The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලිංගික අපරාධ ගැන victim blame කරන කාන්තාවෝ | Saroj Pathirana

T

The Leader Desk

November 19, 2025 • 5:55 AM

ලිංගික අපරාධ ගැන victim blame කරන කාන්තාවෝ | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "කෝච්චියේ හොඳටම සෙනග පිරිලා.
  • එකෙක් මට ඔරවල, "මොකද තමුසෙට වෙලා තියෙන්නේ' කියල මට බැන්නා." ඉහත ඡේද කිහිපය උපුටා ගත්තේ ප්‍රවාහනයේදී, මග තොටේදී, වැඩ පොලේදී ලිංගික අසහනකාරයින් ගෙන් ලංකාවේ කාන්තාව මුහුණ දෙන ලිංගික අතවර ගැන බීබීසී සිංහල සේවයට මම 2016 දී ලියපු ලිපියකින්.
  • පොදු ප්‍රවාහනයේ විතරක් නෙවෙයි, නීතිය රකින්න ඉන්න පොලිසියේ පොලිස් කාන්තාවෝත්, ආරක්ෂාව භාරව ඉන්න හමුදාවේ සෙබලියොත්, කාර්යාලවල, මාධ්‍ය ආයතනවල සේවිකාවොත්, විශ්වවිද්‍යාලවල ශිෂ්‍යාවොත්, මන්ත්‍රීවරියන් ඇතුළු සමාජයේ හැම ස්ථරයකම කාන්තාවෝ තවමත් නිරන්තරයෙන් ලිංගික අතවරවලට ලක්වෙනවා.
  • පැහැදිලිවම 2016 දිට වඩා අද තත්වය වෙනස්.
අකුරු ප්‍රමාණය (Font Size):


"කෝච්චියේ හොඳටම සෙනග පිරිලා. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අල්ලගන්න තැනක්වත් නෑ. මම මිනිස්සුන්ට තෙරපි තෙරපි හිටියේ. මම ඇඳගෙන හිටියේ ටිකක් කොට ගවුමක්. එකපාරට මට මගේ බඩට පහලින් මොකක්දෝ වෙනසක් දැනුන. අමාරුවෙන් අතගාල බලන කොට මිනිහෙක් මගේ ගවුමට උඩින් අතදාල අල්ලාගෙන ඉන්නවා."

දිනපතාම පානදුරේ සිට කොළඹ බලා රැකියාවට යන ඒ යුවතිය, දුම්රියේදී තමන්ට සිදුවූ අතවර හෙළි කළේ එළෙසිනි.

මේ තරුණිය පවසන පරිදි එය කිසිසේත්ම අහඹු සිදුවීමක් නොවේ.

 

busaiuweyr

"හැමදාම වගේ මොකක් හරි හිරිහැරයක්. එක දවසක් මම කෝච්චියේ අල්ලගන්න තැනක් නැතිව දෙපැත්තට විසිවෙනකොට මගේ දෙපැත්තේ හිටපු මිනිස්සු දෙන්නෙක් මගේ පියයුරු අල්ලනවා," ඇය පැවසුවේ දැඩි අසරණ ස්වරයකින්.

"මම උන්ගේ අත්වලට ගැහුවා. එකෙක් මට ඔරවල, "මොකද තමුසෙට වෙලා තියෙන්නේ' කියල මට බැන්නා."

ඉහත ඡේද කිහිපය උපුටා ගත්තේ ප්‍රවාහනයේදී, මග තොටේදී, වැඩ පොලේදී ලිංගික අසහනකාරයින් ගෙන් ලංකාවේ කාන්තාව මුහුණ දෙන ලිංගික අතවර ගැන බීබීසී සිංහල සේවයට මම 2016 දී ලියපු ලිපියකින්.

584330208 10161684986582155 4526404213416295407 n
අඩුම ගානේ සමාජ මාධ්‍ය ව්‍යාප්තවීමත් එක්ක දැන් බොහෝ දෙනා ඒ ගැන විවෘතව අදහස් දක්වනව වුණත් ඒ ලිපිය ලියන කාලෙත් පොදු ප්‍රවාහනයේ ලිංගික අතවර කියන subject එක ප්‍රධාන ධාරාවෙ මාධ්‍යවලට taboo එකක්.

