The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Vape/e-Cigarette භාවිතය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති නීතිමය පසුබිම ගැන ඔබ දන්නවා ද?

T

The Leader Desk

March 23, 2025 • 2:22 PM

Vape/e-Cigarette භාවිතය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති නීතිමය පසුබිම ගැන ඔබ දන්නවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ඊ සිගරැට් විවිධ වර්ගවලින් ඇති නමුත් බහුලව ම භාවිත වන වර්ගයන් වන්නේ, ඉලෙක්ට්‍රොනික නිකොටින් බෙදා හැරීමේ පද්ධතිය (Electronic Nicotine Delivery System - ENDS) සහ ඉලෙක්ට්‍රොනික නිකොටින් නොවන බෙදා හැරීමේ පද්ධතිය (Electronic Non-Nicotine Delivery System - ENNDS) යන වර්ග දෙක වේ.
  • Center for Disease Control and Prevention) අනුව, තරුණ පිරිස Vape භාවිත කර බැලීමට සුලභ හේතුවක් වී තිබෙන්නේ මිතුරෙකු vape භාවිත කිරීම හෝ vape ගැන ඇති කුතුහලය යි.
  • ඊට අමතරව, * සමාජ මාධ්‍ය ඔස්සේ වක්‍රාකාරව කෙරෙන ප්‍රචාරණය * විවිධ රසයන්ගෙන් ලබා ගැනීමට ඇති හැකියාව * නිකොටින්වලට ඇති ඇබ්බැහි වීම හේතු ද තරුණ පිරිස් අතර මේවා භාවිතයට පෙළඹවීමට හේතු වෙයි.
  • e-cigarette එහෙම නැත්නම් vape ඇතුළු දුම්කොළ නිෂ්පාදනවලට පිරිස් ඇබ්බැහි වන ප්‍රධානතම සාධකය වන්නේ නිකොටින් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ඊ සිගරැට් විවිධ වර්ගවලින් ඇති නමුත් බහුලව ම භාවිත වන වර්ගයන් වන්නේ, ඉලෙක්ට්‍රොනික නිකොටින් බෙදා හැරීමේ පද්ධතිය (Electronic Nicotine Delivery System - ENDS) සහ ඉලෙක්ට්‍රොනික නිකොටින් නොවන බෙදා හැරීමේ පද්ධතිය (Electronic Non-Nicotine Delivery System - ENNDS) යන වර්ග දෙක වේ.

මෙහිදී Vape උපකරණය තුළ අන්තර්ගත ද්‍රවය එසේත් නැතිනම් නැත්නම් e-liquid/e-juice මගින්, රත්වීම මගින් ආශ්වාස කළ හැකි වාෂ්පයක් නිපදවනු ලබයි.

 

e-liquid/e-juiceවල අන්තර්ගත වන්නේ මොනවා ද?


ඔබ භාවිත කරන Vape උපකරණය, ඉලෙක්ට්‍රොනික නිකොටින් බෙදා හැරීමේ පද්ධති (ENDS) යන වර්ගයට අයත් නම්, e-liquidහි සාමාන්‍යයෙන් නිකොටින්, ප්‍රොපිලීන් ග්ලයිකෝල්, එළවළු ග්ලිසරින් (Vegetable Glycerin) සහ රසකාරක (Flavorings) අඩංගු වෙයි.

ඉලෙක්ට්‍රොනික නිකොටින් නොවන බෙදා හැරීමේ පද්ධති (ENNDS) යන වර්ගයට අයත් උපකරණයක ප්‍රොපිලීන් ග්ලයිකෝල් (Propylene Glycol), එළවළු ග්ලිසරින් (Vegetable Glycerin), රසකාරක (Flavorings), ආසවනය කළ ජලය හෝ මධ්‍යසාර අඩංගු වෙයි.

