The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පුරාණ ලියවිල්ලක පළමු වචනය සොයා ගැනීමට කෘත්‍රිම බුද්ධිය සමත් වූ අයුරු

T

The Leader Desk

December 3, 2023 • 4:50 PM

පුරාණ ලියවිල්ලක පළමු වචනය සොයා ගැනීමට කෘත්‍රිම බුද්ධිය සමත් වූ අයුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ හර්කියුලේනියම් (වර්තමාන ඉතාලියේ පිහිටා ඇති) විනාශ වී ගියේ ය.
  • 'පැපයිරි' ලෙස හැඳින්වෙන පැපිරස් කඩදාසි මත ලියූ පැරණි ලියවිලි හෝ ලේඛන සිය ගණනක් ද වැළලී ගොස් අඟුරු බවට හැරුණි.
  • වසර 2,000කට ආසන්න කාලයක් මෙම පුරාණ ලියවිලි පැවතියේ පොළොව මට්ටමේ සිට මීටර් 20ක් ගැඹුරින් ගිනිකඳු මඩ, අළු සහ යමහල් පාෂාණවලට යට වී ය.
  • ඝාතනයට ලක් වීමට පෙර ඒකාධිපති පාලකයෙකු වූ සුප්‍රසිද්ධ රෝම ජෙනරල්වරයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ද වූ ජූලියස් සීසර්ගේ මාමණ්ඩියට අයත්යැ යි සැලකෙන විශාල නිවසක් ඒවායේ නිවහන බවට පත්ව තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ හර්කියුලේනියම් (වර්තමාන ඉතාලියේ පිහිටා ඇති) විනාශ වී ගියේ ය.

'පැපයිරි' ලෙස හැඳින්වෙන පැපිරස් කඩදාසි මත ලියූ පැරණි ලියවිලි හෝ ලේඛන සිය ගණනක් ද වැළලී ගොස් අඟුරු බවට හැරුණි.

වසර 2,000කට ආසන්න කාලයක් මෙම පුරාණ ලියවිලි පැවතියේ පොළොව මට්ටමේ සිට මීටර් 20ක් ගැඹුරින් ගිනිකඳු මඩ, අළු සහ යමහල් පාෂාණවලට යට වී ය.

ඝාතනයට ලක් වීමට පෙර ඒකාධිපති පාලකයෙකු වූ සුප්‍රසිද්ධ රෝම ජෙනරල්වරයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ද වූ ජූලියස් සීසර්ගේ මාමණ්ඩියට අයත්යැ යි සැලකෙන විශාල නිවසක් ඒවායේ නිවහන බවට පත්ව තිබුණි.

 

1700 ගණන්වල දී පොම්පෙයි නගරයේ ඉපැරණි නෂ්ටාවශේෂ සොයා ගත් අවස්ථාවේ, එතෙක් කලක් රෝල් කළ අයුරින්ම තිබූ පැපිරස් ලියවිලි 600කට අධික ගණනක් සොයා ගැනිණි.

ගිනි කන්ද පිපිරීමේ බලපෑමෙන් ඒවා ආරක්ෂා වී තිබූ නමුත්, ප්‍රවේශමෙන් තොරව පරිහරණය කළේ නම් දූවිලි බවට පත් වන තරමට බිඳෙනසුලු තත්ත්වයක තිබිණි.

 

මෙම ලියවිලි විවෘත කර හානි නොවන ලෙස කියවන්නේ කෙසේ ද යන්න වසර සිය ගණනක් පුරා අභියෝගයක්ව පැවතිණි.

THE UNIVERSITY OF KENTUCKY'අතථ්‍ය දිගහැරීම' නම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීම සඳහා පිළිස්සුණු ලියවිල්ලේ ත්‍රිමාණ එක්ස් කිරණ සටහනක් ලබා ගැනුනි

[කෘත්‍රිම බුද්ධියේ උපවිෂයයන් වන] 'මැෂින් ලර්නින්' සහ 'කම්පියුටර් විෂන්' යොදා ගෙන සිදු කරන ලද 'The Vesuvius Challenge' තරගය මෙම වසරේ මාර්තු මාසයේ දී දියත් කරන ලද්දේ මෙම හර්කියුලේනියම් ලියවිලි කියවීම සඳහා ය.

