මට පෙන්වූයේ මගේ අදහස් විමසමිනි. මම ඇය පැසසුවෙමි.
ඉන්පසු ඇගේ පාසලේ පසුගිය බ්‍රහස්පතින්දා උදේ නමයයි කාලට පාසැල ඉදිරිපිට පිට්ටනියේ සියළුම ළමුන් එක්වී සාමය සඳහා ගීත ගයන බව ඇය පැවසීය.
අම්මා සමග එක්වී යුද්ධයෙන් අනාථ වූ දරුවන්ට ආධාර කිරීමට කේක් එකක් හදා ගෙන එන ලෙසත් ගුරුවරු ඇයට දැනුම් දී තිබුණි. ඒ වාගේම දෙමාපියන්ට කැමතිනම් ළමයින්ගේ එම ගීත ගායනා වලට ඇහුම් කම් දීමටත් ඒවාට සහාය දීමටත් එන ලෙස ආරාධනා කර තිබුණි.
මම මගේ බිරිඳත් සමග එම ගායනා නැරඹීමට ගියෙමි. ඔවුහු එක්ව “All we are saying is, give peace a chance” සහ තවත් එවැනි සාමය සඳහා වන ජර්මන් ගීත ගායනා කළෝය.
කිසියම්ම යුද්ධයක් සාධාරණීකරණය කිරීමට කිසිවෙකුට නොහැකි බව මේ වන විට දියුණු වූ ලෝකය තම වසර සිය ගණන් වල අත්දැකීම් වලින් වටහා ගෙන ඇතිබව නොඅනුමානය.
යුද්ධයක් සිදු වන විට එහි පාක්ෂිකයින් විවිධ ආකාරයෙන් තමාගේ පැත්ත සාධාරණීකරණය කිරීමට කරුණු ඉදිරිපත් කරයි. නමුත් සෑම යුද්ධයකම පරාජිතයා වන්නේ එම රටවල ජනතාවයි.

රටක අභ්‍යන්තර යුද්ධයක් ඇති වන්නේ නම් එයට විවිධ සමාජ දේශපාලන හේතූන් බලපා තිබිය හැක. නමුත් එවැනි තත්වයකදී එම ප්‍රශ්න හැකි ඉහළම ආකාරයකින් සාකච්ඡා කර යුද්ධයක් වළකා ගනිමින් විසඳා ගැනීමට උත්සාහ කිරීම ඉතාම වැදගත්ය.
යුද්ධය යනු විනාශ කිරීමකි. විනාශයේදී මිනිස් ජීවිත දේපල විනාශ වේ. එය යුද්ධයට සහභාගී වන දෙපාර්ශවයටම පොදු ය. යුද්ධය වේදනාව සහ දුක උපදවයි. වේදනාව එම ජනතාවන් දරා ගත යුතු වේ. යුද්ධයෙන් ඇතිවන කැලැල් මකා ගැනීම ලෙහෙසි නැත.

යුද්ධයට හේතු වූ ප්‍රශ්න තාමත් එසේම පවතී. යුද්ධයේදී ඇතිවූ ප්‍රශ්න ඒවා දෙගුණ කරයි. අද අපට යුද්ධය ඇති වීමට හේතු කාරණාවන් වලට විසදුම් සොයනවා මෙන් ම යුද්ධයේදී ඇතිවූ යුධ කැළල් වලට තුවාල වලට ප්‍රතිකාර කිරීමටත් සිදුවී ඇත.
යම් රටක් තවත් රටක් ආක්‍රමණය කරයි නම් එය පැහැදිලිවම ඉතාම කෲර නින්දිත ක්‍රියාවකි. නවීන ලෝකය තුළ රටක් තවත් රටක් විශේෂයෙන්ම බලවත් රටක් කුඩා රටක් ආක්‍රමණය කරයි නම් තමාගේ බල ශක්තිය පෙන්වමින් ක්‍රියාකරයි නම් එය විසිඑක් වෙනි සියවසේ තත්ත්වයන්ට නොගැලපේ.
එමෙන්ම එවැනි ආක්‍රමණයන්ට එරෙහි වීමට ලෝකය එක්සත් විය යුතුය. එසේ රටක් තවත් රටක් ආක්‍රමණය කරන්නේ නම් එය තුළින් පෙන්නුම් කරන්නේ ඔවුන් තාමත් ජීවත් වන්නේ දහනමවන සියවසේ අග හෝ විසි වන සියවසේ මුල් භාගයේ බවයි.
අද ලෝකය එයින් සියවසක් එපිටට ගමන් කර ඇති බව එවැනි ආක්‍රමණිකයින්ගේ බල තන්හාවෙන් ඔද්දල්ව ගිය මනස් වලට නොවැටහීම විශාල ඛේදවාචකයකි.

