The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දැල්ලන් සෙල්ලන් - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

October 30, 2022 • 9:35 AM

දැල්ලන් සෙල්ලන් - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාවතාවත්ත නම් ප්‍රදේශයේ ය.
  • ගාලු පාරට නුදුරු චාර්ල්ස් ප්ලේස් නම් පාරේ අප නිවස පිහිටියේ 'කෝන්ගහ ඉස්කෝලේ' ලෙස ප්‍රකට රජය විසින් පවරා ගන්න ලද මෙතෝදිස්ත මිෂනාරි පාසල අසල ම ය.
  • එහෙත් මගේ දෙමාපියන් එහි යාමට මට අවසර නොදුන්නේ, ඒ අසල ඇති 'කොරියාවේ' අනිසි බලාපෑමට මා බඳුන් වේ දෝ යන 'ආරක්ෂණ' ප්‍රතිපත්තිය නිසා ය.
  • පසු කලෙක එහි සිටි පිරිස් දාමරික හා මිනීමැරුම් වල නිරත වී සිටි බව දැනගතිමි.
අකුරු ප්‍රමාණය (Font Size):

රාවතාවත්ත නම් ප්‍රදේශයේ ය. ගාලු පාරට නුදුරු චාර්ල්ස් ප්ලේස් නම් පාරේ අප නිවස පිහිටියේ 'කෝන්ගහ ඉස්කෝලේ' ලෙස ප්‍රකට රජය විසින් පවරා ගන්න ලද මෙතෝදිස්ත මිෂනාරි පාසල අසල ම ය. කෝන්ගහ නම වැටුණේ පාසැල ඉදිරිපිට දැවැන්ත කෝන් ගහක් තිබීම යි. චාර්ල්ස් පෙදෙස ඔස්සේ ලුනාව (දඩයම චිත්‍රපටයට පාදක වූ කුප්‍රකට ඇඩ්ලින් විතාරණ ව හදි කරනට කැඳවා ගෙන ආවේ ලුනාව තානායමට ය - ඊට ලුනාවේ වැසියන් එකල කීවේ රේට් හවුසිය කියා ය. රෙස්ට් හවුස් ජනවහරෙන් !) දෙසට යන විට ලුනාව පාලම හමු වේ.


මේ පාලමට එපිට නිවෙසක  මා සමග දිනපතා බක්කි කරත්තෙන්  මගේ මොන්ටිසුරියට ම ගිය දැරිවියක් සිටියා ය. බොහෝ රුවැති ඈ පසු කලෙක එයාර් ලංකා හොස්ටස්වරියක් වූවා ය. කෙසේ හෝ, මා ඈ සමග සෙල්ලම් කිරීමට හා එකල පැවැති භාවිතයක් වූ 'ස්පෙන්ඩ්-ද-ඩේ" කිරීමට මා මහත් අභිරුචියක දැක්වීමි. එහෙත් මගේ දෙමාපියන් එහි යාමට මට අවසර නොදුන්නේ, ඒ අසල ඇති 'කොරියාවේ' අනිසි බලාපෑමට මා බඳුන් වේ දෝ යන 'ආරක්ෂණ' ප්‍රතිපත්තිය නිසා ය. ඒ නිසා කොරියාව ගැන මට ළමා කාලයේ හට ගත්තේ අපුල හැඟුමකි.  ලුනාව පාලම යටපිහිටි කුඩා ලෑලි ගෙවල් සමුහය යනු කොරියාව යන භූගෝලීය දැණුම ය එකල මට තිබුණේ. පසු කලෙක එහි සිටි පිරිස් දාමරික හා  මිනීමැරුම් වල නිරත වී සිටි බව දැනගතිමි. ඊටත් පසු කලෙක අන්ඩර්-සර්ව්ඩ්-සෙට්ල්මන්ට්ස් යන දේශපාලනික ව නිවැරිදි යෙදුම උගෙන ගතිමි.

