The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'පියා' - සංක්‍රමණික පවුල්වල නිහඬ භාරකරු - (VOM)

T

The Leader Desk

June 18, 2023 • 5:35 AM

'පියා' - සංක්‍රමණික පවුල්වල නිහඬ භාරකරු - (VOM)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පියවරුන්ගේ දිනය සැමරීමේ ඉතිහාසය ඉතා දිගු සහ විවිධ සම්භවයන්ගෙන් සමන්විත ය.
  • පියා යනු ජීවය ලබා දෙන්නකු සේ ම පෝෂණය කරන්නෙකු, ආරක්ෂකයෙකු මාර්ගෝපදේශකයකු සහ උපදේශකයකු ලෙස ද සැලකේ.
  • මෙම භූමිකාවන් එක් ආකාරයකින් පියාගේ භූමිකාවට අධිකාරී හෝ ආධිපත්‍යමය තත්ත්වයක් පටබඳින අතර වැරදි ලෙස අර්ථකථනය කර අපේක්ෂිත පරිදි පියා මවට සහාය නොදක්වන්නේ ය යන දුර්මතයක් පැලපදියම් කරයි.
  • ජුනි 18 වන දිනට යෙදෙන "ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය" අතරතුර සාමාන්‍ය පියවරුන්ට වඩා වෙනස්, දුෂ්කර හා සංකීර්ණ වූ සංක්‍රමණික පවුල්වල පියවරුන් හඳුනා ගැනීමට අපේක්ෂා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පියවරුන්ගේ දිනය සැමරීමේ ඉතිහාසය ඉතා දිගු සහ විවිධ සම්භවයන්ගෙන් සමන්විත ය.

1909 මැයි මාසයේදී, වොෂිංටන්හි ස්පෝකේන් හි සොනෝරා ලුයිස් ස්මාර්ට් ඩොඩ් නම් කාන්තාව, සිවිල් යුද්ධයේ ප්‍රවීණයෙකු වූ ඇගේම පියා වන විලියම් ජැක්සන් ස්මාර්ට්, තනි මාපියෙකු ලෙස නොසෑහෙන දුෂ්කරතාවලට මුහුණ දෙමින් දරුවන් හය දෙනෙකු ඇති දැඩි කළ බැවින්, පියවරුන්ට ගෞරව කිරීම සඳහා දිනයක් වෙන් කළ යුතු යැයි යෝජනා කළාය.

fathers day
මව්වරුන්ගේ දිනය මෙන් නොව පියවරුන් වෙනුවෙන් දිනයක් වෙන් කිරීමට දැඩි විරෝධයක් එල්ල විය. 1938 දක්වා පියවරුන්ගේ දිනය පිළිගැනීම සම්බන්ධයෙන් අරගලයක් පැවතුණි. කාලය විසින් එම තත්ත්වය එතරම් වෙනස් කරනු ලැබ නැත. වර්තමානයේ පවා දිස්වන්නේ පියකුගේ වටිනාකම සහ කාර්යභාරය හඳුනාගැනීමට දක්වන මැලිකමකි.

පියා යනු ජීවය ලබා දෙන්නකු සේ ම පෝෂණය කරන්නෙකු, ආරක්ෂකයෙකු මාර්ගෝපදේශකයකු සහ උපදේශකයකු ලෙස ද සැලකේ. මෙම භූමිකාවන් එක් ආකාරයකින් පියාගේ භූමිකාවට අධිකාරී හෝ ආධිපත්‍යමය තත්ත්වයක් පටබඳින අතර වැරදි ලෙස අර්ථකථනය කර අපේක්ෂිත පරිදි පියා මවට සහාය නොදක්වන්නේ ය යන දුර්මතයක් පැලපදියම් කරයි. ඊට අමතරව, විශේෂයෙන්ම ගැහැණු දරුවන්ගේ භාරකාරත්වය පැවරීමේ දි වගකීම් විරහිත, "විශ්වාසනීය" නොවන යනා දී වශයෙන්, පීතෘ "භූමිකාව" හෑල්ලු කොට ඔහුව අවතක්සේරු කෙරේ. මෙය "පිතෘත්වය" සම්බන්ධයෙන් ප්‍රබල "සදාචාරාත්මක" අපරාධයකි.

Emigrating Sri Lanka 23

2023 ජුනි 18 වන දිනට යෙදෙන "ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය" අතරතුර සාමාන්‍ය පියවරුන්ට වඩා වෙනස්, දුෂ්කර හා සංකීර්ණ වූ සංක්‍රමණික පවුල්වල පියවරුන් හඳුනා ගැනීමට අපේක්ෂා කරයි.

