The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

චණ්ඩ මුහුද, ගිලෙන නැව සහ කපිතාන් - (Victor Ivan)

T

The Leader Desk

January 27, 2022 • 8:36 AM

චණ්ඩ මුහුද, ගිලෙන නැව සහ කපිතාන් - (Victor Ivan)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව නැමැති නෞකාව පදවන ගෝඨාභය නැමැති කපිතාන්වරයා නාවික ගමනාගමනය ගැන කිසිදු පළපුරුද්දක් නැති ආධුනිකයෙකු ලෙස සැළකිය
  • ඉන්දන මුළුමනින් අවසන් වුවහොත් සමාන්‍යයෙන් නැව් නොයන ප්‍රචණ්ඩ මුහුදූ කලාපයෙන් නැව පිටතට ගැනීමද කළ නොහැකි දෙයක් බවට පත්වන්නේය.
  • බිය හා කෝපය : නැවේ මගීන් දැන් සිටින්නෙ කප්පිතා ගැන ඇති කරගත් කෝපයෙන්ද තම අනාගතය ගැන ඇතිකර ගත් බියකින් හා සැකයකින් ද යුතුවය.
  • කප්පිත්තා තෝරන තරඟයට තව බොහෝ කල් ඇති අතර කප්පිත්තා සිය තනතුරෙන් ඉල්ලා අස්වුව හොත් හැර නිත්‍යානුකූලව ඔහු තනතුරෙන් පහකිරීමේ හැකියාවක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

හැකිය.

ඔහු එම තනතුරට පත්වූයේ නැව නිසල මුහුදේ තිබෙන අවස්ථාවක නොව සමාන්‍යයෙන් නැව් නොයන චණ්ඩ කලාපයක ට තල්ලු වී ගොස් තිබුන අවස්ථාවක දී ය.

ඉන් පසු ඔහු නැව පැදවූයේ පළපුරුදු අයගෙන් උපදෙස් ලබා ගනිමින් නැව තිබෙන චණ්ඩ කලාපයෙන් නිසල මුහුදු කලාපයකට ගැනෙන ආකාරයට නොව ඉතා හිතුවක්කාරී ලෙස නැව නිසල කලාපයට ගැනීම පහසු නැති ලෙස නැව තව තව ප්‍රචණ්ඩ කළාපයේ ඈතට ඇදී යාමට හේතුවූ හා නැව එහි සිටින මගීන් සමගම විශාල විනාශයකට පත් කිරීමට හේතුවන ආකාරයටය.

 

මේ විශේෂ නැවේ හැමදාමත් කප්පිත්තා තෝරන්නේ මගීන් ගේ ඡන්දයෙනි. පුදුමයට මෙන් මගීන් අති විශාල වැඩි ඡන්දයකින් තෝරා ගත්තේ නැව් හො නාවික ගමනා ගමනය ගැන මළපොතේ අකුරක්වත් දන්නේ නැති කෙනෙකි. ඒම තරඟයට තරඟ වැදී පැරදුන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාද නැව තුළ සිටිති.

 

නැව අසාමාන්‍ය තරම් දීර්ග කාලයක් නාවික තොටුපොළකට ගෙනයාමට නොහැකිවීම නිසා මගීන්ට අවශ්‍ය ආහාර පමණක් නොව පානිය ජලයද දෙන්නට සිදුවී තිබෙන්නේ සමාන්‍ය නොවනා ඉහළ මිළකට හා සලාක ක්‍රමය කටය. නෞකාවට අවශ්‍ය ඉන්ධනද අවසන් වෙමින් පවතී. ඉන්දන මුළුමනින් අවසන් වුවහොත් සමාන්‍යයෙන් නැව් නොයන ප්‍රචණ්ඩ මුහුදූ කලාපයෙන් නැව පිටතට ගැනීමද කළ නොහැකි දෙයක් බවට පත්වන්නේය.


බිය හා කෝපය :


නැවේ මගීන් දැන් සිටින්නෙ කප්පිතා ගැන ඇති කරගත් කෝපයෙන්ද තම අනාගතය ගැන ඇතිකර ගත් බියකින් හා සැකයකින් ද යුතුවය. කප්පිත්තා තෝරන තරඟයට තව බොහෝ කල් ඇති අතර කප්පිත්තා සිය තනතුරෙන් ඉල්ලා අස්වුව හොත් හැර නිත්‍යානුකූලව ඔහු තනතුරෙන් පහකිරීමේ හැකියාවක් නැත.