 

1125073637 0a0d333e92 b


භූගෝල විෂය ගැන මට ඒ හැටි උනන්දුවක් තිබුණේ ම නැත. ඒ නිසා පාසැල් සමයේ ද මට කොරියාව ගැන තිබුණේ ඉතා සීමිත දැනුමක පමණි. එහෙත් වයස අවුරුදු දහ නමය වැනි කාලයක මම එවකට සම්භන්ධ  ශිෂ්‍ය ව්‍යාපාරයක නියෝජිතයෙකු ලෙස 1987 දී පුහුණුවකට විදේශ රටකට ගියෙමි. මසක පමණ කලක පැවැති ඒ පුහුණුවට අවුත් සිටියෝ ආසියාතික තරුණ තරුණියෝ ය. පුහුණුවේ ප්‍රවේශය වූයේ අපගේ අත්දැකීම් මත පදනම් ව දැනුම හා කුසලතා වැඩුම යි.


අත්දැකීම් බෙදා ගැනුමේදී වඩා කැපී පෙනුණෝ දකුණු කොරියාවෙන් අවුත් සිටි තරුණියන් දෙදෙනා ය. ඔවුන් දෙදෙනාට ම ඉංග්‍රීසි කතා කරනට අපහසු නිසා කොරියානු පරිවර්තකයෙක් ද පැමිණ සිටියේ ය. ඔහු ද ශිෂ්‍ය ව්‍යපාරයේ හසල අත්දැකීම් ඇති අයෙකි. මොවුන් තිදෙනා තම අත්දැකීම් ඉදිරිපත් කරනාතුර වරින් වර හැඬු අතර තම හැඟුම් පාලනය කර ගැනුමට කතා නොකර නිහඩ ව සිටි බව මතක ය.

 

chonnam university img

 

ඔවුන්ගේ හිත් පෑරුණ මතකය දිව ගියේ 1980 වෙත ය. ඒ අවුරුදු දහ අටක දීර්ඝ අධිකාරීවාදී පාලනයක ගෙන ගිය පාක් චුන්ග් හේ ඝාතණය කිරීමෙන් අනතුරු ව නිර්මාණය වූ බල රික්තකය තුල චුන් දෝ හ්වාන් මිලිටරි කුමන්ත්‍රණයකින් බලය අත්පත් කළ කාලය තුල ය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අරභයා ජනතා නැගිටීම් දකුණු කොරියාවේ විවිධ ප්‍රදේශවලින් මතු විය. ඉන් වඩා තීව්‍ර  නැගිටීම සිදු වුණේ ග්වන්ජු නම් ප්‍රදේශයේ ය. ග්වන්ජු හී පිහිටි, චොන්නම් නම් ජාතික මට්ටමේ නම් දැරූ සරසවියක සිසුහු මේ නැගිටීමේ ඉදිරිපෙළ අරක් ගෙන සිටිය හා.

 

ජන නැගිටීමේ තීව්‍රතාවයට අනුරූප ව හමුදාවේ හා පොලීසියේ මර්ධනය ක්‍රියාත්මක වූයේ හමුදාපති-ජනපතිගේ අණ පරිදි ය. දින ගණනාවක් පුරා ඇදී ගිය මේ ගැටුමේ එක්තරා අවධියක ජනතාව ද ආයුධ අතට ගත්තේ දහස් ගණනින් පැමිණි හමුදා හා පොලිස් බලඇණි  පළවා හැරුමට ය. අවසන සිදු වූයේ සමූල ඝාතනයකි. මරා දැමුණු ජනතාවගේ ගණන 700 සිට 2000 දක්වා බව විවිධ මූලාශ්‍ර පවසයි. අපගේ පුහුණුවේ සිටි තරුණියන් දෙදෙනාගේ එක් කෙනෙකුගේ පෙම්වතා ද මැරුම් කෑ අය අතර සිටි බව අපට පසු ව අනෙක් තරුණිය කීවා ය.   

squidgame unit 103 1076 1632761726.0

 