පොදු ප්‍රවාහනයේ විතරක් නෙවෙයි, නීතිය රකින්න ඉන්න පොලිසියේ පොලිස් කාන්තාවෝත්, ආරක්ෂාව භාරව ඉන්න හමුදාවේ සෙබලියොත්, කාර්යාලවල, මාධ්‍ය ආයතනවල සේවිකාවොත්, විශ්වවිද්‍යාලවල ශිෂ්‍යාවොත්, මන්ත්‍රීවරියන් ඇතුළු සමාජයේ හැම ස්ථරයකම කාන්තාවෝ තවමත් නිරන්තරයෙන් ලිංගික අතවරවලට ලක්වෙනවා.  

සිවුර ඇඳගත්ත මිනිස්සු කරන අපචාර සහ අපරාධ ගැන කතා කළාම "පව් පිරෙනවා" කියන බොරු අදහස වගේම, පොදු අවකාශයෙදි කාන්තාව මුහුණ දෙන ලිංගික අතවර ගැනත් ප්‍රසිද්ධියේ කතා කිරීම අපේ "සංස්කෘතියට සුදුසු නෑ" වගේ අදහසක් ඒ දවස්වලත් ලංකාවේ සමාජයේ තිබුණ. කොටින්ම බොහෝ තරුණියෝ තමන්ට වෙන අතවර ගැන අද ප්‍රසිද්ධියේ හඬ නැගුවත් නම, ගම එක්ක තමන්ගේ අත්දැකීම බෙදාගන්න කැමති තරුණියක් එදා මට මුණ ගැහුනේ නෑ.

එකට හේතුව අතවරයට ලක්වෙච්ච කාන්තාව, තරුණිය හෝ දැරිය වෙනුවෙන් පෙනී ඉන්නවා වෙනුවට ඒ අතවරයට හේතුව කාන්තාවන්ම කියල කියන victim blaming සංස්කෘතිය ලංකාවේ බොහෝ දුරට මුල් බැසගෙන තිබුණ නිසා. සමහර විට කාන්තාවන් පවා ඒ victim blaming කල්චර් එකට සම්බන්ධ වුණ නිසා. අර Sajeev Rajaputhra ගේ බිරිඳ වගේ අය.

 



පැහැදිලිවම 2016 දිට වඩා අද තත්වය වෙනස්. ෆේස්බුක් එකේ, ටික්ටෝක් ඔස්සේ, X ඔස්සේ නැත්නම් instagram එකේ දැන් තරුණියෝ මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා. ඒ නිසාම තරමක් දුරට මේ අතවර අඩුවෙලා වෙන්නත් පුළුවන්. ඒත් සජීව් රාජපුත්‍ර ගේ බිරිඳ වගේ කාන්තාවන් තවමත් මේ අපරාධකරුවන් ආරක්ෂා කරන්න උත්සහ කිරීම ගැන ඇත්තෙන්ම හරිම කණගාටුයි. ඒකත් හරියට අර ඉන්දියාවේ වෛද්‍ය නිර්භයා බස් එකේ දී පිරිසක් රේප් කරලා මරල දැම්මම සමාජයේ පිරිමි විශාල පිරිසක් තරුණියන්ගේ ඇඳුම්, පැළඳුම් ගැන කතා කළා වගේ.

මේ මම එදා බීබීසී යට ලියපු ලිපියේ ඉතිරි කොටස:

එදින ඇයට අත්විඳින්නට වූ හිරිහැරය එතැනින් නිමාවූයේ නැත.

 

busjj
"කෝච්චියේ ඉඩ නෑ. ඒත් මම සෙනග අස්සෙන් රිංගලා පොඩ්ඩක් එහාට ගිහිල්ල අමාරුවෙන් වෙන තැනක හිටගත්තා. ඊට පොඩ්ඩකට පස්සේ බලනකොට තව එකෙක් මගේ බඩටත් පහලින් අත තියාගෙන."

කලක් තමන් සමඟ එකට දුම්රියේ ගමන්ගත් මිතුරිය වෙනත් රැකියාවක් සොයාගැනීමෙන් අනතුරුව තමන්ට එල්ල වන හිරිහැර උග්‍ර වූ බව ඈ පැවසුවේ, "හැබැයි කෝච්චියේ යන්න බෑ කියල බස් එකේ ගියා කියල කිසිම වෙනසක් නෑ," යැයි ද පෙන්වා දෙමිනි.

