The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ධනවත් ජපානයේ හුදෙකලා මරණ - Vishnu Vàsu

T

The Leader Desk

January 12, 2026 • 7:20 AM

ධනවත් ජපානයේ හුදෙකලා මරණ - Vishnu Vàsu

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ බලයට පත්වෙන්නට වලිකන සියළුම දේශපාලන පක්ෂ වල මන්තරය තමයි, අපි ලංකාව සිංගප්පූරුවක් කරනවා කියන එක.
  •   අතීත ජපානයේ දුර්භික්ෂ කාලයක, එක්තරා රුදුරු පාලකයෙක්, වයස අවුරුදු 70 පැනපු සියලු‍ම වැඩිහිටියන්, කඳු මුදුනක අතහැර දමා එන්න කියලා අණ කරනවා.
  •   අපි මිනිසුන්ව ආර්ථික ඒකක විදියට විතරක් දකින්න ගත්තම අප ඇතුලේ ලියලන මනුෂ්‍යත්වය දියාරුවෙලා යනවා.
  •   අතීතයේ කඳු මුදුන්වල වුණු ඒ අතහැර දැමීම, අද සිද්ධ වෙන්නේ නූතන කොන්ක්‍රීට් කූඩු ඇතුළේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අවාසනාවට මේ රටේ දේශපාලකයින්වත්, ඊනියා ආර්ථික විද්‍යාඥයින්ටවත් භෞතික සංවර්ධනය හඹා ගිය ජාතීන් මුහුණ දෙන බිහිසුණු යථාර්ථය විවරණය කරගන්නට දැනුමක් නැහැ. හැමෝම හිතාගෙන ඉන්නේ නැගෙනහිර ආසියානු රටවල් කේතුමතී පුරය වාගේ බබලන ක්ෂේම භූමි කියලා. ඒත් ජපානය, දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව ආදී සෑම ආර්ථික ආශ්චර්යයක්ම පිටුපසින් නිහඬ, ආධ්‍යාත්මික දිළිඳුකමක සෙවනැල්ලක් ලුහුබඳිනවා කියලා දන්නේ අතලොස්සයි.
මේ රටවල් අතරින් ජපාන ඛේදවාචකයේ බරපතලකම තේරුම් ගන්න නම් ‘උබාසුතේ‘  Ubasuthe ජනප්‍රවාදත්, ‘ආඕකිගහරා‘ Aokigahara වනාන්තරයේ නූතන යථාර්ථයත් එකට කියවන්න ඕනේ. ජපන් භාෂාවෙන් ‘උබාසුතේ‘ කියන්නේ හුදෙක් ජනප්‍රවාදයක් විතරක් නෙවෙයි.
 
ubasuthe
අතීත ජපානයේ දුර්භික්ෂ කාලයක, එක්තරා රුදුරු පාලකයෙක්, වයස අවුරුදු 70 පැනපු සියලු‍ම වැඩිහිටියන්, කඳු මුදුනක අතහැර දමා එන්න කියලා අණ කරනවා. මේ අණට පිටුපෑ නොහැකි වූ පුතෙක්, තම වියපත් මව කර තබාගෙන රළු කඳු පාරක් දිගේ ඉහළට ගමන් කරනවා. ටික දුරක් යනකොට මේ පුතාට ඇහෙනවා තමා පිටුපසින් කුඩා අතු කැබලි කැඩෙන හඬක්. ඔහු සැකමුසු හඬින් අම්මාගෙන් අහනවා

“අම්මා... ඇයි මෙහෙම අප යන මග දිගට අතු කඩා දමන්නේ” කියලා
ඉතා නිවුනු සිතින් ඒ අම්මා කියනවා
“මගේ පුතාට මේ කැලය මැද්දේ, අතරමං නොවී ගෙදර යන්න පහසු වෙන්න මඟ සළකුණු තියන්නයි මම මේ අතු කඩා දමන්නේ” කියලා.
 
