The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

වෛද්‍ය ප්‍රියා සම්මානි : ජීවිත රැකගන්න TikTok කරන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරිය

T

The Leader Desk

April 25, 2023 • 6:30 AM

වෛද්‍ය ප්‍රියා සම්මානි : ජීවිත රැකගන්න TikTok කරන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය @drpiyasammani නමින් ටික්ටොක් ගිණුමක් පවත්වාගෙන යන අතර සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඇගේ අරමුණ වී තිබේ.
  • ඇයගේ සුවිශේෂත්වය වන්නේ, ජනතාවට නීරස සෞඛ්‍ය කාරණා සම්බන්ධයෙන් ඉතා සරල සහ ඇතැම් විට හාස්‍යමය ආකාරයට විවිධ උදාහරණ ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාදීම ය.
  • ඇගේ ටික්ටොක් ගිණුමට සම්බන්ධ වී සිටින ග්‍රාහකයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂයකට ආසන්න වී ඇත.
  • එහි පළකර ඇති වීඩියෝ අතරින් 'ඉරුවාරදය' සහ 'මත්පැන් භාවිතය' ගැන පැහැදිලි කෙරෙන වීඩියෝ මිලියන 1.2කට අධික වාර ගණනක් නරඹා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය @drpiyasammani නමින් ටික්ටොක් ගිණුමක් පවත්වාගෙන යන අතර සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඇගේ අරමුණ වී තිබේ.

ඇයගේ සුවිශේෂත්වය වන්නේ, ජනතාවට නීරස සෞඛ්‍ය කාරණා සම්බන්ධයෙන් ඉතා සරල සහ ඇතැම් විට හාස්‍යමය ආකාරයට විවිධ උදාහරණ ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාදීම ය.

ඇගේ ටික්ටොක් ගිණුමට සම්බන්ධ වී සිටින ග්‍රාහකයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂයකට ආසන්න වී ඇත.

එහි පළකර ඇති වීඩියෝ අතරින් 'ඉරුවාරදය' සහ 'මත්පැන් භාවිතය' ගැන පැහැදිලි කෙරෙන වීඩියෝ මිලියන 1.2කට අධික වාර ගණනක් නරඹා තිබේ.

ඊට අමතරව Dr. Priya's Health Tips නමින් ෆේස්බුක් ගිණුමක් ද, Nirogi Lanka නමින් යූටියුබ් නාලිකාවක් ද ඔවුහු පවත්වාගෙන යති.

 

වෛද්‍ය යුවළ ටික්ටොක් වීඩියෝ ඇරඹූ හැටි

වෛද්‍ය ප්‍රියා සම්මානිගේ මෙම කර්තව්‍යයේ නිර්මාතෘවරයා මෙන් ම මඟ පෙන්වන්නා වන්නේ, ඇගේ සැමියා වන වෛද්‍ය පුලස්ති ගයාන් සේනාරත්න ය.

බණ්ඩාරවෙල උපන් වෛද්‍ය ප්‍රියා සම්මානි බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයෙන් අධ්‍යාපනය හදාරා පසුව වෛද්‍යවරියක ලෙස ජාතික රෝහල, සොයිසා කාන්තා රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන රෝහල්වල සේවය කර තිබේ.

ඇය මේ වන විට කොළඹින් දුර බැහැර ප්‍රදේශයක ප්‍රධාන රෝහලක සේවය කරන්නීය.

ඇගේ සැමියා වන වෛද්‍ය පුලස්ති පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හොරණ තක්ෂිලා විද්‍යාලයයේ ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයයෙන් වෛද්‍ය උපාධිය හිමිකර ගත්තෙකි.

ඔහු මේ වන විට විකිරණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සදහා සූදානම් වෙමින් සිටියි.

"කළුබෝවිල රෝහලේ මම විකිරණවේදය පිළිබද විශේෂඥ පුහුණුවට ගිහිල්ලා එතන පාඩම් කළා යාළුවොත් එක්ක. එහෙම පාඩම් කරන්න ගිහින් තමයි ප්‍රියාව හම්බ වුණේ. එයා ඒ කාලේ වෛද්‍ය ශිෂ්‍යාවක්. මම වෛද්‍යවරයෙක්," සිය බිරිය මුණ ගැසුණු ආකාරය වෛද්‍ය පුලස්ති පැහැදිලි කළේ ය.

වෛද්‍ය පුලස්ති ගයාන් සේනාරත්න යනු සමාජ මාධ්‍ය භාවිතය පිළිබදව වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටි කාලයේ සිට හැදෑරීමක් කළ අයෙකි.