මීට වසරකට පමණ පෙර නෙට්ෆ්ලික්සයේ වඩා ම නැරැඹු චිත්‍රපටමාලාව ලෙස ශ්‍රේණිගත වූයේ කොරියානු නිෂ්පාදනයක් වූ 'ස්කුයිඩ් ගේම්ස්' ය. ස්කුයිඩ් යනු දැල්ලන් ය. කොරියානු අර්ථයෙන් ස්කුයිඩ් ගේම්ස් නමින් ළමුන්ගේ ක්‍රීඩාවක් ඇත. ඒ ඇසුරින් කතාව පෙළගැසෙන්නේ සමකාලීන කොරියාවේ ආර්ථික පීඩනයෙන් මිරිකුණු ණය බරිත ගැහැණුන් හා මිනිසුන් 456ක් තම ජීවිතය පරදුවට තබා ස්කුයිඩ් සෙල්ලමට බැසීම ය. සෙල්ලමෙන් පරදෙන්නන්ට හිමිවන ලෙල්ලම වන්නේ මරණය ය. වට කිහිපයකින් පැවැත්වෙන මේ සෙල්ලමේ සාරය වන්නේ  අනෙකා පරයා තමා නැගී පැවතීම ය. සෙල්ලම අවසානයේ කොරියානු වොන් බිලියන් 35ක් හෙවත් අමෙරිකානු ඩොලර් 35ක් හිමිවන්නේ එක අයෙකුට පමණි. ඒ වන විට සෙසු ක්‍රීඩක 455ක් සෙල්ලමෙන් පමණක් නොව ජීවිතයෙන් ද පැරැදී මිය පරලොව ගොස් අවසන් ය.

 

parasite

සමකාලීන කොරියානු සමාජාර්ථිකයේ නග්න ස්වරූපය සංකේතීය ව ඉදිරිපත් කරන මේ ප්‍රබල නාටක මාලාව දෙවැනි වන්නේ එවැනි ම ප්‍රබල කතා වස්තුවක් මත නිර්මාණය වූ, 2020 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස අභිෂේක ලද 'පැරසයිට්' ට පමණි.        

මිලින්ද අලුත් පොත ලෑස්තියි! - එලිදැක්වීම 30 සිකුරාදා

 

මගේ සිතේ ඇඳී ඇති මේ අඳුරු කොරියානු සේයා අකා මකා දමා දෑස නිලංකාර කර කොරියාව වෙසක් තොරණක් සේ නැගුණේ නාරාහේන්පිට පැත්තට මා සතියකට දෙකකට පමණ පෙර යන විට ය. ඒ මා හිතවත් මිතුරන් දෙදෙනෙකු දකුණු කොරියාවේ අසිරිමත් ආර්ථික අන්දරය ගැන පුස්ථිකාවක් පළ කර එය දියත් කෙරුමට පැවත් වූ උත්සව සභාව නිසා ය. මිලින්ද රාජපක්ෂ හා චානුක වත්තේගම දෙපල විසින් රචිත 'දරිද්‍රතාවයේ සිට සම්සුන් දක්වා : කොරියාවේ සංවර්ධන මොඩලය ගැන  විමසුමක්' නම් එක හුස්මට කියවා දැමිය හැකි පුස්ථිකාව අප විවෘත මනසකින් කියවිය යුතු යී මම සිතමි. ඉන් හඟින්ණේ කොරියාව ෂෝට්-කට් දියුණුවේ වට්ටෝරුවක් ලෙස ජප කිරීම නොවේ. විචාරශීලී ව එහි අන්තර්ගතය සාකච්චාවට ගැනුම ය. ආගිය තැන් වැරදී හොට ඇණී ඉන්නා රටකට කොරියාවෙන් නොව මැඩගස්කරයෙන් වුව ද යම් අනුප්‍රාණයක් ගත හැකි නම් අගනේ ය.          


දැන් ලුනාව ද වෙනස් ය. ඇඩ්ලින් විතාරණට හදි කළ තානායම දැන් එතැන නැත. තානායම කඩා දමා ඒ ඉඩමේ පහල මධ්‍යම පාන්තික මහල් නිවාස පෙළක් වීරවංශික සමයේ ඉදි කර ඇත. ලුනාවේ පාලම යට තව දුරටත් කොරියාවක් නැත. එහි සිටි මුල් කාලීන කොරියානුවාසීන්ට වන්දි ලබා දී වෙන පෙදෙස්වලට සංක්‍රමණය වන්නට එවකට පැවැති ආණ්ඩුව ඉඩ හසර ලබා දී ඇත්තේ පාලමෙන් එපිට ජොගිං පාතයක් සැදුමට ය.

 

දැන් ලුනාවේ පරණ කොරියාව පහ කර ඇති අතර ලංකාවේ නව කොරියාවක් ඉදි වීමට ඉඩ ඇත්තේ අපගේ මිතුරු ද්වයගේ පොත පළ වීම නිසා ම නොව ග්වන්ජුම ය තත්ත්වයන් මෙරටේ ද මතු වෙමින් පවතින නිසා ය.



සම්මානෙන් සම්මානය උතුම් සම්මානය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

new logo

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...