BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විශේෂාංග

UNPය රාජපක්ෂලාට ගියා ද? රාජපක්ෂලා UNPයට ගියා ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

T

The Leader Desk

September 13, 2026 • 11:07 AM

UNPය රාජපක්ෂලාට ගියා ද? රාජපක්ෂලා UNPයට ගියා ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩී.ඒ. එක්සත් ජාතික පක්ෂයේ ආරම්භකයෙක්ද? නැතහොත් ඩාර්ලි පාරටත් අමතක වූ ඩී.ඒ.ට සිරිකොතින් හදිසි ප්‍රේමයක් පහළ වීමේ දේශපාලන රහස කුමක්ද?
  • ඔහු දේශපාලනයට එන්නේ 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට මොරවක ආසනයෙන් තරග කරපු කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්.ඒ.
  • 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඩී.එම්.
  • පෙරේරා, මහජන එක්සත් පෙරමුණේ පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධනලා සමගය.
අකුරු ප්‍රමාණය (Font Size):


කුඹුරේ සිට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගිය ඩී.ඒ.ගේ දේශපාලන ඇත්ත සහ 'අංකල්ස් නෙපියුස් පාටි'ය 'යුනයිටඩ් නාමල්ස් පාටි'යක් කරගත් හැටි.




මහින්දගේ තාත්තා ඩී.ඒ. රාජපක්ෂ දේශපාලනයට එන්නේ ඔහුගේ අයියා වූ ඩී.එම්. රාජපක්ෂගේ මරණයෙන් පසුවය. ඩී.එම්. රාජපක්ෂ හොඳ වාමාංශිකයෙකි. ඔහු දේශපාලනයට එන්නේ 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට මොරවක ආසනයෙන් තරග කරපු කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ දිනවන්න වැඩ කරලාය. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඩී.එම්. රාජපක්ෂ තරග කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඔහු දේශපාලනය කළේ කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර වික්‍රමසිංහ, ලංකා සම සමාජ පක්ෂ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා, මහජන එක්සත් පෙරමුණේ පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධනලා සමගය.

1945 දී ඔහු හදිසියේ මියගිය විට ඔහුගේ මල්ලී ඩී.ඒ. රාජපක්ෂ දේශපාලනයට ආ හැටි ‘කුරහන් සාටකය’ පොතෙහි සඳහන් වන්නේ මෙසේය.

‘එක්දහස් නවසිය හතළිස් පහේ ඩී.එම්. රාජපක්ෂ මියගිය විට රාජ්‍ය මන්ත්‍රණ සභා අසුන හිස් විය. ගිරුවාපත්තුවේ මිනිස්සුන්ගේ ඇස් යොමුවූයේ මහින්දගේ තාත්තා වූ ඩී.ඒ. රාජපක්ෂ වෙතය. එහෙත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෑමට ඔහු මට බැහැ කීවේය. නාමයෝජනා අස්සන් කර අවසන් කරන දිනයේ ගිරුවාපත්තුවේ මහා පිරිසක් නාමයෝජනා පත්‍රයද රැගෙන ඩී.ඒ. රාජපක්ෂ සොයා කුඹුරට ගියේය. ‘මට මන්ත්‍රීකම්වලින් වැඩක් නැහැ…’ කුඹුරේ සිටම ඩී.ඒ. කීවේය. අන්තිමේදී ගිරුවාපත්තුවෙන් ආ මහ සෙනඟ කළ පෙරැත්ත නිසාම මහින්දගේ තාත්තා කුඹුරේ සිටම නාමයෝජනා පත්‍රය අස්සන් කළේය. ඩී.ඒ. රාජපක්ෂ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූයේ නිතරගයෙනි.

‘කුරහන් සාටකයේ කතාව’ – (පිටුව 60)

ඩී.ඒ. රාජපක්ෂ රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක දැනහඳුනා ගත්තේය. 1947 පාර්ලිමේන්තු මහ මැතිවරණය අලියා ලකුණින් තරග කරන්න ඩී.ඒ. රාජපක්ෂ එකඟ කරගත්තේ බණ්ඩාරනායකය. බණ්ඩාරනායක ඩී.ඒ. සොයා යනවිට ඔහු සිටියේ කුඹුරේය.

‘ඩී.ඒ. අපි අලියාගෙන් ඡන්දය ඉල්ලමු…’

බණ්ඩාරනායක කී විට ඩී.ඒ. කීවේ ඔහුට ඡන්ද කරන්න සල්ලි නැහැ කියාය. ඩී.ඒ.ට ඡන්ද කරන්න සල්ලි දෙන්න පොරොන්දු වූ බණ්ඩාරනායක ඩී.ඒ.ගේ නාමයෝජනාවට අස්සන් ගත්තේ බණ්ඩාරනායක ආ වාහනයේ බොනට්ටුව මත තියාගෙනය.

