The Leader News
BREAKING
Top Ad
පුවත්

UNP සහ SJB දොර ඇරගෙන බලා සිටී !

T

The Leader Desk

July 19, 2021 • 5:44 PM

UNP සහ SJB දොර ඇරගෙන බලා සිටී !  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පක්ෂයෙන් පක්ෂයට සාමාජිකයන් මාරු වීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ පක්ෂ දෙකක්ම තමන්ගේ දොරටු විවෘත කරගෙන ඉන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ.
  •   එජාපය හැර ගිය කිසිවකුටත් පක්ෂයේ දොර වසා නැති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසා තිබුණි.
  •   ඊට ප්‍රතිචාර දක්වන සජබ නායකක්, ඔවුන්ගේ පක්ෂයේ දොරද එජාප සාමාජිකයන් වෙනුවෙන් විවෘතව පවතින බව පවසමින් ඊට කොන්දේසියක්ද පනවා තිබුණි.
  •   “දුෂණයෙන් කිලිටි වී නැති සහ/හෝ බැඳුම්කර මගඩියේ කොටස්කරුවකු වී නැති ඕනෑම එජාප සාමාජිකයකුට සජබ දොරවල් ඇරී තිබේ,” යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමාජ සංවර්ධන ලේකම් සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික රෙහාන් ජයවික්‍රම ට්වීට් කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයත්, රනිල් වික්‍රමසිංහ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වී සිටින එක්සත් ජාතික පක්ෂයත් එසේ බලා ඉන්නා පක්ෂ දෙකයි.
 
එජාපය හැර ගිය කිසිවකුටත් පක්ෂයේ දොර වසා නැති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසා තිබුණි.
 
“සජබේ ඉන්න වැඩි දෙනෙක් අපේ යාළුවන් සහ හිටපු UNP මන්ත්‍රීවරුන්යැ,” යි හිටපු අමාත්‍ය විජේවර්ධන සති අන්තයේ මාධ්‍යවේදීන් අමතා කොළඹ ජානකි හෝටලයේ පැවති රැස්වීමකදී පවසා තිබුණි.
 
ඊට ප්‍රතිචාර දක්වන සජබ නායකක්, ඔවුන්ගේ පක්ෂයේ දොරද එජාප සාමාජිකයන් වෙනුවෙන් විවෘතව පවතින බව පවසමින් ඊට කොන්දේසියක්ද පනවා තිබුණි.
 
“දුෂණයෙන් කිලිටි වී නැති සහ/හෝ බැඳුම්කර මගඩියේ කොටස්කරුවකු වී නැති ඕනෑම එජාප සාමාජිකයකුට සජබ දොරවල් ඇරී තිබේ,” යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමාජ සංවර්ධන ලේකම් සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික රෙහාන් ජයවික්‍රම ට්වීට් කර තිබුණි.
 
පක්ෂ මාරුව නිසා ඔහුට එජාපයෙන් තරඟ වැදී දිනාගත් වැලිගම නගරාධිපති ධුරය අහිමි විය.
 
වෙනත් පක්ෂවල සාමාජිකයන්ට දොරටු විවෘත වී ඇතිද යන්න හෝ, එසේ ඇර ඇති දොරවල්වලින් පිටව යාමේ හැකියාව ගැන හෝ පක්ෂ දෙකම කිසිත් කියා නැත.
 
Screenshot 2021 07 19 at 23.00.11
 
 

 
THE LEADER TV 
 
 
 ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ දැනුම්දීමක් ! 
 

 
 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?
  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...