The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ආදරය ගැන ටිකක් කතා කළත් Sex ගැන කතා කරන්නෙම නැහැ'

T

The Leader Desk

February 14, 2023 • 8:24 AM

'ආදරය ගැන ටිකක් කතා කළත් Sex ගැන කතා කරන්නෙම නැහැ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ.
  • ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලොව පැරණිතම වැලන්ටයින් පණිවුඩය (ක්‍රිස්තු පූර්ව 1477) වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතියි.
  • විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබේ.
  • අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බව පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):



කවුද මේ ශාන්ත වැලන්ටයින්?


ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ.

 

kjshteeeee

ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලොව පැරණිතම වැලන්ටයින් පණිවුඩය (ක්‍රිස්තු පූර්ව 1477)

 

වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතියි. වැලන්ටයින් සාන්තුවරයා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඒ අතුරින් ප්‍රසිද්ධ මතයකි.


විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබේ.

අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බව පැවසේ. ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේය.

සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය සමග පෙමින් වෙලුණි.

පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ ඔහු ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ "ඔබේ වැලන්ටයින් වෙතින්" යනුවෙනි.


“ආදරය ගැන ටිකක් කතා කළත් Sex ගැන දෙමව්පියෝ ගුරුවරු කතා කරන්නෙම නැහැ”

vaentien

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉරේෂා ලක්ෂ්මන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් කියා සිටියේ;
 “ආදරය කියලා කියන්නේ වඩා ගැඹුරින් තියෙන දෙයක්. ආධ්‍යාත්මික වශයෙන්. මිනිස්සු ආදරය කරන හැඟීමක් තමයි ආදරය කියන්නේ. අපි කවුරුත් ආදරය ලබන්න කැමතියි. වයස තරාතිරම වැනි කරුණු නොසලකා.”

“සමස්තයක් ලෙස සමාජය තුළ කවුරුත් අතර ඇති ආදර බැඳීම්, දෙමව්පියන් දරුවන්, ගුරුවරු සිසුන්, පාලකයින් සහ රටවැසියන් ලෙස ආදරයට සමාජය තුළ හිමිවෙලා තියෙන වැදගත්කම අඩුවෙලා තියෙනවා.” මහාචාර්යවරිය පෙන්වා දුන්නාය.

ඇය කියා සිටියේ “ඒ නිසා තරුණ තරුණියෝ වෙන තැන් වලින් නොලැබෙන ආදරයක් තරුණ ගැහැණු ළමයෙකු පිරිමි කෙනෙකුගෙන් ලබා ගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙකුගෙන් ඒක ලබා ගන්න තත්ත්වයට අපි පත්වෙලා තියෙනවා. සමාජය තුළ තියෙන ඒ අඩුව පුරවා ගැනීම සඳහා.”

මහාචාර්ය ඉරේෂා ලක්ෂ්මන් සඳහන් කළේ, දෙමව්පියන් හැටියටත්, පාසල් හැටියටත් සමාජය තුළ ඉතාම දරුණු විදිහට ආදරය සම්බන්ධයෙන් ඇත්තේ ගතානුගතික ආකල්පයක් බවය.

“ආදරය ගැන ටිකක් කතා කළත් Sex ගැන දෙමව්පියෝ ගුරුවරු කතා කරන්නෙම නැහැ. එතකොට මේක තරුණ තරුණියන්ට එක්ස්පෙරිමන්ට් කරන්න කේෂ්ත්‍රයක් බවට පත්කරලා තියෙනවා අපි. ඒක හෙළා දැකීම හෝ ඒ ගැන කතා කිරීම ප්‍රතික්ෂේප කිරීම හරහාම ඒකට පුදුමාකාර අවධානයක් අපි අද අරන් දීලා තියෙනවා. ඒක මං හිතන්නේ ලොකු ගැටලුවක්. වැඩිහිටි සමාජය හැටියට අපි මීට වඩා විවෘතව මේගැන කතා කරන්න ඕනේ. මේ ගැන අවබෝධය ඇති කරන්න ඕනේ. ඇත්තටම SEX සහ ආදරය කියන්නේ දෙකක් වුණාට ආදරයේ එක් පැති කඩක් තමා SEX කියන්නේ. Sex බිස්නස් එකක් කර ගත්ත අවස්ථාත් තියෙනවා. එතන ආදරයක් ඇත්තෙම නැතිවෙන්න පුළුවන්.” ඇය පෙන්වා දුන්නාය.