 

DA 34
කුඹුරේ සිට අලියා ලකුණට ආ ගමන සහ යූ.ඇන්.පී. ආරම්භක ලැයිස්තුව

‘එහෙනම් ඇයි රනිල් කියන්නේ ඩී.ඒ. යූ.ඇන්.පී.යේ ආරම්භක සාමාජිකයෙක් කියලා…?’

රනිල් එහෙම කියන්නේ කොහොමද කියලා දන්නේ නැත. හැබැයි පහත දැක්වෙන්නේ යූ.ඇන්.පී.යේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික ලැයිස්තුවය. මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තෝරා පත්කර ගනු ලැබුවේ 1948 සැප්තැම්බර් 11 සහිරා විද්‍යාලයේදීය.

1- ඩී.ඇස්. සේනානායක
2- එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක
3- සර් ජෝන් කොතලාවල
4- සර්.ඒ මහදේව
5- ටි.බී. ජයා
6- ඒ.ආර්.ඒ. රෂීක්
7- එච්.ඩබ්ලිව්. අමරසූරිය
8- ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර
9-ජස්ටින් කොතලාවල
10- ඩඩ්ලි සේනානායක
11-ජේ.ආර්. ජයවර්ධන
12-ඒ. රත්නායක
13-ඊ.ඒ. නුගවෙල
14-ඊ.ඒ.පී. විජේරත්න
15-ආචාර්ය එල්.ඒ. රාජපක්ෂ
16-දොස්තර වී.ආර්. ෂොක්මන්
17-එස්.ආර්. කනගනායගම්
18-සිරිල් ද සොයිසා
19-සුසන්ත ද ෆොන්සේකා
20-යූ.ඒ. ජයසුන්දර

මේ යූ.ඇන්.පී.යේ පළමු සම්මේලනයේදී තෝරාගත් කෘත්‍යාධිකාරී මණ්ඩලයය.

‘ඩී.ඒ. ආරම්භක සාමාජිකයෙක් නම් කොහොමද මන්ත්‍රීවරයෙකුත් වෙලා කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්වුණේ නැත්තේ…?’

එදින 50කගෙන් යුත් විධායක සභාවක්ද තෝරා පත්කර ගනු ලැබීය. එම විධායක සභාවේ පළමු වැන්නා එන්. ආටිගලය. අවසාන නම මුදලි ඩී.එස්. අබේරත්නය. ඒ නම් පනහේත් ඩී.ඒ.ගේ නම නැත.

හැබැයි 1951 අගෝස්තු 21 ශ්‍රීලනිප ආරම්භක රැස්වීම කැඳවන්නන්ගේ නම් ලැයිස්තුවේ ඩී.ඒ. රාජපක්ෂගේ නම ඇත.

‘ඒ කියන්නේ ඩී.ඒ., යූ.ඇන්.පී.කාරයෙක් නොවෙයිද?’

ඩී.ඒ., යූ.ඇන්.පී.කාරයෙක් නොවේ. ඩී.ඒ. සහ ඔහුගේ අයියා ඩී.එම්. රාජපක්ෂලා වාමාංශිකයන්ය. බණ්ඩාරනායක යූ.ඇන්.පී. ආණ්ඩුවේ ඉන්න බැරිව විපක්ෂයට යද්දී ඩී.ඒ., බණ්ඩාරනායකගේ පසුපස ආවේ ඔහුට යූ.ඇන්.පී.ය නුහුරු නුපුරුදු තැනක් නිසාය.

යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් ඉවත් වූ බණ්ඩාරනායක ශ්‍රීලනිපය නමින් අලුත් පක්ෂයක් පිහිටුවීම සඳහා 1951 සැප්තැම්බර් 02 ශ්‍රීලනිප ආරම්භක රැස්වීම කැඳවීය. එහි දැන්වීම 1951 අගෝස්තු 21 ලංකාවේ සියලු පුවත්පත්වල පළවිය. කැඳවන්නන්ගේ නම් පළවූයේ ඉංග්‍රීසි අකාරාදිය අනුවය. ඉංග්‍රීසි අකාරාදියට අනුව ඩී.ඒ. රාජපක්ෂගේ නම අංක 36 ලෙස සනිටුහන් විය.

ශ්‍රීලනිපය හැදූ ඩී.ඒ.ට බණ්ඩාරනායකලා කළ සැලකිලි

 

image002
ඩී.ඒ., ශ්‍රීලනිප ආරම්භක රැස්වීමේ පළමු සාමාජිකයෙක් විය. ඒත් 1956 මහ මැතිවරණය දිනලා බණ්ඩාරනායක අගමැති වූ පසු බණ්ඩාරනායක යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට යද්දී ඔහු පසුපස ආ ඩී.ඒ.ට කැබිනට් ඇමැතිකමක් දුන්නේ නැත. ඔහුට ලැබුණේ නියෝජ්‍ය ඇමැතිකමකි. ඒ, ඉඩම් සහ ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරයය. ඩී.ඒ.ට කැබිනට් ඇමැති ධුරයක් හිමිවුණේ බණ්ඩාරනායක ඝාතනය වීමෙන් පසු අගමැති වූ දහනායකගේ ආණ්ඩුවේය. දහනායක ඔහුව ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමැති ධුරයට පත්කළේය. 1960 මාර්තු මහ මැතිවරණයේදී ඔහු පරාජයට පත්විය.