පියා සහ මව දෙදෙනා ම සිටින ස්වාභාවික පවුලක දෙදෙනා විසින් විවිධ භූමිකාවන් ඉටු කළ යුතු නමුත් එකිනෙකාගේ භූමිකාවට සහයෝගය දැක්වීම ද කළ යුතු ය. නමුත් පියා ඉතිරි වී සිටින සංක්‍රමණික පවුල්වල, පියා වඩාත් සංකීර්ණ හා අසාමාන්‍ය තත්වයකට මුහුණ දෙයි. මව පමණක් ඉතිරි වූ සංක්‍රමණික පවුලක් සම්බන්ධයෙන්ද එය එසේම විය හැකි නමුත් බොහෝ අවස්ථාවලදී පියවරුන් නිවෙස්වලට පිටතින් වැඩ කරමින් ජීවත් වන බැවින් එය තරමක් "සාමාන්‍ය" තත්වයකි.

migrants

කාන්තාවන් සංක්‍රමණික ශ්‍රමිකයන් වන ග්‍රාමීය සහ ව ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව ගත් කළ පියා විසින් වගකීම් විරහිත ලෙස කටයුතු කරනු ලැබීම සහ පවුලේ ද්විත්ව භූමිකාව නිසියාකාරව ඉටු නොකරනු ලැබීම නිසා පවුල් ඉහිරී යාම, අධ්‍යාපන ජයග්‍රහණ හීන වීම, තරුණ විවාහ සහ ගැබ් ගැනීම් වැනි සමාජීය පිරිවැය  සමාජීය ගැට අධික වේ. ප්‍රේෂණ වලින් සැබෑ ආර්ථික ලාභයක් නොලැබීම නිසා, කාන්තාවන් නැවත නැවත සංක්‍රමණය වීමට සිදුවි නිසි අවසානයේ පවුලට යථා තත්ත්වයට පත් කළ නොහැකි හානියක් සිදු කරයි. ඌන සංවර්ධිත ප්‍රජාවන් සංක්‍රමණය කිරීමේදී අපේක්ෂිත අවසාන ප්‍රතිලාභියා විය යුත්තේ සංක්‍රමණික පවුලයි. නමුත් විවිධ කරුණු හේතු කොට ගෙන මෙය සිදු නොවේ.

කෙසේ වෙතත් මේ කාරණය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක්වන බවක් පෙනෙන්නට නැත. ඔවුන් සලකනුයේ පවුලේ මුල්‍ය ආර්ථික අභිවෘද්ධිය පමණක් වන බැවින් සංක්‍රමණයෙන් ඇති වන "සමාජ පිරිවැය" සමාජීය ගැට නිසි ලෙස කළමනාකරණය කර අවම කිරීම හෝ අඩු නොකළහොත් පවුලට ඊනියා මූල්‍ය හෝ ආර්ථික සංවර්ධනය භුක්ති විඳිය නොහැකි බව ඔවුහු නොදනිති.

I0000qLEt2trSHUw

සංක්‍රමණික ප්‍රජාවන් විසින් කටයුතු කරන්නන් පියවරුන් / ස්වාමිපුරුෂයන් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර ඔවුන් සතු වගකීම පිළිබඳ හැඟීමක් ගම්‍ය කරනු ලැබ ඇත. රටින් බැහැරවීමට පෙර පුහුණුවේදී සංක්‍රමණික සමිති විසින් පියා සහ මව නිර්බාධිතව නැවත පැමිණීම සහ යළි සමාජගත වීම ඇතුළු සමස්ත සංක්‍රමණ ක්‍රියාවලියේම නිරත කරනු ලැබූ අතර පවුලේ පියා සහ මව ලෙස ද්විත්ව වගකීම භාර ගැනීමට පියවරුන් හට පුහුණුව ලබා දෙන ලදී. පුහුණුවෙන් පසු පියා/සැමියා/තමාගේම පවුලේ දියුණුව පිළිබඳ වගකීම භාර ගන්නා ලදී. බොහෝ අවස්ථාවලදී පුහුණුව හා මඟ පෙන්වීම අනුගමනය කළ පියවරුන් ඔවුන් දැන් "සැබෑ වටිනාකමක් ඇති පියවරුන්" බව අවබෝධ කර ගත් අතර, එසේ වීම ගැන සාඩම්බරයට පත් ව තම සැබෑ 'පිතෘත්වය' සොයා ගත් බවට වූ හැඟීමෙන්  "අභිමානවත්" වූහ.