මෙය කිසිසේත්ම ශ්‍රී ලංකාවේ එක් තරුණියක පමණක් මුහුණ දෙන හුදෙකලා අත්දැකීමක් නොවේ.

ජාතික පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ පසුගියදා බීබීසී සංදේශයට පැවසූ පරිදි පොලිසියේදීත්, විශ්ව විද්‍යාලයේදීත්, මාධ්‍ය ආයතන ඇතුළු බොහෝ සේවා ස්ථානවලදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික අතවරවලට මුහුණ දෙති.

මග තොටේදී සහ වැඩපොලේදී සිදුවන හිරිහැර දැන් කෙතරම් සුලභ වීද යත්, එය ලාංකීය සමාජය තුළ 'සාමාන්‍ය දෙයක්' බවට පත් වෙමින් තිබේ.

සිය දියණියන්ගේ ආරක්ෂාව පිණිස ළමා වියේ සිට හැකි සෑම පියවරක්ම ගන්නා දෙමාපියන්ට බොහෝ විට සිය දියණියන් සමාජයේ දී මුහුණ දෙන මේ හිරිහැර ගැන අවබෝධයක් නැත.

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක හෙළි කළ අත්දැකීමක් මේ

 

4 jfgnvb
"දවසක් මම යාලුවෙක් එක්ක බස් එකේ යද්දී වැඩිහිටි මිනිහෙක් ළඟ වාඩි වුනා. මගේ යාලුවා ඒ ළඟ සීට් එකක වාඩි වුනා. ටික වෙලාවකින් එහා සීට් එකේ හිටපු මිනිහට දාඩිය දාල අමුතු විදියකට හැසිරෙනවා," ඈ එම සිදුවීම ආවර්ජනය කළේ සමස්ත සමාජය දෙසට ම එල්ලවූ කළකිරීම මුසු ස්වරයකිනි.

"මම හැරිලා බලනකොට ඒ මිනිහ මා දිහා බලාගෙන සීට් එකේම ස්වයං වින්දනයේ යෙදෙනවා. මම කෑගැහුවා. අන්තිමට ඒ මිනිහ බස් එකෙන් බැස්සේ 'උඹ පොඩි එකෙක් නිසා මම අතාරිනවා. නැත්නම් බලාගනින් උඹට කරන දේ' කියාගෙන."

ඇතැම්විට සිය සමීපතමයින්ගේ ලිංගික හිරිහැරවලට ලක්වීමට සිදුවන බවද ඒ ශිෂ්‍යාව සඳහන් කළේ, "යුනි එකේදී දවසක් මගේ යාලුවෙක් මට මූණටම කිවුව මම උඹ ගැන හිතල සෙල්ෆ් ෆන් එකක් ගන්නවා කියල,"යනුවෙනි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවල කාන්තාවට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ මෑතදී විශේෂ සමීක්ෂණයක් පැවැත්වුන ද ඉන් අනතුරුව ඒ පිළිබඳව ගැනුණු ක්‍රියාමාර්ග කවරක් දැයි මෙතෙක් හෙළි වී නැත.

රටක නීති සම්පාදන ක්‍රියාවලිය භාරව සිටින පාර්ලිමේන්තුවේ පවා කාන්තාව මුහුණ දෙන අත්දැකීමේ වෙනසක් නැති බව උපේක්ෂා ස්වර්ණමාලී (පබා) හිටපු මන්ත්‍රීවරිය ද පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියාය.

මේ තවත් කාන්තාවක මහමගදී මුහුණ දුන් අත්දැකීමකි

 
rape 250630
"දවසක් යාලුවෙක් එක්ක පාරේ යනකොට එකපාරටම මිනිහෙක් මගේ පස්ස මිරිකගෙන ගියා. හොඳටම පරක්කු වෙලා වැඩට දුවන කොට මිනිස්සු අනන්තවත් කුණුහරුප කියල අපහාස කරනවා."

ගමේ දීත්, නගරයේදීත්, මහමගදීත්, දුම්රියේ හෝ බස් රියෙදීත් දිනපතාම ශ්‍රී ලංකාවේ කාන්තාවෝ විශාල පිරිසක් මෙසේ වචනයෙන් හෝ ලිංගික හිංසනයට ගොදුරු වෙති.