 

කප්පිත්තාගේ ප්‍රධාන තරඟ කාරයින් දෙදෙනාම කල්පනා කරන බව පෙනෙන්නේ නෞකාව හසුරුවන කප්පිත්තා අතින් වැරදි සිදුවන තරමට එය තමන්ගේ යහපතට හේතු වනු ඇති බවය. එම තත්වය  තමන්ට ඊලග මැතිවරණයෙන් බලයට පත්වීම පහසු කරනු ඇතැයි ඔවුනූ කල්පනා කරන බව පෙනේ.

 

ඉන්ධන අවසන් වීම නිසා නැවට ඉන්ධන බලයෙන් ගමන් කිරීමට තිබෙන හැකියාව මුළුමනින් අහිමි වෙතොත් චණ්ඩ මුහුදු කලාපයෙන් නැව පිටතට ගැනීමට නොහැකීවීම නිසා නැවේ ගමන් ගන්නා මගීන්ට පමණක් නොව නැවටද විශාල හානියක් සිදු විය හැකි බව එම විකල්ප නායකයින් දෙපල තෙරුම් ගෙන ඇති බවක් පෙනෙන්න්ට නැත.

විසදීමට පහසූ නැති එම සංකීර්ණ ගැටළුව රටේද රටේ ජනතාවගේද පැවැත්ම අධිනිෂ්‍යය කරන ප්‍රහේලිකාව බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.


ගෝඨාභයගේ දෝෂය :


1- ජනාධිපති ගෝඨාභයට ආවේණික ලොකුම දෝෂය වනුයේ කවර තරම් මහජන බලයක් ලද පාලකයෙකු වුවද කිසිසේත්ම නොකල යුතු දේවල් මොනවාද  යන්න දැන නොසිටීම හෝ ඒවා දැන දැනම ඒවා උල්ලංඝනය කිරිමය.


2- තමන්ට හා තම ප්‍රධාන දේශපාලන සගයින්ට එරෙහිව ඇසෙමින් තිබූ නඩු 50 කට වැඩි ගනනක් ඉවත් කරගැනීම ඒ සදහා දැක් විය හැකි එක නිදර්ශනයකි. කුඩා දරුවකුද ඇතුලු දෙමළ සමූහ ඝාතනයකට වැරදිකරුවකු වී සිර දඩුවම් විදිමින් සිටි පුද්ගලයෙකුට නිදහස ලබා දීම ඒ සදහා දැක්විය හැකි තවත් නිදසුනකි.


3- රට වසංගත තත්වයකට හා ආර්ථික අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවකදී පවුලේ සාමාජිකයන්ට හා ගජ මිතුරන්ට උපරිම ලෙස රට ගසා කෑමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඒ සදහා දැක්විය හැකි තුන් වැනි නිදසුන ලෙස සැලකිය හැකිය.


4- වර්ග හා ආගම් භේදවාදි ප්‍රතිපත්තියක පිහිටා සුළු ජාතීන් පීඩාවට පත් කිරීම සදහා ත්‍රස්තවාදි විමර්ශන අංශය , පොලීසිය හා බුද්ධි සේවා යොදා ගැනීම ඒ සදහා දැක්විය හැකි හතර වැනි නිදර්ශනය වන අතර


5- ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගැනීමට පුළුවන්කම තිබියදී එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීම ඒ සදහා දැක්විය හැකි පස්වැනි නිදර්ශනය වේ.


6- ඒ සදහා දැක්විය හැකි හය වැනි නිදර්ශනය වනුයේ කෘෂිකාර්මික වගාවන් සදහා යොදාගන්නා රසායන පොහොර හා රසායන යෙදවුම් ආනයනය තහනම් කොට ඒ වෙනුවට කාබනික පොහොර යොදෑගැනීමට බලකරන මෝඩ හා විනාශකාරි ප්‍රතිපත්තිය අනුගනය කිරීමය.



ජනාධිපතිවරයාගේ ඒ සියළු වැරදි ප්‍රතිපත්ති අතරින් සුළු ජන වර්ග පෙළීම සදහා ත්‍රස්ත විමර්ශන ඒකක, බුද්ධි අංශ හා පොලීසිය යොදා ගනිමින් ඔවුන් තුළ විශාල භීතියක් ඇති කොට ඔවුන්ගේ මනුෂ්‍ය ගෞරවය අහිමිකිරීමට හේතුවන ලෙස එම සමාජ කණ්ඩායම් නිශ්ක්‍රීය යටහත් පහත් ලෙස ක්‍රියා කරන නිවට තත්වයකට පත් කිරීම සදහා යොදා ගෙන තිබෙන ක්‍රම වේදයන් ඉතා අමානුෂික, කෲර හා පරපීඩාකාමි ඒවා ලෙස හැදින්විය හැකිය.