Emigrating Sri Lanka 15

තම භාර්යාවන්, සහෝදරියන් සහ දියණියන් පවුලේ දියුණුව සඳහා කරන ලද දායකත්වය අගය කළ ඔවුහු පවුලේ දියුණුව සඳහා ගෞරවනීය සම සහකරුවෙකු වීම පිළිබඳ ආඩම්බරයට පත්වූහ. සංක්‍රමණික මවගේ දායකත්වයට ගරු කිරීම වන්නේ මව නොමැති විට පවා පියා පූර්ණ හා ද්විත්ව වගකීම භාරගෙන ඇති බැවින් ඇයගේ පවුල සහ දරුවන් සුරක්ෂිතව සහ හොඳින් කටයුතු කිරීම සහතික කිරීම යි. එසේම තම බිරින්දෑවරු මව් පිය ද්විත්ව භූමිකාව දක්‍ෂ ලෙස ඉටු කරන බවට විශ්වාසය තබමින් සියලු සැප සම්පත් පරිත්‍යාග කරමින් පවුල වෙනුවෙන් සහ රට වෙනුවෙන් විශාල කැපවීමක් කරති.

MenCare Sri Lanka TV spot feature

සෑම පියෙක්ම බලාපොරොත්තු වන්නේ තම දරුවා විනයගරුකව  යහපත් අධ්‍යාපනයක් ලැබ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පරිණතභාවයක් ලබා ගනු දැකීමයි. ජීවිතයේ දී, සංක්‍රමණයේ යෙදී සිටින පියාට තම අභිලාෂයන් ඉටු කර ගැනීමට පවුලේ සහ ප්‍රජාවේ සහාය අවශ්‍ය වේ.

රජයට අමතරව, පාසල්, ආගමික ස්ථාන සංක්‍රමණික පවුල්වලට උපකාර කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතු අතර සංක්‍රමණික පියා නොමැති වීමෙන් ඇති වූ හිදැස එමඟින් සපුරා ගත හැකිය. බොහෝ අවස්ථාවලදී සංක්‍රමණික සමිති සාමාජිකයින්, පන්සල්, දායක සභා, ගුරුවරු සහ ළමා සමාජ පවා ප්‍රජාව පදනම් වූ, සහභාගීත්ව “පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන ඵලදායී කිරීමට දායක විය. තවද ප්‍රජාව මෙම කාර්යභාරය ඉටු නොකරන්නේ නම් එය සංක්‍රමණික පවුලට ද්‍රෝහිවීමක් ලෙස සැලකිය යුතුය. මන්ද යත් සංක්‍රමණික සේවකයාගේ දායකත්වයෙන් සමස්ථ දේශයම ප්‍රතිලාභ ලබන හෙයිනි. සංක්‍රමණික පියා  , සේවයේ යෙදී සිටින සංක්‍රමණිකයකු හෝ ද්විත්ව භූමිකාවක් ඉටු කරන්න පියෙකු , වුවද, ඔහු අගය නොලද්දා වූ ද ගෞරවයන් නොලබන්නා වූ ද හුදු සංක්‍රමණික පවුලක "නිහඬ භාරකරු" ම පමණක්  තත්වයට  පත්ව ඇත.

Emigrating Sri Lanka 02

රජය විසින් සංක්‍රමණික පවුල්වල පියාට ගරු කිරීමට සහ අගය කිරීමට වැඩසටහන් දියත් කළ යුතු බවත්, රට වෙනුවෙන් කරන ලද දායකත්වය අගය කරන සහ හඳුනා ගන්නා සහ සංක්‍රමණික පවුලේ සුබසාධනය සොයා බැලීමට බැඳී සිටින බව සංක්‍රමණික පවුල්වලට පෙන්වීම සඳහා ප්‍රජා පාදක, සහභාගීත්ව “පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහනක්” ක්‍රියාත්මක කරනු ලැබිය යුතු සංක්‍රමණික ප්‍රජා සංවිධාන යෝජනා කරයි.

මීට අමතරව, විකල්ප ඡන්ද ක්‍රම ආදිය යෝජනා කිරීමෙන් සංක්‍රමණිකයන්ට ඡන්ද අයිතිය ලබා දිය යුතු බව ද   යෝජනාවක් වන අතර එය ප්‍රතිපත්තියකට ඇතුළත් කළ යුතුය.              

සංක්‍රමණික පියකු පිළිගැනීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සංක්‍රමණික දිනයේ අනිවාර්ය අංගයක් විය යුතු යැයි  යෝජනා කර සිටියි.


(VOM : සංක්‍රමණික හඬ සාමූහිකය -වොයිස් ඔෆ් මයිග්‍රන්ට්)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...