අපි මිනිසුන්ව ආර්ථික ඒකක විදියට විතරක් දකින්න ගත්තම අප ඇතුලේ ලියලන මනුෂ්‍යත්වය දියාරුවෙලා යනවා. මේ අහිංසක අම්මගේ ක්‍රියා කලාපය නූතන සංවර්ධනය මොඩලයට ලොකු අභියෝගයක් කරනවා.
kodokushi 1
 
අතීතයේ කඳු මුදුන්වල වුණු ඒ අතහැර දැමීම, අද සිද්ධ වෙන්නේ නූතන කොන්ක්‍රීට් කූඩු ඇතුළේ. ජපන් භාෂාවෙන් හුදෙකලා මරණයට කියන්නේ ‘කොදොකුෂි‘ Kodokushi කියලා. අද ජපානයේ සාගත නැහැ. ඒ වෙනුවට සල්ලි, තාක්ෂණය, ආරක්ෂාව තියෙනවා. නමුත් ඒ සියල්ල මැද මිනිස්සු තනි වෙලා. තමන්ගේ කාමරේ ඇතුළේ මැරිලා සති ගණනක් යනකල් කවුරුවත් දන්නේ නැති ‘කොදොකුෂි‘ හුදෙකලා මරණ සබන් බෝල සංවර්ධනයේ අඳුරු අහුමුළු හෙළිදරවු කරනවා.
 
2024-2025 කාලයේ විතරක් 76,000කට වඩා පිරිසක් ජපානයේ නිවෙස් තුල හුදෙකලාව මියගිහින් තියෙනවා. මේ ප්‍රශ්නයේ අශුභම ලක්ෂණය තමයි ‘ටොකුෂු සෙයිසෝ’ කියන විශේෂිත අපවිත්‍රතා පිරිසිදු කරන්නන්ගේ ව්‍යාපාරයේ ව්‍යාප්තිය. ඒ අය පිරිසිදු කරන්නේ ගෘහ භාණ්ඩවත්, වැසිකිලි, කැසිකිලිවත් නෙවෙයි. ඇතැම් විට මැරිලා සති ගනන්, මාස ගනන් කුණු මනුෂ්‍ය ශරීරයි ඔවුන් පිරිපහදු කරන්නේ. මෙවැනි සමාගම් 500 කට වැඩි සංඛ්‍යාවක් අද ජපානය පුරා විසිර තියෙනවා. ඒක මුළු මහත් ජාතියකම ආධ්‍යාත්මික කුණුවීමේ සංකේතයක්.
aokigahara 1
 
ආඕකිගහරා කියන්නේ ෆුජියාමා කන්ද පාමුල තියෙන ඝණ වනාන්තරයකට. ඒක ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Death Forest එහෙමත් නැත්නම් මරණයේ වනාන්තරය විදියට. සමාජයේ විවිධ තරාතිරම්වල මිනිස්සු තමන්ගේ දිවි තොර කරගන්නට මේ අඳුරු වනාන්තරය තෝරා ගන්නවා. සමහරු අය ගිය දවසේම දිවිතොර කරගන්නවා. තවත් සමහරු දින ගනන් ඒ ඝණ වනාන්තරය ඇතුලේ අතරමං වෙලා ඉඳලා, හිත වෙනස් වුනාම ආයිමත් ආයිමත් එළියට එනවා. ඒක පුදුමාකාර අද්භූත තැනක්. මේ වනාන්තරයට ඇතුලු වෙන තැන විශාල දැන්වීම පුවරුවක මේ සටහන ලියා තියෙනවා.

“ඔබේ ජීවිතය ඔබේ දෙමව්පියන්ගෙන් ඔබට ලැබුණු වටිනා ත්‍යාගයක්. කරුණාකර ඔබේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ දරුවන් ගැන නැවත වරක් සිතා බලන්න. හුදෙකලාව පීඩා විඳින්න එපා. කරුණාකර කිසිවෙකු සමඟ කතා කරන්න ඉදිරිපත් වෙන්න.”
 
ලංකාව ලංකාව සිංගප්පූරුවක් හරි ජපානයක් කරන්න ඕනෑ කියලා මොර දෙන සෑම වෙලාවකම ඒ රටවල ඇතුලාන්තයේ තියෙන මේ ඛේදනීය හුදෙකලාව අමතක කරනවා. භෞතික දියුණුව ගැන පමණක් පාරම්බාන පාලකයින් සහ ආර්ථික ඔස්තාද්ලා ඒ රටවල මිනිසුන් විඳින ආත්මීය පරාජිත බව කොහොම දකින්නද.
 


මේ ආණ්ඩුව මගේ දරැවගේ මරණෙට වගකියන්න ඕනේ -විෂ්ණු වාසු(සටහන | විෂ්ණු වාසු -|  Vishnu Vàsu)
චෙන්නායි නුවර සංගීත මහෝත්සවයට සහභාගී වෙමින්

ලේඛක /නිදහස් මාධ්‍යවේදී
Villagemonk@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...