The Leader News
BREAKING
Top Ad
පුවත්

VAT ඉහල යාමෙන් පාසල් අධ්‍යාපනයටත් කණකොකා හඬන ලකුණු

T

The Leader Desk

January 3, 2024 • 3:12 PM

VAT ඉහල යාමෙන් පාසල් අධ්‍යාපනයටත් කණකොකා හඬන ලකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලපෑම නිසා රට තුළ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ අවදානම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් අනතුරු අඟවා තිබේ.
  • කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ජනවාරි 02 වැනි අගහරුවාදා අවධාරණය කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බදු බර නොපටවන ලෙස සෑම පාර්ශවයක්ම ඉල්ලීම් කළද රජය "හිතක් පපුවක් නොමැතිව" මෙම ක්‍රියා මාර්ගය ගත් බවයි.
  • මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ හා සේවා 97ක් සඳහා මෙම වැට් බදු ඉහළ නැංවීම අදාළ වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර ඇත.
  • පාසල් දරුවන් ලක්ෂ 11 වෙනුවෙන් එක් දරුවෙකුට රුපියල් 100 ක මුදලක් වෙන් කරමින් සිදු කරන පෝෂණ ව්‍යාපෘතිය වැට් බදු වැඩි කිරීම හරහා මුහුණ දෙන අභියෝගය සම්බන්ධයෙන්ද ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් මෙහිදී පැහැදිලි කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බලපෑම නිසා රට තුළ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ අවදානම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් අනතුරු අඟවා තිබේ.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ජනවාරි 02 වැනි අගහරුවාදා අවධාරණය කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බදු බර නොපටවන ලෙස සෑම පාර්ශවයක්ම ඉල්ලීම් කළද රජය "හිතක් පපුවක් නොමැතිව" මෙම ක්‍රියා මාර්ගය ගත් බවයි.

"මේ වෙන කොට පාසල් වෑන් රථ, ළමයි ප්‍රවාහනය කරන අය දැන් පැහැදිලිව ප්‍රකාශ කරලා තියනවා ඔවුන් පෙබරවාරි මාසයේ පාසල් ආරම්භ කරාම පාසල් වෑන් රථ ගාස්තුවත් වැඩි කරනවා කියලා."  

ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා වැඩි දුරටත් ප්‍රශ්න කළේ සියළු පාසල් උපකරණ සදහා වැට් බදු පැනවීම නිසා ජනතාව ජීවත් වන්නේ කෙසේද යන්නයි.


"දෙමව්පියන්ට ගෑස් එකේ ඉදන්ම ගන්න සියළුම උපකරණ වලට 18% ගානේ බදු ගහලා ළමයිගේ අධ්‍යාපනයේ ඉදන් සියළු දේට 18% ගානේ බදු ගහලා, සපත්තුවේ, මේස් එකේ ඉදන් බෑග් එක දක්වාත් බදු ගහලා ප්‍රවාහන ගාස්තුත් වැඩි කරාට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද ?"


රටේ දුගී දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කිරීම ආණ්ඩුවේ අරමුණ දැයි වෘත්තීය සමිති නායකයා එහිදී ප්‍රශ්න කළේය.
 
“ආණ්ඩුවට ඕනේ අධ්‍යාපන පද්ධතිය ගෙනියන්නද, එහෙම නැත්නම් මේ රටේ අධ්‍යාපනය අවාසිදායක මට්ටමේ පරිධියේ ජීවත් වෙන, හැකියාවක් නොමැති දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්නද?”
 
18% ක බදු බර

ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වැට් බදු සංශෝධනයට අනුව මෙතෙක් සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ නංවා තිබේ.
 
මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ හා සේවා 97ක් සඳහා මෙම වැට් බදු ඉහළ නැංවීම අදාළ වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර ඇත.
 
පාසල් දරුවන් ලක්ෂ 11 වෙනුවෙන් එක් දරුවෙකුට රුපියල් 100 ක මුදලක් වෙන් කරමින් සිදු කරන පෝෂණ ව්‍යාපෘතිය වැට් බදු වැඩි කිරීම හරහා මුහුණ දෙන අභියෝගය සම්බන්ධයෙන්ද ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් මෙහිදී පැහැදිලි කළේය. 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...