙක්ස් සැමදා පෙනී සිටි ස්ථාවරයයි.


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...