දිග හරින ලද ලියවිලිවල X-ray රූපවලින් ඒවායේ අඩංගු වචන කියවා තේරුම් ගැනීම සඳහා කෙන්ටකි විශ්වවිද්‍යාලය විසින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීමට පුරවැසි විද්‍යාඥයින් බඳවා ගනු ලැබුවේ ය.

මෙම රූප ලබා ගෙන තිබුණේ, 2019 වසරේ දී එම විශ්වවිද්‍යාලයේ EduceLabහි මහාචාර්ය බ්‍රෙන්ට් සීල්ස් විසින් අංශු ත්වරක යන්ත්‍රයක් යොදා ගමින් හර්කියුලේනියම් ලියවිලිවල ගුණාත්මක බවින් අතිශයින් ඉහළ ත්‍රිමාණ සීටී ස්කෑන් රූප ජනනය කර ගන්නා ලද අවස්ථාවේ දී ය.

 

නෙබ්‍රස්කා-ලින්කන් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා ශිෂ්‍යයෙකු වන 21 හැවිරිදි ලූක් ෆැරිටෝර් හර්කියුලේනියම් ලියවිල්ලක අනතර්ගත වචනයක් කියවා අමෙරිකානු ඩොලර් 40,000ක් දිනා ගත් පළමු පුද්ගලයා විය.

පැපිරස් මත ලියා ඇති කාබනීකෘත ඉපැරණි අකුරු හඳුනාගැනීම සඳහා ඔහු කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් සකස් කළ අතර, එමඟින් අක්ෂර දොළහක් පමණ සොයා ගැනීමට සමත් විය.

 

මෙම අක්ෂරවලින්, 'දම්' යන වචනය සඳහා පුරාණ ග්‍රීක වචනය වන "πορφυρας" හෝ 'porphyras' යන වචනය හඳුනා ගැනීමට පැපිරස් පිළිබඳව අධ්‍යයනය කරන විශේෂඥයින්ට (papyrologists) පසුව අවස්ථාව සැලසිණි.

ත්‍යාගය දිනා ගැනීම සඳහා, ඔහුට මෙම ලියවිල්ලේ වර්ග සෙන්ටිමීටර 4ක ප්‍රදේශයක් පුරා විහිදී ඇති අක්ෂර අවම වශයෙන් 10ක් හෝ සොයා ගැනීමට සිදුවිය.

 

"මේ අකුරු දැකලා මට හිතා ගන්න බැරි වුණා," ඔහුගේ සොයා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. "මට හිතා ගන්න බැරි වුණා, මාව පණ නැති වෙලා ගියා, ඇඬෙන්න ඔන්න මෙන්න..."

 

SADW

ලූක් ෆැරිටෝර් (වමේ), යුසෆ් නාදර් (මැද) සහ කේසි හෑන්ඩ්මර් (දකුණේ) යන සියලුදෙනා පළමු වචනය සොයාගැනීමට දායකවූහ

ෆැරිටෝර්ට පසුව, තවත් තරගකරුවෙකු වන, බර්ලිනයේ ඊජිප්තු ජාතික බයෝරොබෝටික්ස් (biorobotics) උපාධිධාරී සිසුවෙකු වන යූසෆ් නාදර් ස්වාධීනව ඊටත් වඩා පැහැදිලි ප්‍රතිඵල සහිතව එම වචනය ම එම කොටසේම තිබී සොයා ගත්තේ දෙවන ත්‍යාගය වූ අමෙරිකානු ඩොලර් 10,000 දිනා ගනිමිනි.

