The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිදහස පතන ගැහැණියකට උරුම විය හැකි ඝාතනයක තවත් කතාවක් !

T

The Leader Desk

March 17, 2022 • 4:45 AM

නිදහස පතන ගැහැණියකට උරුම විය හැකි ඝාතනයක තවත් කතාවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවැනි මරණයකට ඇය ගොදුරු වූයේ අපේ සමාජයේ, නීති පද්ධතියේ සහ නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ ඇති අසංවේදී බව සහ නොසැළකිල්ල නිසාය.
  • අධිකරණයෙන් ඇයට පක්ෂව ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂණය ලබා දිය යුතු බවට තීන්දුවක් දුන්නේය.
  • ඉන් කියවුණේ ඇයට නිවස බාර දී කලහකාරී පුරුෂයා ඉවත් විය යුතු බවයි.
  • ඔහු නිවසේ යතුරක්ද ගෙන ගොස් ඇතැයි කියා ඇය පොලීසියට ගොස් පැමිණිලි කළේ සිය ජීවිතය ආරක්ෂා කර ගැනීමටය.
අකුරු ප්‍රමාණය (Font Size):



එවැනි මරණයකට ඇය ගොදුරු වූයේ අපේ සමාජයේ, නීති පද්ධතියේ සහ නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ ඇති අසංවේදී බව සහ නොසැළකිල්ල නිසාය.

ඇය ජීවිතයට ආසා කළාය. සිය දියණියන් සමඟ සතුටින් ජීවත්වීම ඇයගේ අපේක්ෂාව විය. වසර ගණනාවක් පුරා තමන්ගේ පාඩුවේ ජීවත්වීමට ඇය නොකළ දෙයක් නැති තරම්ය.

නමුත් ඇයගේ ජීවිතය බේරා දීමට අප සමාජයට, පොලිසියට සහ අධිකරණයට බැරි විය.

ඔබ මේ කතාව ඇසිය යුත්තේ, ඇය හෙට ඔබේ හිතවතියක, සොයුරියක, දියණියක  විය හැකි නිසාය.

 

අප කිසිවකු කිසිවකුගෙන් ගුටිබැට කෑමට කැමැති නැත. නමුත් ඇය වසර විස්සක් පුරා සිය පුරුෂයාගේ ගුටිබැට සහ අනේකවිධ වධ බන්ධන වලට ලක්වූවාය.

 

බැරිම තැන ඇය පොලිසියට පැමිණිලි කළාය. අධිකරණයෙන් ඇයට පක්ෂව ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂණය ලබා දිය යුතු බවට තීන්දුවක් දුන්නේය.

ඉන් කියවුණේ ඇයට නිවස බාර දී කලහකාරී පුරුෂයා ඉවත් විය යුතු බවයි. ඒ ඇයගේ ආරක්ෂාව සහතික වනු පිණිසය.

මෙම තීන්දුවට පදනම වූයේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහි නීතියයි. වචනයෙන් හෝ ක්‍රියාවෙන් ප්‍රචණ්ඩවීම වරදකි.

එනමුත් මෙම නීතිය යටතේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නිසා කවරකු හෝ අත්අඩංගුවට ගත නොහැනිය. පුදුම නමුත් ඇත්තය.

පුරුෂයා අඩි පහකට එහා අල්ලපු නිවසේ පදිංචි විය. එපමණක් නොව නිවසේ යතුරක්ද රැගෙන ගියේය.

නිවසේ පදංචියට ගිය ඇයටත් දියණියටත් එම පුරුෂයා දිගින් දිගටම තර්ජනය කළේය. ඔහු නිවසේ යතුරක්ද ගෙන ගොස් ඇතැයි කියා ඇය පොලීසියට ගොස් පැමිණිලි කළේ සිය ජීවිතය ආරක්ෂා කර ගැනීමටය.

නමුත් බලය, බලය සමඟ හාද වී තිබුණි..

අලුතින්ම සාදවා ගත් පිහියක්ද ඇතිව මහ රෑ නිවසට ඇතුලූ වූ පුරුෂයා, ඇය කපා කොට ඝාතනය කළේ ඇයගේ දියණිය ඉදිරිපිටදීමය.

අනෙකා ගැන අප බැලිය යුත්තේ එසේදැයි මදක් සිතන්න.

මාර්තු 15වන දින ඇතුගල්පුර පැවැති උද්ඝෝෂනයට සිය ගණනාවක් ස්ත්‍රීන් සහභාගි වූහ.

 

අපේ සමාජය මෙතරම් ප්‍රචණ්ඩ ඇයි? අපේ දරුදැරියන් ඉගෙන ගන්නේ බලයට නතුවීමට මිස එකිනෙකාට ගෞරව කිරීමට නොවේ. සහකම්පනය සහ හැගීම් සංවේදී බුද්ධිය අපේ දරුදැරියනට උගන්වන්නේ නැත. අපේ අනාගත පරපුර ගොඩ නැගෙන්නේ අධ්‍යාපනය හරහාය. පෙර පාසැල් අවධියේ සිටම මානුෂික හරයන් ලබා දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපට අවශ්‍යය.

 

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, අප සමාජයේ පැතිර පවත්නා විපතකි. ස්ත්‍රීන් මුහුණ දෙන ලිංගික අපයෝජන බහුතරය සිදු වන්නේ දන්නා හඳුනන අයකුගෙන් හෝ ඥාතියකුගෙනි.

 

පොදු ප්‍රවාහනය යොදා ගන්නා ස්ත්‍රීන්ගෙන් සියයට 90 ක්ම ලිංගික බලපෑම්, අනිසි ක්‍රියාවන්ට ගොදුරු වෙයි. මහා මාර්ග අනතුරු හැරුණූ විට මෙරට වැඩිම  ස්වාභාවික නොවන මරණ සිදුවන්නේ සිය දිවි නසා ගැනීම් වලිනි. ඉන් බහුතරයක හේතුව ස්ත්‍රී පුරුෂ සබඳතාය. 1/3ක් අස්වාභාවික මරණ සිදු වන්නේ සමීප සහකරුවෙකුගේ ප්‍රචණ්ඩත්වයෙනි.

මේ ඔබ අප ජීවත්වන සමාජයයි. එය වෙනස් කිරීමට ඊට එරෙහිව හඬ නැගීමට අප සූදානම් යන කාරණය මත අපේ හිතවතියන්ගේ, සහෝදරියන්ගේ සහ දියණියන්ගේ ජීවිතයේ සන්සුන්කම සහ ආරක්ෂාව රඳා පවතිනු ඇත.

හිතන්න. අපි එක්ව මෙම බිය ජනක තත්වය වෙනස් කරමු!

(ඇතුගල්පුර කාන්තා එකතුව)
15  මාර්තු 2022


(උපුටා ගැනීම -srilankabrief.org)


 


 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...