බොහෝ තරුණ පිරිස් Vape පාවිච්චි කරන්නේ ඇයි?


yu78j
තරුණ පිරිස් Vape භාවිතයට යොමු වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ කෙරුණු පැහැදිලි පර්යේෂණ නොමැති වුවත්, ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට (U. S. Center for Disease Control and Prevention) අනුව, තරුණ පිරිස Vape භාවිත කර බැලීමට සුලභ හේතුවක් වී තිබෙන්නේ මිතුරෙකු vape භාවිත කිරීම හෝ vape ගැන ඇති කුතුහලය යි.

ඊට අමතරව,

* සමාජ මාධ්‍ය ඔස්සේ වක්‍රාකාරව කෙරෙන ප්‍රචාරණය

* විවිධ රසයන්ගෙන් ලබා ගැනීමට ඇති හැකියාව

* නිකොටින්වලට ඇති ඇබ්බැහි වීම

හේතු ද තරුණ පිරිස් අතර මේවා භාවිතයට පෙළඹවීමට හේතු වෙයි.

e-cigarette එහෙම නැත්නම් vape ඇතුළු දුම්කොළ නිෂ්පාදනවලට පිරිස් ඇබ්බැහි වන ප්‍රධානතම සාධකය වන්නේ නිකොටින් ය.

එවැනි නිෂ්පාදනයන් නැවත නැවත භාවිත කිරීමත් සමග, පුද්ගලයෙකුගේ මොළය නිකොටින් ලබා ගැනීමට පුරුදු වෙයි.

මෙලෙස පුරුදු වීමෙන්, එලෙස නිකොටින් ලබා ගැනීම තුළින් ඔවුන්ට යහපතක් එසේත් නැත්නම් සැහැල්ලුවක් දැනීම පිණිස නිකොටින් තමාට අවශ්‍ය බව වැනි අදහසක් ඔවුන් තුළ ඇතිවීමට හැකියාවක් ඇත.

මෙම හැඟීම, නිකොටින්වලට ඇබ්බැහි වීමේ එක් කොටසක් ලෙස පෙන්වා දිය හැකි ය.

බීබීසී සිංහල මෙම vape භාවිත කරන කිහිප දෙනෙකු අදහස් විමසීම සඳහා සම්බන්ධ කර ගත්තේ ය.

පසුගිය දිනවල වරින් වර දුම්වැටිවල මිල ඉහළ යාම සමග ශ්‍රී ලංකාවේ තරුණ පිරිස vape භාවිතයට බොහෝ සෙයින් යොමු වී ඇති බවත්, ඉහළ යන දුම්වැටි මිලට සාපේක්ෂව vape එකක් මිල දී ගෙන සැලකිය යුතු කාලයක් භාවිත කිරේම වඩාත් ලාභදායි බවක් හැඟෙන බවත් ඔවුහු බීබීසී සිංහල වෙත පැවසූහ.

ශ්‍රී ලංකාවේ Vape වෙළෙඳපොළ මොන වගේ ද?

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ අඩංගු e-cigarette විකිණීම, නිෂ්පාදනය කිරීම සහ ආනයනය කිරීම තහනම් වේ.

නමුත් භාවිතයට සහ ළඟ තබාගැනීමට එවැනි සීමාවක් නැත.

විකිණීම තහනම් කර තිබියදීත්, ශ්‍රී ලංකාවේ vape සඳහා විශාල වෙළෙඳපොළක් ඇතැයි, පසුගිය දිනක පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී (COPF), පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ප්‍රකාශ කළා ය.

ඒ අවස්ථාවේදී, vape සම්බන්ධයෙන් ඇති බදු පැනවීම් කුමනාකාරයේ ද යන්නත්, දැනට ඒ පිළිබඳ ඇති නීතිමය පසුබිම පිළිබඳවත්, සභා රැස්වීම අවසානයේ නිල නොවන ලෙස සාමාජිකයන් අතර සාකච්ඡාවට ලක් කර තිබිණි.


Vapeවලට ශ්‍රී ලංකාවේ ඇති නීති මොනවා ද?