විවෘත නොකරන ලද ලියවිල්ලක් තුළ වූ තීන්ත සහ අක්ෂර කිහිපයක් සොයා ගත් පළමු පුද්ගලයා වූ කේසි හෑන්ඩ්මර් තව ත් ඩොලර් 10,000ක ත්‍යාගයක් දිනා ගත්තේ ය. ලූක් ෆැරිටෝර්ගේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන පදනම සැපයුවේ ඔහුගේ කාර්යයන් ය.

පැරණි හර්කියුලේනියම් ලියවිල්ලක පළමු වචනය සොයා ගැනීම පැපිරොලොජි ක්ෂේත්‍රයේ විප්ලවීය කාර්යභාරයකට විවර වූ දොරටුවක් ලෙස සැලකේ.

 

"1750 ගණන්වල මේ ලියවිලි මුලින් ම සොයා ගත්ත දවසේ ඉඳලා මේක බොහෝ දෙනෙකුගේ හීනයක් වෙලා තිබුණේ," 'Vesuvius Challenge' තරගයේ පුරෝගාමියා සහ අනුග්‍රාහකයා වූ නැට් ෆ්‍රීඩ්මන් මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ Xහි ලිවී ය.

"ඒක අවුරුදු 20ක් තිස්සේ EduceLabහි ආචාර්ය බ්‍රෙන්ට් සහ ඔහුගේ කණ්ඩායම කරපු සේවයේ ප්‍රතිඵලයක්. අවුරුදු ගාණක කැපවීමෙන් මේ අවසන් අදියර සාර්ථක කර ගන්න පුළුවන් වුණා," ඔහු සඳහන් කළේ ය.

 

ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී, මෙතෙක් විකේතනය [කියවා තේරුම් ගන්නා ලද] කළ පැරණි ලියවිල්ලක පළමු වචනය ප්‍රකාශයට පත් කරමින්, "අක්ෂර බලා ගන්න එක අපහසු නිසා ඒක කිසි දවසක කියවන්න බැරි වේවි කියන එක මිනිස්සු කිව්ව," මහාචාර්ය බ්‍රෙන්ට් සීල්ස් පැවසුවේ ය.

"නමුත් අද වෙද්දී අපි හරියට ම ඒ ගැන කතා කරනවා," ඔහු තවදුරට ත් පැවසීය.

ZDFW34හර්කියුලේනියම්, විසුවියස් පිපිරීමෙන් ගිනිකඳු අළු හා පාෂාණ ආදියෙන් වැළලී ගියේ ය

 

පර්යේෂකයන් පවසන්නේ, විශාලතම හෙළිදරව්ව වන්නේ, නවීන තාක්ෂණය භාවිත කිරීමෙන් ඕනෑ ම තැනක සිටින ඕනෑ ම කෙනෙකුට මෙම ලියවිලි කියවිය හැකි බව ය.

තවමත් අත නොගැසූ ලියවිලි දෙකක ඇතුළත සටහන් කර ඇති පාඨ හතරක් කියවීමට සමත් වන පළමු කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 700,000ක ප්‍රධාන ත්‍යාගය පිරිනැමීමට 'Vesuvius Challenge' තවමත් සූදානමින් සිටියි.

 

මීට වසර දහස් ගණනකට පෙර අප ජීවත් වූ ආකාරය පිළිබඳ තවත් වටිනා තොරතුරු අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තුවෙන් සිටිති.

1700 ගණන්වල පොම්පෙයි සහ හර්කියුලේනියම්හි නෂ්ටාවශේෂ සොයා ගත් අවස්ථාවේ සුවිසල් පොදු ගොඩනැගිලි සහ සුඛෝපභෝගී නිවාස දැකීමෙන් ලෝකය මවිතයට පත් විය.

ගිනි කන්ද පුපුරා යාමෙන් ආරක්ෂාවීමට හෝ පළා යාමට උත්සහ කළ මිනිසුන්ගේ දේහයන් ද සංරක්ෂණය වී ඇති අතර උඳුන් තුළ පාන් තිබුණු බේකරි පවා හමු විය.

මෙම පුරාණ ලියවිලිවලින් අපට තවත් කුමක් කියනු ඇති ද?




(BBC සිංහල සේවය)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...