The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රුසියාවේ වෛද්‍ය පීඨ තහනම පිටුපස සිටින ජාවාරම්කරුවන් ? - උකුස්සා

T

The Leader Desk

September 30, 2020 • 3:14 AM

රුසියාවේ වෛද්‍ය පීඨ තහනම පිටුපස සිටින ජාවාරම්කරුවන් ? - උකුස්සා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවේ වෛද්‍ය පීඨ කිහිපයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත ලයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබඳ යම් කිසිවකු විසින් විකාර සහගත සටහනක් ලියා තිබුණි.
  • මේ ලියූ පුද්ගලයා රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ අබමල් රේණුවක දෙයක් නොදන්නා බව පැහැදිලිය.
  •  මෙරට රුසියන් තානාපති කාර්යාලය යම් ප්‍රකාශයක් නිකුත් කරන්නේ සිය මව් රටේ අනුමැතිය සහිතව ය.
  • එවන් විශ්ව විද්‍යාල අනුමත ලැයිස්තුවෙන් ඉවත් කර ඇත්තේ කවර පදනමක් මත ද යන්න අදටත් පැහැදිලි කර නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

එයින් කියා තිබුණේ ජාවාරම්කාරයන් පිරිසක් තානාපති කාර්යාල ද අල්ලාගෙන රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් ඇතිකරන්නට යන බවකි.

මේ ලියූ පුද්ගලයා රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ අබමල් රේණුවක දෙයක් නොදන්නා බව පැහැදිලිය.

මෙරට රුසියානු තානාපති කාර්යාලය යනු රුසියානු රජයේ මෙරට නියෝජිතයා මිස ජාවාරම්කාරයන්ගේ නියෝජිතයා නොවේ.

 මෙරට රුසියන් තානාපති කාර්යාලය යම් ප්‍රකාශයක් නිකුත් කරන්නේ සිය මව් රටේ අනුමැතිය සහිතව ය.

එමෙන්ම රුසියානු මධ්‍යස්ථානය ද පාලනය වන්නේ එම කොන්දේසි යටතේ ය. එය ද මෙරට රුසියානු තානාපති කාර්යාලයේ කොටසකි.

University of Russia

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමැතියෙන් ඉවත් කර ඇත්තේ රුසියානු රජය විසින් වෛද්‍ය විද්‍යාව සඳහා ශිෂ්‍යත්ව ලබාදෙන සරසවි ය.

ඒවා ලෝක මට්ටමෙන් ගත්විට ඉහළ තැනක තැබිය හැකි, එමෙන්ම බටහිර රටවල ද පිළිගැනීම ලබන ආයතන වේ.

එවන් විශ්ව විද්‍යාල අනුමත ලැයිස්තුවෙන් ඉවත් කර ඇත්තේ කවර පදනමක් මත ද යන්න අදටත් පැහැදිලි කර නැත.

 

 මේ ජාවාරම්කරුවන් කව්ද ?

දැන්, ජාවාරම්කරුවන් සිටින්නේ කවුරුන් සමග ද යන්න සිතා බැලීම ඔබට අයත් ය.

 වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට සිසුන් යන්නේ රුසියාවට පමණක් නොවේ.

ලුමුම්බා සහ පිරගොෆ් වැනි විශිෂ්ට ලෝක ශ්‍රේණිගතකිරීම් අහලකවත් නැති චීනය, ජෝර්ජියාව, ආර්මේනියාව ආදී රටවල සරසවි මේ අනුමත ලැයිස්තුවේ ඇත.

මේවාට ළමුන් යවන අය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මේ ඒකාධිපති තීරණය අතර සම්බන්ධයක් ඇතැයි සැක මතුවේ. මේ ඇතැම් ඒජන්සිවලට වෛද්‍යවරුන් ද සම්බන්ධ බව නොරහසකි.

''එහෙයින්, සමාජ මාධ්‍යවල හෝ වෙනත් තැන්වල හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය සාධාරණීකරණය කිරීමට වලිකන අයගේ පසුබිම සෙවීම වටී. ඒ ඇතැමුන් මේ කාලකණ්ණි ක්‍රියාව පිටුපස සිටින, එයින් වාසි ලබන අය වීමේ ඉඩක් ඇත.''

එහෙයින්, සමාජ මාධ්‍යවල හෝ වෙනත් තැන්වල හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය සාධාරණීකරණය කිරීමට වලිකන අයගේ පසුබිම සෙවීම වටී.

ඒ ඇතැමුන් මේ කාලකණ්ණි ක්‍රියාව පිටුපස සිටින, එයින් වාසි ලබන අය වීමේ ඉඩක් ඇත.