පාස්කු ප්‍රාහාරයට යුක්තිය ඉල්ලා සිටින කතෝලික උද්ඝෝෂකයන් සම්බන්ධයෙන් හා මුස්ලිම් හා උතුරේ දෙමළ සමාජයන්ගේ ආත්ම ගෞරවය අහිමි කරමින් නිවට, නියාළු හා නිශ්ක්‍රීය සමාජයන් බවට පත් කරගැනීම සදහා යොදාගත් බිහිසුණු අවලස්සන ක්‍රම වේදයන් සමාජ ක්‍රමයේ ඇති වී තිබෙන බිදවැටීම නැවත ගොඩනගා ගැනීම ඉතා දුෂ්කර දෙයක් බවට පත් කිරීමට හේතු වී තිබේ.

 

ඉහත කී සුළු වර්ග හා ආගමික ජන කණ්ඩායම් වලට එරෙහිව කෙරෙන නොපනත්කම් වලට බලවත් ලෙස විරෝධය පල කිරීමක් දකුණේ සිංහල විරුද්ධ පක්ෂ දේශපාලන පක්ෂවලින් ඇසෙන්නේම නැති තරම්‍ ය.

 

එම පක්ෂ එසේ කරන්නේ එවැනි ක්‍රියා සිංහල බෞද්ධ ජනයාගේ අප්‍රසාදයට හේතුවනු ඇතැයි කලපනා කරන නිසා විය හැකිය. එම තත්වයක එම ජන කණ්ඩායම් අතර ඇතිවී තිබෙන දුරස්ථ භාවය තව තව වර්ධනය කිරීමට හේතු වී තිබේ. දැන් උතුරේ දෙමළ ජනයා සිටින්නේ දකුණේ කිසිදු පක්ෂයක් විශ්වාස නොකරන තත්වයකය.


ඓතිහාසික සාපය:

 

19th amendment in Sri Lanka

''මෙම අර්බුදය ජනාධිපති ගෝඨාභය ඇතිකරන ලද අර්බුදයක් ලෙස සැළකිය නොහැකිය.''

 

මෙම අර්බුදය ජනාධිපති ගෝඨාභය ඇතිකරන ලද අර්බුදයක් ලෙස සැළකිය නොහැකිය. නිදහසින් පසු හා විශේෂයෙන් 1978 ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු විටින් විට බලයට පත්වූ පාලක පක්ෂ විසින් පවත්වා ගෙන ගිය පීඩාකාරි, විනාශකාරි හා කොල්ලකාරි ප්‍රතිපත්ති නිසා ඇතිවූ විශේෂ අර්බුදයක් ලෙස සැළකිය හැකිය.

ගෝඨා බලයට ආවේ අර්බුදයේ සුළි සුළියට රට හසුවී තිබෙන අවස්ථාවක දී ය. රටේ ඇතිවූ වසංගත තත්වයද එම අර්බුදය උග්‍ර කිරීමට හේතුවිය.

ඔහු බලයට පත් වුයේ හොදට තිබුනු රටක නොව මහා විනාශයකට යමින් තිබුන රටකය.

ඔහුගේ නොපලපුරුදු කම, නූගත් කම, වර්ග බේදවාදි උද්දච්ච කම හා අධිකාරිවාදය මත පදනම් වූ ප්‍රතිපත්ති ලංකාවෙ අර්බුදය කළමනාකරණය කිරීමට තිබෙන හැකියාව නැති කොට අර්බුදය ඉක්මනින් පුපුරන තත්වයකට පත් කිරීමට හේතුවිය.


මා ගෝථාභය පාලනය තුල දකින අවලස්සනම ලක්ෂනය වනුයේ නූතන පාලකයෙකු තුළ තිබිය යුතු යුතුකම් මුලුමනින් නොසලකා ක්‍රියා කිරීමය. ඒ අර්ථයෙන් අපේ පරණ වැඩවසම් ඒකාධිපති රජවරුන් පවා ගෝඨාභයට වඩා ශීලාචාර තත්වයක සිටියේය.