1960 ජූලි මහ මැතිවරණය බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් දින්නත් මැතිනිය ආණ්ඩුව පිහිටුවා තම සැමියා ආණ්ඩුවෙන් විපක්ෂයට යන විට ඔහු පසුපස ආ ඩී.ඒ.ව කැබිනට් මණ්ඩලයට ගත්තේ නැත. ඔහුට අඩුම තරමේ නියෝජ්‍ය ඇමැති ධුරයක්වත් හිමි නොවීය. මැතිනිය 1960-65 ආණ්ඩුවේ ඔහුව පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභාපති ධුරයට පත්කොට පසුව නියෝජ්‍ය කතානායක ධුරයට පත් කළාය. ඩී.ඒ. 1965 මහ මැතිවරණය අවාසනාවන්ත ලෙස පරාජයට විය. මේ නිසාම ඔහු 1967 දී මියගියේය. ඩී.ඒ.ගෙන් හිස්වූ ආසන සංවිධායකකමට රාජපක්ෂ පවුලෙන් සාමාජිකයෙක් හොයන්න බණ්ඩාරනායක මැතිනිය තංගල්ලට ගියාය. ඇය ඩී.ඒ.ගේ බිරිඳ දන්දිනාගෙන් ඉල්ලා සිටියේ වැඩිමහල් පුත් චමල් රාජපක්ෂවය. ඒත් දන්දිනා චමල්ව දේශපාලනයට යවන්න බැහැ කීවාය. ඊට හේතුව ඔහු පොලිසියේ රැකියාවක් කිරීමය. පවුල බලාගන්නේ ඔහු නිසා ඔහුගේ රැකියාව ස්ථිර නොමැති දේශපාලනයට පරිත්‍යාග කරන්න බැහැ යැයි ඇය කීවාය.

‘ඕනෙ නම් දෙවැනි කොල්ලව දෙන්නම්…’ දන්දිනා කීවාය. දෙවැනි කොල්ලා මහින්ද රාජපක්ෂය.

මේ, ඩී.ඒ. රාජපක්ෂගේ කතාවය. ඩී.ඒ. රාජපක්ෂ හොඳ ශ්‍රී ලංකාකාරයෙක් වුණාට ඔහුට ශ්‍රීලනිපයේත් ලොකු තැනක් හිමි නොවීය. ඔහුගේ පුතා මහින්ද රටේ ජනාධිපති වී ශ්‍රීලනිප නායකයා වුවත් ඩී.ඒ.ගේ පිළිරුවක් ශ්‍රීලනිප මූලස්ථානය වූ ඩාර්ලි පාරේ තිබුණේ නැත. මහින්ද ඩී.ඒ.ගේ පිළිරුවක් හම්බන්තොට ඉදිකළේත් 2010ට පසුවය. හැබැයි මහින්ද කවදාවත් ශ්‍රීලනිප මූලස්ථානයේ ශ්‍රීලනිප සංවත්සරයට ඩී.ඒ.ගේ පිළිරුවක් තියා මල් මාලා පැලඳවූයේ නැත.

ඩාර්ලි පාරට නැති කැක්කුමක් සිරිකොතට ආවේ ඇයි?

ey45
‘ඉතින් ඩී.ඒ. ගැන ඩී.ඒ.ගේ පුතුන් වූ මහින්දට, ගෝඨාට, බැසිල්ට නැති ආදරයක් සිරිකොතේ රනිල්ට ආවේ කොහොමද..?’

‘ඩී.ඒ. ගැන ඩාර්ලි පාරට නැති ආදරයක් සිරිකොතට ආවේ කොහොමද..?’

‘එහෙනම් ඇයි රනිල්, නාමල්ව අගමැති කරලා ජනාධිපතිවරණයට නොගියේ?’

‘ඇයි ජනාධිපතිවරණයට නාමල්ව දාලා රනිල් ජනාධිපතිවරණයෙන් ඉවත් වුණේ නැත්තේ?’

ඒක අහන්න ඕනා රනිල්ගෙන්ය. බණ්ඩාරනායකලා රාජපක්ෂලා ඒ කාලේ යූ.ඇන්.පී.යට කීවේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියාය. ඉංග්‍රීසියෙන් කීවේ UNP කියන්නේ ‘අංකල්ස් නෙවියුස් පාටි’ කියාය. දැන් රනිල්ට යූ.ඇන්.පී.ය උන්ගේ නාමල්ගේ පක්ෂය නොහොත් ‘යුනයිටඩ් නාමල්ස් පාටි’ කියලා කියවගන්න ඕනෑද දන්නේ නැත.


(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews.lk


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...