The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යළි කැඳවන හැට පිරුණු රාජ්‍යතාන්ත්‍රිකයන් වෙනුවට 'අසූ වියැති තරුණයින්' තානාපති සේවයට

T

The Leader Desk

September 10, 2020 • 11:02 AM

 යළි කැඳවන හැට පිරුණු රාජ්‍යතාන්ත්‍රිකයන් වෙනුවට 'අසූ වියැති තරුණයින්' තානාපති සේවයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදේශ දූත සේවාවන්හි යෙදී සිටියදී වයස හැට සම්පූර්ණ වූ රාජ්‍යතාන්ත්‍රිකයන් සියලු දෙනා යළි සියරට කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කොට තිබේ.
  • ප්‍රංශයේ තානාපති පදවියට නම්කරනු ලැබ සිටින මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම 62 හැවිරිදිය.
  • පාකිස්තානයේ මහ කොමසාරිස් ලෙස නම්කර ඇති රියාද් අද්මිරාල් මොහාන් විජේවික්‍රමගේ වයස අවුරුදු 67 වන අතර බංග්ලාදේශයේ මහ කොමසාරිස්වරිය ලෙස නම් කර ඇති මහාචාර්ය සුදර්මා සෙනවිරත්නගේ වයස අවුරුදු 71කි.
  • එසේම, රුසියාවේ තානාපති ලෙස නම් කර සිටින මහාචාර්ය එම්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව දැනට නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය වන ක්ෂේණුකා සෙනෙවිරත්න, නෙදර්ලන්තයේ තානාපති සුමිත් නාකන්දල, කැනඩාවේ තානාපති අශෝක ගිරිහාගම, ඊජිප්තුවේ තානාපතිනි දමයන්ති රාජපක්ෂ ඇතුළු පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ළඟදීම සේවය හමාර කොට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සියරට කැඳවනු ලබන රාජ්‍යතාන්ත්‍රිකයන් වෙනුවට සහ මෑතදී පුරප්පාඩු වූ තනතුරු වෙනුවෙන්, සිය ‘සෞභාග්‍යයේ උදාව’ වැඩසටහන යටතේ, නව යොවුන් වියේ තානාපතිවරුන් පත්කිරීමට ජනපති ගෝඨාභය ක්‍රියාකරමින් සිටියි.

''සියරට කැඳවනු ලබන රාජ්‍යතාන්ත්‍රිකයන් වෙනුවට සහ මෑතදී පුරප්පාඩු වූ තනතුරු වෙනුවෙන්, සිය ‘සෞභාග්‍යයේ උදාව’ වැඩසටහන යටතේ, නව යොවුන් වියේ තානාපතිවරුන් පත්කිරීමට ජනපති ගෝඨාභය ක්‍රියාකරමින් සිටියි.''

ඒ අනුව දැනටමත් බුරුමයේ තානාපති වශයෙන් පත්කර තිබෙන මහාචාර්ය නලින් ද සිල්වා ගේ වයස අවුරුදු 75 කි.
මාලදිවයිනේ තානාපති රෝහණ බැද්දගේ අසූ හැවිරිදි විය ඉක්මවා සිටී.

ප්‍රංශයේ තානාපති පදවියට නම්කරනු ලැබ සිටින මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම 62 හැවිරිදිය.

පාකිස්තානයේ මහ කොමසාරිස් ලෙස නම්කර ඇති රියාද් අද්මිරාල් මොහාන් විජේවික්‍රමගේ වයස අවුරුදු 67 වන අතර බංග්ලාදේශයේ මහ කොමසාරිස්වරිය ලෙස නම් කර ඇති මහාචාර්ය සුදර්මා සෙනවිරත්නගේ වයස අවුරුදු 71කි.
එසේම, රුසියාවේ තානාපති ලෙස නම් කර සිටින මහාචාර්ය එම්. ඩී. ලමාවංශ ගේ වයස අවුරුදු 61ක් වන අතර නොර්වේ තානාපති ලෙස නම් කර සිටින ගෝඩ්ප්‍රි කුරේ (Godfrey Cooray) ගේ වයස අවුරුදු 60කි.

හිටපු විදේශ ලේකම් ආචාර්ය පාලිත කොහොන චීනයේ තානාපති පදවියට නම්කරනු ලැබ සිටී. ඔහු ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ තානාපති සේවයෙන් විශ්‍රාම ලැබූ 'තරුණ' නිලධාරියෙකි.  
 
ජපානයේ අලුත් තානාපති ලෙස නම්කර ඇති විශ්‍රමාල් සංජීව් ගුණසේකර කැලිෆෝනියාවේ රෙඩොන්ඩෝ බීච් අසල දේපල වෙළඳාම් නියෝජිතයෙකි. වාර්තාවන අන්දමට මොහු ඇමරිකන් පුරවැසියෙකි. 
 
අලුත් තානාපතිවරුන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කරන්න පුවත්පත් දැන්වීමක්

මොවුන් එම තනතුරු වලට යෝග්‍යද යන්න පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් ඊයේ  (09) පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධ කර තිබේ. 

උසස් නිලතල පිළිබඳ කාරක සභාව මගින් රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සංස්ථාවල තනතුරු සඳහා පත් කෙරෙන හෝ නම් කෙරෙන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීමට පවතින නීති විධාන ප්‍රකාරව මෙම දැන්වීම පළ කර ඇති අතර ඒවාට ඔවුන් සුදුසුද නැද්ද යන්න මහජනතාවට තීන්දු කර දැනුම් දෙන්නැයිද එම දැන්වීම මගින් ඉල්ලා ඇත.
 
(උකුස්සා)
 

0d86b54e 10918 P 7 mr

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...