සියලු ආගම්හි කුඩා සුලුතරයක් අනෙකා කෙරෙහි දයාව සහ ප්‍රේමය ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළ යුතුය. එසේම යම් යම් නූතන දර්ශනවාදයන් විසින්ද දර්ශනවාදයන්ද අනෝන්‍ය ගරුත්වය සහ සමානාත්මතාවය මත පදනම් වූ සමාජ පැවැත්මක් යෝජනා කරයි.
නමුත් ලංකා සමාජයේ මුල්බැස ගෙන ඇත්තේ සහකම්පනයට සහමුලින්ම පටහැනි අනෙකා පිටුදැකීමේ සමාජ සංස්කෘතික සහ දේශපාලන පැවැත්මකි.
එනිසා කුඩා කාලයේ සිටම දරුවාගේ මනසට අනෙකාගේ වේදනාව පිළිබඳ සංවේදී බවක් ඇති කරන එතුළින් සහකම්පනය ඔවුන් තුළ ඇති කිරීම අපට අත්‍යවශ්‍ය බව මගේ වැටහීමයි.
යුද්ධයෙන් අනාථ මිනිසුන් වෙනුවෙන් කුඩා කලම සංවේදී බවක් ඇති වීම තුළම යුද්ධයෙන් කරන විනාශයත් දළ වශයෙන් වටහා ගැනීමත් දරුවාගේ මනසට ඇති වේ. දීර්ඝකාලීනව සමාජයක දියුනුවට මෙම සංවේදී මානසික වර්ධනය හේතු වන බව පැහැදිලිය.
ලෝකය පවතින වෛරකාරීවීම් වලින් එපිටට ගෙන ගොස් මානුෂීය තත්වයක් සැමට ලඟාකර ගැනීම හැකි වන්නේ එවැනි සංවේදී මිනිසුන් සමාජයන් තුළ ගොඩ නගනවා නම් පමණි.

මෙහි අවසානයට මම ඔබ වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි. විශාල ශක්තියක් ඇති රටක් වන රුසියාව තම අසල්වැසි රටක් වන යුක්රේනය ආක්‍රමණය කර ඇත.
දැන් මෙහි සිදුවන්නේ බලවතකු තම ශක්තිය පෙන්වා අසල්වැසි කුඩා රටක් ආක්‍රමණය කිරීම එනම් තම ආධිපත්‍යයට නතු කර ගැනීමයි.
මේ ප්‍රශ්ණයට ඔබ දෙන පිළිතුර පදනම් වන්නේ සහකම්පනය මතය.
(රංජිත් හේනායකආරච්චි)සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
lranjith@hotmail.de
ලේඛකයාගේ සබැඳි ලිපි :
යුක්‍රේන ආක්‍රමණය: බොරුව ආක්‍රමනිකයාගේ පෙර ගමන්කරුවාය - (රංජිත් හේනායක ආරච්චි)
පූටින්ගේ යුද්ධය, යුක්රේනයේ ස්වාධිපත්‍යය සහ ලෝක යුද්ධයක අනතුර - රංජිත් හේනායක ආරච්චි