"මා හිතන්නේ ලංකාවේ හැම ගැහැනියක්ම වචනෙකින් හරි පිරිමින්ගෙන් හිරිහැරයට ලක් වෙලා තියෙනවා කියලා. සමහරු ලැජ්ජාව නිසා කියන්නේ නෑ. සමහරුන්ට ඒක පුරුද්දටම ගිහිල්ලා," දුම්රියේදී නිරන්තරයෙන් අතවරවලට ගොදුරුවන තරුණිය පැවසුවේ දැඩි වේදනාබරිතවය.

කෙසේ නමුත්, පුරුෂයන්ට ම වරද පටවනු වෙනුවට, අන් බොහෝ සමාජවලට වඩා ලාංකීය සමාජයේ ඇතැම් පුරුෂයන් මෙතරම් ලිංගික අසහනයකින් පෙළෙන්නේ ඇයි දැයි සමාජය තුළ පුළුල් සංවාදයක් මතු විය යුතු බව ඇගේ අදහසය.

"ඇත්තටම පිරිමි මෙතරම් අසහනයෙන් ඉන්නේ ඇයි? කෙල්ලෙක්ගේ කකුලක් දැකපු ගමන් ඇවිස්සෙන්නේ ඇයි? තමන් දන්නේ නැති අඳුරන්නේ නැති කෙල්ලෙක්ගේ ඇඟට අත තියන්න පිරිමියෙක්ට සිද්ධ වෙන්නේ ඇයි? කෙල්ලෙක්ව රේප් කරලා මරලා දාන්නේ ඇයි? අපේ අධ්‍යාපනේ අවුලද? සෙක්ස් එඩියුකේෂන් නොතිබීමද? අපේ සංස්කෘතියේ අවුලද? අපේ චින්තනයේ අවුලද?"

b57u66767thfghfh
තමන් හිංසනයට ලක්වූ අවස්ථාවලදී කිසිදු පුරුෂයකු එය වැළකීමට මැදිහත් නොවූ බව ද ඇය සඳහන් කළේ කනගාටුව සහ කණස්සල්ල මුසු ස්වරයකිනි.

කාන්තාවන්ට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩු වුවද, ශ්‍රී ලංකාවේ ඇතැම් පුරුෂයන් ද කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ ලිංගික හිරිහැරවලට ලක්වීමේ අවස්ථා තිබෙන බව ද ඇය අවසන් වරට සඳහන් කළාය.


මාත් එක්ක 2016 දී කතා කරපු ඒ තරුණිය අහන විදියටම ඇත්තටම මොකක්ද අපේ අවුල?

"අපේ අධ්‍යාපනේ අවුලද? සෙක්ස් එඩියුකේෂන් නොතිබීමද? අපේ සංස්කෘතියේ අවුලද? අපේ චින්තනයේ අවුලද?"

මම ඒකට තවත් ප්‍රශ්න ටිකක් එකතු කරන්නම්.

රජීව් රාජපුත්‍ර ගේ බිරිඳ වගේ කාන්තාවෝ තවමත් කාන්තාවන්ටම (අනතුරට ගොදුරු වුණ කෙනාටම) වරද පටවන්න තරම් අපේ සමාජය පිරිහුණේ කොහොමද?

"හතේ අපේ පොත" වගේ වැදගත් පොතක් තහනම් කරන්න කෑ කෝ ගහපු, ලංකාවේ තියන බෞද්ධ දර්ශනයට එරෙහි බුද්ධාගමේ අවුල ද? LGBTIQ වගේ වැඩිහිටියන්ගේ ලිංගික සම්බන්ධතා ප්‍රශ්න කරන භික්ෂු නායකත්වයේ සහ කාදිනල් වගේ කතෝලික නායකයින් ගේ ආභාෂය ද?

නැති, බැරි අයට විතරක් බලපාන, ඇති, හැකි බලවතුන් ඉදිරියේ නැමෙන, නීතියේ අවුල ද?

එහෙම නැත්නම් අවුරුදු 2500 ක සංස්කෘතියකින් පෝෂණය ලැබුවා කිවුවට ඇත්තටම අපි තවමත් ගෝත්‍රික සමාජයක් ද?  

වරද කොතැන ද?


saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 නොවැම්බර් 18

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...