BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

UNP ජනාධිපති අපේක්ෂක: මංගල ඇයි කලබල? - ධම්මික පෙරේරා විමසයි

T

The Leader Desk

June 2, 2019 • 4:47 AM

UNP ජනාධිපති අපේක්ෂක: මංගල ඇයි කලබල? - ධම්මික පෙරේරා විමසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර මහතා
  • ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව පළමු වරට අනාවරණය කලේද 'ලංකා නිව්ස් වෙබ්' පුවත් වෙබ් අඩවියයි.
  • ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු සහිත ලිපියක් 'නිව්ස් ටියුබ්' හි පළවූ අතර පසුව සමාජ මාධ්‍යයන්හි එය ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.
  • මංගලගේ උත්තරය මෙන්න   මංගල සමරවීර අමාත්‍යවරයා ITN රුපවාහිනියේ කළ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන ධම්මික පෙරේරා මහතා, "මම ඉම්පොර්ටඩ් බඩුවක් නෙවෙයි හොඳ හෝම් ග්‍රෝන්" බඩුවක් යයි අවධාරණය කර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

හා ඇතැම් දේශපාලනඥයින් කලබලයට පත්ව ඇත්තේ ඇයි දැයි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විමසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් 'ඉම්පොර්ටඩ් බඩු' ඉදිරිපත් කිරීමට ඉඩක් නොදෙන බවට පසුගිය බ්‍රහස්පතින්දා ITN රූපවාහිනියේ "සංවාදය" වැඩසටහනේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා එම විමසීම කර ඇත්තේ 'ලංකා නිව්ස් වෙබ්' අඩවියට ප්‍රකාශයක් දෙමිනි.

ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව පළමු වරට අනාවරණය කලේද 'ලංකා නිව්ස් වෙබ්' පුවත් වෙබ් අඩවියයි.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු සහිත ලිපියක් 'නිව්ස් ටියුබ්' හි පළවූ අතර පසුව සමාජ මාධ්‍යයන්හි එය ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.

ධම්මික ලංකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔයා : රනිල්, දිනේෂ්, ධම්මික රහස් හමුවක් !
 
UNP පොදු අපෙක්ෂකය ධම්මික ද? මංගලගේ උත්තරය මෙන්න

 

මංගල සමරවීර අමාත්‍යවරයා ITN රුපවාහිනියේ කළ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන ධම්මික පෙරේරා මහතා, "මම ඉම්පොර්ටඩ් බඩුවක් නෙවෙයි හොඳ හෝම් ග්‍රෝන්" බඩුවක් යයි අවධාරණය කර සිටියි.

මංගල සමරවීර අමාත්‍යවරයා පවසන ආකාරයට තමන්ගේ ඉම්පොර්ටඩ් කෑල්ල කුමක්ද යන්න ඔහු පෙරළා ප්‍රශ්න කරයි.

 

ලංකා නිව්ස් වෙබ් වාර්තාව :

ධම්මික පෙරේරාගේ ප්‍රතිචාරය 'ලංකා නිව්ස් වෙබ්' අඩවියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

තමන්, රටට අගමැතිවරුන් බිහි කළ පස්දුන් කෝරළයේ හොරණින් උපන් දේශීය පුත්‍රයෙකු වන අතර හොරණ තක්ෂිලාවෙන් අධ්‍යාපනය ලබා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාව හැදෑරු පුද්ගලයෙක් බව ධම්මික පෙරේරා මහතා සිහිපත් කරයි.

තමන්ගේ ලෝකල් බව මංගල සමරවීර අමාත්‍යවරයාට ප්‍රශ්නයක් වුවද ඔහුගේ ලෝකල්, ඉම්පොර්ටඩ් බව විමසීමට තමන් පෙළෙඹෙන්නේ නැති බවද ඔහු කියා සිටියි.

 

ලලිත් ඇතුලත්මුදලිගෙන් නියත විවරණ :

අද එක්සත් ජාතික පක්ෂයට තමන් සම්බන්ධයෙන් භීතියක් හට ගෙන ඇති බව පවසන ධම්මික පෙරේරා මහතා පෙන්වාදෙන්නේ තමන්ගේ හැකියාව නිවැරදිව හඳුනාගැනීමට හැකි වූ දේශපාලඥයා ලලිත් ඇතුළත්මුදලි මහතා බවයි. ලලිත් ඇතුලත්මුදලි මහතා සිය රූපවාහිනී යන්ත්‍රය අලුත්වැඩියා කරගැනීම සිදුකළේ තමන්ට අයත් ටයිටෝ සමාගමෙන් බව ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

තමන්ගේ හැකියාවන් දැන හඳුනා ගැනීමෙන් පසු ලලිත් ඇතුලත්මුදලි මහතා තමන් සමඟ පැය ගණන් කතාකරමින් සිටි බවද එම ඉතිහාසය නොදන්නා අය දැනගත යුතු බවයි ඔහු කියාසිටින්නේ.

කෙසේවෙතත් මේ වන විට තමන් සම්බන්ධයෙන් එජාපයට මෙතරම් භීතිකාවක් හටගෙන ඇත්තේ ඇයිද යන්න ප්‍රශ්නයක් පවතින බව ඔහු පවසයි.

"2020 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් විදිහට මගේ නම කියවෙනවා. නොයෙක් කතා මාධ්‍ය මඟින් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. නමුත් මම තවම ඒ ගැන මොනවත් කියලා නැහැ. මම කොතනකවත් කියලා නැහැ මම තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා. එහෙම තත්ත්වෙක ඇයි මේ යූඑන්පී ය කලබල වෙලා....

 

''මේ රටේ දේශපාලකයෝ වැඩ දන්නේ නැහැ''

මේ අතර තමන් කිසිවෙකුට හෝ මඩ ගසමින් අනවශ්‍ය කතා කියමින් හැසිරෙන තැනැත්තෙක් නොවන අතර තමන් වටා සිටින අයට හෝ එවැනි අවසරයක් නොමැති බව ඔහු අවධාරණය කරයි.

"මට කාටවත් මඩගහන්න අවශ්‍ය නැහැ. මේ රටේ දේශපාලකයෝ දන්නේ මඩ ගහන්න. වැඩ කරන හැටි ඔවුන් දන්නේ නැති තරම්. ධම්මික පෙරේරා කියන්නේ දැනුමෙන් වැඩකරන කෙනෙක්. මම හැප්පෙන්නේ දැනුම එක්ක."

ඒ අනුව ඕනෑම අවස්ථාවක් ඕනෑම ආකාරයේ විද්වතුන්, මහාචාර්යවරුන් සමඟ දැනුම බෙදා ගැනීමට සූදානම් බවද හෙතෙම සඳහන් කරයි.

දැනුමෙන් සහ හැකියාවෙන් මේ වන විට තමන්ට අවශ්‍ය දේ කර අවසන් අතර දැන් අවශ්‍ය වන්නේ රටට යමක් කිරීමට බව ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.''

 

සබැඳි පුවත් :

එජාප අපේක්ෂකයා ධම්මික ද ? : ඇත්ත-නැත්ත මංගල කියයි (වීඩියෝ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...