"මට ඒ කාලේ ඉදලා වුවමනාවක් තිබුණා සෞඛ්‍ය ගැටලු ගැන ජනතාව දැනුවත් කරන වෙනස් විදිහේ වැඩක් කරන්න. ගොඩක් මිනිස්සු අතරට පණිවුඩයක් ගෙනියන්න පුළුවන් මාධ්‍යයක් වගේ ම, සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටින කෙනෙකුට තනිව භාවිත කරන්න පුළුවන් මාධ්‍යයක් නිසා ත්, ක්ෂණයකින් ප්‍රතිචාර ලැබෙන නිසා ත් සමාජ මාධ්‍ය මේකට තෝර ගන්න හිතුවා. මේකට මගේ බිරිඳ ත් යොදාගෙන සාර්ථකව කරගන්න උත්සහ කළා," වෛද්‍ය පුලස්ති පැවසීය.

priya 1

 

ටික්ටොක් වීඩියෝවක් සඳහා සූදානම් වීම

"අපි වීඩියෝ එකක් හදන්න කලින් යම්කිසි රෝගයක් හෝ සෞඛ්‍ය ගැටලුවක් ගැන සමාජ මාධ්‍ය හරහා ප්‍රශ්නයක් යොමු කරනවා. ඒකට ජනතාව විවිධ ප්‍රතිචාර දක්වනවා. සමහරු බොරු උත්තර දෙනවා. සමහරු දැනුවත්කමක් නැතිව උත්තර දෙනවා. සමහරුන්ගෙන් විවිධ අදහස් ලැබෙනවා. ඒ සියල්ල බලලා ජනතාව වැරදි අදහස්වල ඉන්නවා නම් නිවැරදි සෞඛ්‍ය කරුණු පැහැදිලි කරමින් මුලින් ම පිටපත ලියනවා. සමාජයේ ඉන්න සෑම මට්ටමක ම අයට තේරෙන විදිහට සරලව පිටපත ලියනවා. අනවශ්‍ය සියලු වචන ඉවත් කරනවා. සමහර වෙලාවට සති ගණන් ගත කරනවා හරි ම පිටපත හදාගන්න. ඊට පස්සෙ තමයි වීඩියෝ එක කරන්නේ," වෛද්‍ය ප්‍රියා සම්මානි පැහැදිලි කළා ය.

 

3d0490b0 e26f 11ed 8df1 d74cbf1089d7

PRIYA SAMMANI/FACEBOOK

priya 2

මෙම වීඩියෝ කෙරෙහි ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමු වීමට බලපෑ හේතු ගැන වෛද්‍ය පුලස්ති සේනාරත්න පැහැදිලි කළේ ය.

"මේකෙදි අපි පැහැදිලි කරන්න උත්සහ කරන්නේ කෙලින් ම සෞඛ්‍ය ගැටලුවක් ඉදිරිපත් කරලා මේකෙන් වැළකෙන්න මොනවා ද කරන්න ඕන කියන එක ගැන නෙවෙයි. එහෙම වුණා ම සෞඛ්‍ය කරුණු ගැන ජනතාවට නීරස වෙනවා. අපි කරන්නේ, යම්කිසි සෞඛ්‍ය ගැටලුවකින් මිදෙන්න කළ යුතු දේවල් කළ යුත්තේ ඇයි කියන එක සරලව පැහැදිලි කරන එක යි. ඒ වගේ ම ඒ පැහැදිලි කිරීම විවිධ උදාහරණ, විවිධ චරිත හරහා ඉතා කෙටි කාලයක් තුළ ඉදිරිපත් කිරීම ත් මේ ගැන වැඩි අවධානයක් යොමු වෙන්න හේතු වුණා කියලා හිතෙනවා.

"උදාහරණයක් විදිහට අපි මත්පැන් බීම ගැන වීඩියෝ එකක් කළා. බැලූ බැල්මට කට්ටිය හිතුවේ ඒකෙන් බොන්න ඕන කොහොම ද කියලා උපදෙස් දෙනවා කියලා. ඒත් වීඩියෝ එකේ අන්තිමට ලැබෙන පණිවුඩය තමයි බොන්න එපා කියන එක. ඒක බොන කට්ටිය අතරෙ ම ගොඩක් ෂෙයාර් වුණා. ඒ නිසා අපේ වීඩියෝ එකේ අරමුණ ගොඩක් සාර්ථක වුණා. ගොඩක් අය මැසේජ් කරලා තිබුණා, ඒක බැලුවට පස්සේ බොන එක අඩු කරන්න හිතුණා කියලා."

 

"මේ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නෑ"

සෞඛ්‍ය ගැටලු වැනි ජනතාව වැඩි අවධානයක් යොමු නොකරන විෂයක් සම්බන්ධ වීඩියෝ කෙරෙහි ජනතා අවධානයක් යොමුවනු ඇතැ යි අපේක්ෂා නොකළ බව එම වෛද්‍ය යුවළ පැවසූහ.

"අපි හිතුවෙ නැහැ මෙඩිකල් කන්ටෙන්ට් වීඩියෝ මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. මේක මිනිස්සුන් ප්‍රිය කරන විෂයයක් නෙවෙයි. ඒ නිසා මුල් කාලයේ හැදුව වීඩියෝ අපි එතරම් සැලසුම් කරලා කළේ නැහැ. ඒත් ජනප්‍රියත්වය වැඩි වෙන්න ගත්තා ම අපි ගොඩක් වගකීමෙන් සැලසුම් කරලා වීඩියෝ හදන්න පටන් ගත්තා. දැන් අපට හිතා ගන්න බැරි තරම් ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා."