විල්හෙල්ම් ගයිගර් "මධ්‍ය කාලීන ලංකා සංස්කෘතිය"

ගයිගර් සැමරූ තැපැල් මුද්දරය- clonet. com

 

පරණ රජවරුන් යුතුකම් විෂයෙහි සිය වගකීම් ඉටු නොකරන විට ඔවුන්ට ස්වභාධර්මය ලබා දෙන දඩුවම රාජ අභිෂේක උත්සවයේ දිවුරුමට ඇතුලත්ව තිබු අකාරය විල්හෙල්ම් ගයිගර් "මධ්‍ය කාලීන ලංකා සංස්කෘතිය" නැමැති පොතේ විස්තර කර තිබෙන්නේ මෙසේය.

"අලුත් රාජ්‍ය පාලකයෙකු සිය අයිතිවාසිකම් හා යුතුකම් භාර ගැනීම ඉමහත් අලංකාරයෙන් හා ශ්‍රී විභූතියෙන් යුත් උත්සවයකින් විධිමත් ලෙස කෙරින. මෙය අභිෂේක නැතහොත් රාජ්‍යාරම්භක උත්සවය විය. මෞලි මංගල ඔටුණු පැලදීම යනු ද මීට නම් විය..."

             "...මෙම උත්සවය උදුම්බර ලීයෙන් තනන ලද ශාලාවක පැවැත්වුණු බව කියා ඇත. අභිෂේකය ලබන ක්ෂත්‍රීයයා මේ ලීයෙන්ම තනන ලද සිංහාසනයක වාඩිවී සිටියේය. පළමු කොට ක්ෂත්‍රීය කන්‍යාවක් ගංගා නම් ගගෙන් ගෙනෙන ලද ජලය පුරවන ලද දක්ෂිණා වර්ත හක් ගෙඩියක්  දෑතින් ගෙන මේ ජලය රජුගේ හිස මත මෙසේ කියමින් ඉස්සාය: මහ රජ! මේ අභිෂේක මංගල්‍යයෙන් සියළුම උසස් කුල ඔවුන්ගේම සුරක්ෂීතභාවය සහ ආරක්ෂාව සදහා ඔබතුමන් අභිෂේක කරන ලද රජකු බවට පත් කරයි. යුක්තියෙන් හා සාමයෙන්ද ධෛර්යමත්ව නීතිය පවත්වා ගනිමින්ද රාජ්‍යය කරව. ඔබවහන්සේ තම දූ පුතුන් ආදින් පිළිබද දුකින් පිරුණු උසස් වාංශිකයින් කෙරෙහි සානුකම්පිත හිතක් ඇත්තෙක්ද දයාබර ශාන්ත හිතවත් කෙනෙක්ද වෙත්වා. ඔවුන් විසින් ඔබ වහන්සේ රැක බලා ගෙන ආරක්ෂා කරනු ලබත්වා.

ඊළගට රාජ සභාවේ පුරෝහිතයා අගනාම ඇදුමින් සැරසී සිට රිදී සකකින් රජු හිස ජලය ඉසිමින් උසස් කුල යන වචනය වෙනුවට බ්‍රාහ්මණ කුල යන වචනය යොදා ඒ ආකාරයෙන්ම ඇයද සිටී.

අන්තීමට සිටු නායකයාද තමන්ගේ නිල ඇදුමෙන් සැරසී සිට රන් සකක් ගෙන ගෘහපති කුල වෙනුවෙන් මේ සිරිත් විරිත්ම පැවැත් විය."


ඉන් පසු ගයිගර් එම තිදෙනා රජ තුමාට කරන එම ප්‍රකාශයන්ගේ අර්ථය මෙසේ පැහැදිළි කරයි.

 

"ටීකාවේ දැක්වෙන පරිදි තුන් දෙනාගේ මේ ප්‍රකාශනයෙන් සාපයක් අදහස් වේ. කෙබදු සාපයක්ද?" අප වචනයන් අනුව රාෂ්ට්‍ර පාලනය ගෙන ගිය හොත් මැනවි. එහෙත් ඔබ එසේ නොකරන්නේ නම් ඔබ හිස සත්කඩකට පැලේවා යන සාපයක් සේය. (එම පොත ජේද 107)
එය අපේ සිංහල බෞද්ධ ජනාධිපතිවරුන්ටද අදටත් අදාළ කර ගත හැකිය.

 

වික්ටර් අයිවන්(වික්ටර් අයිවන් )
mkvictorivan@gmail.com
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

 

 
 

Leader Whats app


 
 
රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

 
 මුං ගොවියෝ මුං එළවන්න පෙරමුණ ගනී ! | මොණරවිලගේ ලියමන

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...