සමාජය තුළ මේ පිළිබඳ කතා කිරීමට ඇති තහංචි සහ කතා කිරීමට තියෙන අකමැත්ත නිසා කාන්තාවන්, තරුණියන්, නවයොවුන් තරුණියන් මේ කෙරෙහි වැඩිපුර තවත් යොමුවීමක් ඇති විය හැකි බව මහාචාර්යවරිය සඳහන් කළාය.

මෙම යොමුවීම තම වාසියට හරවා ගත් පිරිමි ද සිටිය හැකි බව ඇය පැවසුවාය. “ආදරය නිසා පිරිමි අපහසුතාවට පත්වන අවස්ථා නැහැ කියලා මම කියන්නේ නැහැ”

මහාචාර්ය ඉරේෂා ලක්ෂ්මන් පෙන්වා දුන්නේ “විරුද්ධ ලිංගිකයින්ට ආදරය කරන්න කලින් අපි සමාජයක් හැටියට කොයි කව්රු එක්කත් තියෙන අන්තර් ක්‍රියාව අපි බොහොම අවබෝධයෙන් අවධානයෙන් කරන ක්‍රියාවක් බවට පත් කර ගන්න ඕනේ.”

තරුණ තරුණියන්ට මේ ආදරය ලිංගිකත්වය කියන මාතෘක ගැන වැඩිහිටි සමාජය බොහොම නිදහසේ කතා කරන ඔවුන්ගේ අදහස්වලට සවන් දෙන පරිසරයක් අපි මේ සමාජය තුළ ගොඩනගා ගත යුතු බවද මහාචාර්යවරිය අවධාරණය කළාය.

valen 1

පෙම්වතුන්ගේ දිනයේ අපරාධයක වින්දිතයින් බවට පත් වෙන්න එපා..!


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසුවේ තරුණ තරුණියකට ආදරය කිරීමේ නිදහසට සහ පෙම්වතුන් වශයෙන් සිටීමට පොලිසියෙන් කිසිම බාධාවක් නොමැති බවය.

එහෙත් මෙරට බොහෝ තරුණ තරුණියෝ නිසි ආකාරයෙන් ආදරය තේරුම් නොගැනීම නිසා විවිධ ජාවාරම්කරුවන්ට හසුවන බව ඔහු සඳහන් කළේය.
“බොහෝ ජාවාරම්කරුවෝ තරුණ තරුණියෝ ගොදුරු කර ගන්න විවිධ උපක්‍රම සකස් කරනවා. ඒවට ගොඳුරු වන්න එපා.” ඔහු ඉල්ලා සිටියේය.

ඔහු සඳහන් කළේ “ඇතැම් පෙම්වතුන් ආදරය කියන එකට එහා ගිය අනවශ්‍ය ප්‍රශ්නයකට පැටලෙන මාවත් තෝරා ගෙන තිබෙනවා නොදැනුවත් කම නිසා.”
“අපරාධයක වින්දිතයින් බවට පත් වෙන්න එපා ආදරය කරන්න ගිහිල්ලා.”පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

එහි ප්‍රතිඵලය වන්නේ අපරාධයක වින්දිතයෙකු බවට පත්වීම සහ අපරාධකරුවෙකු බවට පත්වීම බවද ඔහු පැවසීය.

(BBC සිංහල සේවය)


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...