මෙම ජනප්‍රියත්වයට වෛද්‍ය ප්‍රියා සම්මානිගේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීම ද යම් කිසි ආකාරයකට බලපාන්නට ඇත.

"කතා කිරීම උපතින් ලැබුණ දක්ෂතාවක් නම් නෙවෙයි. එහෙම කතා කරන්න ලොකු හැකියාවක් තිබුණෙ නෑ ඉස්සර. එක පාරට ම ගොඩ නැගුණු දෙයක් නෙවෙයි. මුල ඉදන් කරපු වීඩියෝ හරහා ආව පරිචයක් තමයි මට තියෙන්නේ. මුල් කාලේ වීඩියෝ එච්චර සාර්ථක වුණේ නෑ. පස්සේ කැමරාවට තිබුණ චකිතය නැති වුණා," වෛද්‍ය ප්‍රියා සම්මානි පැවසීය.

 

priya 3

 

"හතේ පොත නැති කරපු එක අපරාධයක්"

ශ්‍රී ලංකාවේ බහුතරයකට ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම හේතුවෙන් බරපතළ ප්‍රශ්න රැසක් උද්ගත වී ඇතැ යි වෛද්‍ය ප්‍රියා සම්මානි පවසයි.

ඇය පෙන්වා දුන්නේ, ඒ පිළිබද පාසල් ළමුන් දැනුවත් කිරීම සදහා හදුන්වා දුන් "හතේ පොත ඉවත් කිරීම අපරාධයක්," බව ය.

"ලිංගික ප්‍රශ්න ගැන ලංකාවේ දැනුවත්භාවය ඉතා අඩු යි. ඒ ඉගෙන ගන්න තරුණ පිරිසට මාධ්‍යයක් නෑ. හතේ පොත ත් අයින් කළා නේ. අපි හිතන විදිහට හතේ පොත තියෙන්න ඕන. ජීව විද්‍යාව ඉගෙනගත් පිරිස හැර අනිත් බහුතරයට ලිංගික අධ්‍යාපනයක් ලැබිලා නෑ අපේ රටේ. උදාහරණයක් විදිහට කිව්වොත්, සමහරු හිතාගෙන ඉන්නේ උපත් පාලනය කියන්නේ ළමයි මරන එක එහෙම නැත්නම් ගබ්සා කරන එක කියලා. ඒ නිසා මේ වැරදි මත වෙනුවට නිවැරදි කරුණු සමාජගත කරන්න හතේ පොත අනිවාර්යයෙන් ම ගේන්න ඕන කියන මතයේ තමයි අපි ඉන්නේ."

මේ පිළිබදව වෛද්‍ය පුලස්ති ද අදහස් පළ කළේ ය.

"අපේ සමාජයේ පොඩි දරුවන්ට කියන්නේ ඔයාව ගෙනාවේ රෝස කැලෙන් කියලා. ඒ වුණාට අනිත් රටවල තුන වසරේදී උගන්වනවා අම්ම යි තාත්ත යි එකතු වෙලා තමයි බබෙක් ලැබෙන්නේ කියලා. ළමයින්ට සරල විදිහට තේරෙන්න ඒක කියලා දෙනවා. අපේ මිනිස්සු ඕකට කියන්නෙ කුණුහරප කියලා නේ. කුණුහරපයක් නෙවෙයි ඒක. ලස්සනට කියල දෙන්න පුළුවන් ළමයින්ට. ඒ දැනුම හරියට ළමයින්ට නොලැබුණා ම වෙන වෙන පැතිවලින් ඒක හොයා ගන්න ළමයි උත්සහ කරනවා. කුතුහලය නිසා ළමයි වැරදි පැතිවලට යන්න පුළුවන්."

 

"ටික්ටොක් එකේ නටනවා වෙනුවට ජනතාව දැනුවත් කරන්න"

ටික්ටොක් භාවිතය පිළිබදව ඇතැම් විට වැරදි ආකල්ප පැවතිය ද, එය සමාජය නිවැරදි මඟකට යොමු කිරීම සදහා සාර්ථකව භාවිත කළ හැකි බව ඔවුන්ගේ අදහස යි.

"ගොඩක් අය ටික්ටොක් එකෙන් කරන්නෙ නටන එක. අපි ඒක පාවිච්චි කළා ජනතාව දැනුවත් කරන්න. ඕන ම ක්ෂේත්‍රයක කෙනෙකුට මේ වගේ දේවල් කරන්න පුළුවන්. හොද පණිවුඩයක් තරුණ ප්‍රජාව අතරට ගෙනියන්න සමාජ මාධ්‍ය භාවිත කරන්න පුළුවන්."
(BBC සිංහල සේවය)


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෛද්‍ය ප්‍රියා සම්මානි : ජීවිත රැකගන්න TikTok කරන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරිය | The Leader