2006 අංක 27 දරන, දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරිය පනතේ (NATA Act), 30 වන වගන්තියෙන් විෂය භාර අමාත්‍යවරයාට නිවේදන මගින් දුම්කොළ ප්‍රභේද සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමේ හැකියාව ඇත.

ඒ යටතේ දැනට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දුම්කොළ නොවන දුම්කොළ නිෂ්පාදන සම්බන්ධයෙන් 2016 අංක 01 නමින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.

ඒ යටතේ ලංකාවට දුම්කොළ අඩංගු e-cigarette ආනයනය, විකිණීම සහ විකිනීමට ඉදිරිපත් කිරීම නීති විරෝධී ය.

එනම්, දුම්කොළ එහි අඩංගු නම්, එම පනත යටතේ e-cigarette පාවිච්චිය ද වරදක් වේ.

lkjdrkt|  මූලාශ්‍රය: දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය

ශ්‍රී ලංකාවේ Vape නීති විරෝධී ද?

දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියට අනුව, e-cigarette එකක නිකොටින් අඩංගු නැති අවස්ථාවක එය රසකාරක පමණක් ඇතුළත් vape (flavoured) එකක් පමණක් නම් එය මේ යටතට නොගැනෙයි.

නමුත් ශ්‍රී ලංකා රේගුවට අනුව, ඔබ විදේශ රටක සිට පැමිණෙන විට තමන්ගේ පෞද්ගලික භාවිතයට vape එකක් රැගෙන එන්නේ නම් එය ඔබට රට තුළට රැගෙන ඒමට හැකියාව පවතියි.

නමුත්, ඔබ ව්‍යාපාරික අරමුණකින් රට තුළට vape රැගෙන එන්නේ නම්, ඒ සඳහා ආනයන පාලන බලපත්‍රයක් (Import Control License) අවශ්‍ය ය.

එවිට පෞද්ගලික භාවිතය වෙනුවන් ඔබ රැගෙන එන vape එකක නිකොටින් අඩංගු වූවත් නැතත් රට තුළට එය රැගෙන ඒමට බාධාවක් නොමැත.

කෙසේ නමුත්, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ රේගුව යන ආයතන දෙකෙහි vape/e-cigarette සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම සම්බන්ධයෙන් පරස්පරතාවක් ඇති බව නිරීක්ෂණය වේ.

එමෙන් ම වඩාත් සැලකිය යුතු කරුණ නම්, මෙම e-cigarette තුළ නිකොටින් හෝ වෙනත් නීතිවිරෝධී සංඝටකයක් අඩංගු ද යන්න පැහැදිලි ලෙස සනාථ කරගැනීමට කිසිදු විධිමත් ක්‍රමවේදයක්, කිසිදු ආයතනයකින් මේ වනතෙක් ඉදිරිපත් කර නැතිවීම ය.

Vape/e-Cigaretteවලට බදු මුදලක් අය කරාවි ද?

පසුගිය, රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීම (COPF) අවසානයේ සාමාජිකයන් අතර නිල නොවන ලෙස සිදුවූ කතාබහකදී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යෝජනා කර සිටියේ, "දැනටත් vapeවලට හැදුන වෙළෙඳපොළක් තිබෙන නිසා, ඒවා නීතිවිරෝධීව ගෙන්වා විකිණීමට වඩා ඒවා නීතිගත කර බදු මුදලක් අය කර රජයට අදායමක් ලැබෙන ලෙස, විධිමත් සැලසුමක් ඉදිරිපත් කල හැකි," බවට ය.

මෙය නිල නොවන ලෙස, සභා රැස්වීම අවසානයේ සාමාජිකයන් අතර ඇති වූ කතාබහක් පමණක් වන අතර, ඒ සම්බන්ධ කිසිදු යෝජනාවක් මේ මුදල් කමිටුවට ඉදිරිපත් වී නැති බවට, බීබීසී සිංහල කළ විමසීමකදී දැන ගැනීමට හැකිවිය.

|  BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Vape/e-Cigarette භාවිතය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති නීතිමය පසුබිම ගැන ඔබ දන්නවා ද? | The Leader