The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

නීති විරෝධී මුදල් ගනුදෙනු දිරිමත් කරන ලෝකයේ එකම මුදල් ඇමැති !

T

The Leader Desk

February 1, 2022 • 3:40 PM

 නීති විරෝධී මුදල් ගනුදෙනු දිරිමත් කරන ලෝකයේ එකම මුදල් ඇමැති !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ නීති විරෝධී මුදල් හුවමාරු නිරීක්ෂණය, අවශ්‍ය තොරතුරු රැස්කිරීම, අදාල ආයතන වලට ලබා දීම,
  • නැවැත 2007 දී එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින ස්වාධීන දෙපාර්තමේන්තුවක් හැටියට ස්ථාපනය වෙනවා.
  • එහෙත් මෙම ආයතන අද වන විට නාම මාත්‍ර ආයතනයක් බවට පත්වී තිබෙනවා.
  • රටේ දුප්පත් කාන්තාවන් මැදපෙරදිග දහදුක් විඳිමින් කෙතරම් බාධා තිබුනත් 2020 වර්ෂයේ විදේශ විනිමය ඩොලර් බිලියන 7.1 ක පමණ මුදලක් එවා තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ දඬුවම් නිර්දේශ කිරීම යනාදී කාරණා සඳහා 2006 අංක 5 දරණ පනත යටතේ මුදල් අමාත්‍යාංශට අනුබද්ධ ස්වාධීන ආයතනයක් හැටියට මූල්‍ය බුද්ධි අංශය  (FIU)  පිහිටුවනවා.

නැවැත 2007 දී එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින ස්වාධීන දෙපාර්තමේන්තුවක් හැටියට ස්ථාපනය වෙනවා.



එහෙත් මෙම ආයතන අද වන විට නාම මාත්‍ර ආයතනයක් බවට පත්වී තිබෙනවා. එම පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක වූවා නම් ලංකාවේ මහ බැංකු අධිපති පමණක් නොවෙයි මුදල් ඇමැති පවා මේ වෙනකොට මහ උළුගෙදර සිටිය යුතු වෙනවා.




රටේ දුප්පත් කාන්තාවන් මැදපෙරදිග දහදුක් විඳිමින් කෙතරම් බාධා තිබුනත් 2020 වර්ෂයේ විදේශ විනිමය ඩොලර් බිලියන 7.1 ක පමණ මුදලක් එවා තිබුණා.
මේ අයුරින් සෑම වර්ෂයකම ඩොලර් බිලියන 5.5 -7.00 ත් අතර මුදලක් ලංකාවට ලැබුනේ මැදපෙරදිග රැකියා නියුක්තිකයන්ගෙන්.

අපේ රටේ පාලකයන් කොතරම් කයිවාරු ගැහුවත්, ජාතික ආදායමට වැඩි වශයෙන් දායක වුනේ විදේශ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රේශණ. එහෙත් දැන් මොකද වෙලා තිබෙන්නේ ?

මේ රජය සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මැදිහත්ව රටේ ඩොලරය කෘතීමව පාලනය කිරීම තුල, රටේ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය කර ගෙන තිබෙනවා.

මහ බැංකුව ඩොලරයට රුපියල් 202 ක මිළ නියම කිරීම තුල ඔවුන් විසින්ම විනිමය වෙළෙඳපොළේ කලු කඩයක් නිර්මාණය කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට කලු කඩයේ ඩොලරයට රුපියල්  230-240 දක්වා මිළ තීරණය වීම තුල මිනිස්සු විධිමත් බැංකු ක්‍රමය මගහැර උන්ඩියල්, හවාලා වැනි ක්‍රම හරහා ඩොලර් එවන්නට නිරායාසයෙන්ම පෙළඹුණා.



අවසාන ප්‍රතිඵලය කුමක්ද ? මසකට ඩොලර් මිලියන 700 ක් පමණ විධිමත් බැංකු ක්‍රමය හරහා මෑතක් වෙනකම් ලංකාවට මුදල් එවූ ජනයා අද වෙනකොට එවන්නේ මසකට මිලියන 300 ක් පමණයි. ඒ අනූව 2021 වර්ෂය අවසානයේ ඩොලර් බිලියන 5ක් පමණ රටට අහිමි වුනා.



 මහ බැංකු අධිපති මාධ්‍ය සාකච්ඡා තියමින් විවිධ තර්ජන කලත් විදේශ රැකියා නියුක්තිකයන් ඒවා තුට්ටුවකට මායින් කරන්නේ නැහැ. තමන්ට වෙළෙඳපොළේ  ඩොලරයට රුපියල් 240 ක් ලැබෙන විට කොයි මනුස්සයාද රුපියල්  30 ක් 40 ක් පාඩු කරගෙන බැංකු හරහා මුදල් එවන්නේ? මෙම තත්ව‍යට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ අජිත් නිවාඩ් කබ්‍රාල් සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයි.

2006 අංක 5 දරණ මුදල් විශුද්ධීකරණ පනත (Anti Money Laundering Act) අනුව, යමෙක් මුදල් උපයාගත් ආකාරය හෙලි කිරීමට නොහැකි වුවහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. දේපොළ රාජසන්තක වීමට පවා ඉඩ තිබෙනවා. මෙම පනත හරියාකාරව ක්‍රියාත්මක කලහොත් මුලින්ම අත් අඩංගුවට ගත යුත්තේ රටේ මුදල් ඇමැති වරයායි.