රුසියානු රජය ප්‍රශ්න කරනුයේ වෛද්‍ය ශිෂ්‍යත්ව ලබාදෙන සරසවි අනුමැති ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබඳ ය.

එසේ නැතිව ජාවාරම්කාරයින්ගේ පගාවට යට වීමට තරම් රුසියාව හිඟන රටක් නොවේ ය. ලංකාවෙන් පිට ලෝකයක් නොදකිනා අය රුසියාව ගැන එසේ සිතා සිටිනවා විය හැක.

ලංකාවේ දොස්තරවරුන් සමහරකුගේ කුහකත්වය අප දැක තිබේ. එමෙන්ම කොළඹ වැනි ඉහළ තත්ත්වයේ වෛද්‍ය පීඨ මෙන්ම එතරම් තත්ත්වයක නැති වෛද්‍ය පීඨ ද මෙරට ඇත.

ඒ සමහර වෛද්‍ය පීඨ සමග බලද්දී ලුමුම්බා, පිරගොෆ්, ත්වේර් වැනි සරසවි ඉන්නේ ගව් ගණනක් ඈතිනි.

එමෙන්ම, නොදන්නා රටක ගොස්, ඒ ජීවිතයට හැඩගැසීමෙන් ලබන පන්නරයත් සමග, ඒ සිසුන් බොහෝ එනෙක් මෙහි එන්නේ ලෝකය දැකපු වෛද්‍යවරුන් ලෙස ය.

ලංකාවේ කොහේ හෝ වෛද්‍ය පීඨයක ඉගෙනගත් අයට ඔවුන් සමග තරග කළ නොහැකිය යන භීතියක් තිබේ. වෛද්‍ය සභාව මේ පාවිච්චි කරන්නේ අන්න ඒ භීතියයි.

ලංකාවේ කොහේ හෝ වෛද්‍ය පීඨයක ඉගෙනගත් අයට රුසියාවේ ඉගෙනගත් අය සමග තරග කළ නොහැකිය යන භීතියක් තිබේ. වෛද්‍ය සභාව මේ පාවිච්චි කරන්නේ අන්න ඒ භීතියයි.

රුසියාවේ වෛද්‍ය පීඨ අනුමැති ලැයිස්තුවෙන් ඉවත් කර චීනයේ හෝ වෙනත් රටක හෝ එතරම් ඉහළ තත්ත්වයක නැති වෛද්‍ය පීඨවලට ළමුන් යැවීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.

තමුන්ට වඩා ඉහළ අධ්‍යාපනයක් ලබා ලංකාවට එන වෛද්‍යවරුන් මෙහි පැමිණීම වැළැක්වීම මොවුන්ගේ අවශ්‍යතාවය ය.

 

වසරකට රුසියානු ශිෂ්‍යත්ව 40 ක් !

Russian scholarships

රුසියාව වෛද්‍ය විද්‍යාව ඇතුළු විවිධ විෂයයන් සඳහා ශිෂ්‍යත්ව හතලිහක් පමණ ශ්‍රී ලංකාවට වසරකට ලබා දෙයි. මේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ සූදානමක් ද විය.

එමෙන්ම දෙරට අතර වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ සම්බන්ධය පුළුල් කිරීමට සාකච්ඡා සිදුවෙමින් තිබුණි.

 තවද, ශ්‍රී ලංකාවේ තරුණයන්ට රුසියාවේ පැවැත්වෙන විවිධ සම්මේලන ආදියට යාමේ අවස්ථා ද පුළුල් කිරීමේ කතාබහක් සිදුවෙමින් තිබුණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කුහක ආකල්ප විසින් අකුල් හෙලන්නේ මේ සියල්ලට ම ය.

එමෙන්ම කුලී ලියන්නන් දම්මාගෙන රුසියානු තානාපති කාර්යාලය ජාවාරම්කාරයන් සමග සම්බන්ධ බවට පවසන්නට උත්සාහ කරමින් රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න ඇති කරන්නට තනන්නේ කවුදැයි සොයාබැලීම වටී.

(උකුස්සා)

 

සබැඳි පුවත් :

රුසියානු වෛද්‍ය විද්‍යාල තහනමට මාස 3යි ! - අගමැති සහතික දෙද්දී බලධාරීන් 'බෝල පාස් කරයි' ! 

'කෝවිඩ්-19 මර්ධනයට පන්නරය ලැබුණේ රුසියානු වෛද්‍ය අධ්‍යාපනයෙන්' - වෛද්‍ය අනිල් ජාසිංහ 

රුසියානු වෛද්‍ය විද්‍යාල කැපුණේ අල්ලස් නොදීම හේතුවෙන්ද ? 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...