ඔහුට අයත් විශාල නිවසක් සහිත අක්කර 16ක පොල් ඉඩමක් ගම්පහ ප්‍රදේශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2016 දී සොයා ගන්නවා. ඔහු උසාවියට කියනවා ඒ නිවස ඔහුට අයිති නැහැ කියල. නිවස ගොඩනැගූ කොන්ත්‍රාත්කරු සහ සැලැසුම් සකස් කල මුදිත ජයකොඩි කියන්නේ නිවස ගොඩනැගීමට ඔහුට මුදල් ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ බවයි.

දැන් උසාවිය කරන්නේ  බැසිල් රාජපක්ෂ එපා කියද්දී ඔහුට බලෙන්ම නිවස පවරා දීමට නඩුව දිගටම අසන ආකාරයකුයි.  මුදල් විශුද්ධිකරණ පනත රටේ හරියාකාරව  ක්‍රියාත්මක වූවා නම් නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, උදයන්ග වීරතුංග, ජාලිය වික්‍රමසූරිය වැන්නන් අද වන විට සිටිය යුත්තේ මහ උළුගෙදර  බව රටේ ජනයා හොඳින් දන්නවා.

 ඒ විතරක්ද, කෝච්චි වල චේන් කැඩූ රත්තරන් ඇමැති කොළඹ හතේ මිලියන 300 ක දේපොළකට හිමිකම් කියන්නේ කෙසේද කියා ඔප්පු කරන ලෙස අල්ලස් කොමිසම කැඳවූ අවස්ථාවේ නයෙක් දෂ්ඨ කලා ඔබට මතක ඇති. තව අවශ්‍ය නම් ලැයිස්තුවක් ලිවිය හැකියි. ඔවුන් අද හැසිරෙන්නේ කපුරුහාමිලා ගානටයි. හතර පෝයට සිල්ගන්න උපාසකලා වගේ .



ඊයේ මුදල් ඇමැති මාධ්‍යකට ප්‍රකාශ කොට තිබුනේ නීත්‍යානුකූල නොවන ක්‍රමයට මුදල් එවීම ප්‍රශ්නයක් නොවන බවයි. ඔහුට අනුව 2010 යුධ සමයේ උතුරු කොරියාවෙන් භාණ්ඩ ලබා ගැනීමට එවකට මහින්ද රාජපක්ෂ රජය අනුගමනය කලේද හවාලා ක්‍රමය බවයි.



මෙවැනි අවංකව අදහස් ප්‍රකාශ කරන, රටේ ජනයාට නීතියට පටහැනිව මුදල් විශුද්ධීකරණයට අනුබල දෙන මුදල් ඇමැති කෙනෙක් තවත් ලෝකයේ සිටී නම් කරුණාකර නම් කරන්න. මෙවැනි පාලකයන්ට  මොල හතක් නොව දාහතරක් තිබෙන බව නම් පැහැදිලියි. ඒ රට කරවීමට නොව හොරකම් කිරීමටයි.

අනේ අපි කොතරම් පින් කල ජාතියක් ද?  Money Laundering  හෙවත් මුදල් විශුද්ධීකරණය විශේෂයෙන්ම යුරෝපා හවුල , අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල් වෙනත් අඩු ආදායම් ලබන රටවලට ණය, සහනාධාර , සහ ව්‍යාපෘති ලබා දීමේදී වඩාත් සැලකිල්ලට ගන්නා කාරණයක් තමයි ඒ රටේ මුදල් විශුද්ධීකරණ නීතිය සහ එහි ක්‍රියාත්මක බව.

ලංකාවේ මුදල් ඇමැතිම ප්‍රසිද්ධ මාධ්‍යට කියන විට අපිට කමක් නැහැ කොහොම සල්ලි එවුවත් කියල විදේශ රටවල්, ආයතන මොනවා නොහිතයිද?

ඔබ හිතනවාද මෙවැනි මරිමෝඩ දේශපාලකයින්ට රටක් කරන්න පුළුවන් කියලා. මොවුන් තවදුරටත් කුමකට නඩත්තු කරනවාද. අපි මොවුන් සක්වල ගලෙන් එපිටට පන්නා දමමු.

අර කෑමොර දෙන බූරු පුතාණෝ කිසිදා හොරුන්ට දඬුවම් කරන්නේ නැහැ. මොකද , ඔහුගේ ප්‍රිය සහෝදරියත් වරක් හොර සල්ලි ගනුදෙනුවකට හසුවූ අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ පොලිසියට නියෝග කලේ වහා ඇය නිදහස් කරන ලෙසටයි.

 එම නිසා, අපිවත් එකතු වී මේ රට හොරුන්ගෙන් බේරා ගනිමු. එය කල හැක්කේ අන් කිසිවෙකුට නොව ජාතික ජනබලවේගයට පමණ‍යි. අපි සූදානම් වෙමු. වගකීම් භාරගනිමු. ජනයා දැනුම්වත් කරමු . පෙරට එමු. ජාතික ජනබලවේගය රට තුල ව්‍යාප්ත කරමු.

අයි. එස්. ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
(SLIDA )

 

Leader Whats app
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...