The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

ලෝක ළමා දිනය හා ගුරු දිනය වෙනුවෙන් වෙනුවෙන් ළමා අපගේ සංදේශය - (VOM)

T

The Leader Desk

October 1, 2023 • 7:04 AM

ලෝක ළමා දිනය හා ගුරු දිනය වෙනුවෙන් වෙනුවෙන් ළමා අපගේ සංදේශය - (VOM)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංක්‍රමණික පවුල්වල දරුවන් වන අපි මෙම සංදේශය තුළින් අපගේ අදහස් මෙසේ ප්‍රකාශ කර සිටිමු.
  • අපට උරුම ආදරය, සෙනෙහස, රැකවරණය සහ ආරක්ෂාව අපි පරිත්‍යාග කර ඇත්තේ අපගේ පවුල් වෙනුවෙන් පමණක් නොව මුළු දේශය ම වෙනුවෙනි.
  • දෙමාපියන් පිළිබඳ සඳහන් කරන විට අපි අපගේ පවුල්වල ජ්‍යෙෂ්ට පුරවැසියන් අමතක නොකරමු.
  • ගමනාන්ත රටවල අපගේ තානාපති කාර්යාලවලින් උපකාර සහ නිදහස බලාපොරොත්තු වන අපගේ පියවරුන්ට මව්වරුන්ට අපගේ රටෙන් නිසි ගෞරවය සහ රැකවරණය සැලසෙන බව හැඟෙන සේ තානාපති කාර්යාලවල සේවා වැඩිදියුණු කිරීම.
අකුරු ප්‍රමාණය (Font Size):

සංක්‍රමණික පවුල්වල දරුවන් වන අපි මෙම සංදේශය තුළින් අපගේ අදහස් මෙසේ ප්‍රකාශ කර සිටිමු.

අපට උරුම ආදරය, සෙනෙහස, රැකවරණය සහ ආරක්ෂාව අපි පරිත්‍යාග කර ඇත්තේ අපගේ පවුල් වෙනුවෙන් පමණක් නොව මුළු දේශය ම වෙනුවෙනි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ විදේශයන් හි සිටින අපගේ පියවරු, මව්වරු, සහෝදරයන් සහ සහෝදරියන් එවන ප්‍රේෂනවලිනි. අපගේ පවුල්වල සතුට සැනසුම අප වෙනුවෙන් පමණක් නොව රට වෙනුවෙන් කැපකරන මා පියවරුන්ගේ දරුවන් වීම පිළිබඳව අපි ආඩම්බර වනවා මෙන් ම සතුටට ද පත් වෙමු. ගෞරවය සහ  පිළිගැනීම ඔවුනට උරුම විය යුතු ය.

දෙමාපියන් පිළිබඳ සඳහන් කරන විට අපි අපගේ පවුල්වල ජ්‍යෙෂ්ට පුරවැසියන් අමතක නොකරමු. අපගේ බොහෝ පවුල්වල දරු මුණුබුරන්ගේ රැකවරණය හා ආරක්ෂාව උරුම විය යුතු ආච්චිලා සහ සීයලා ඔවුන්ගේ ජීවිතය අපව රැක බලා ගැනීමට කැප කරමින් සිටිති. අවාසනාවකට මෙන් කිසිවෙක් පවුල වෙනුවෙන් පමණක් නොව රට වෙනුවෙන් වක්‍රාකාරව ඔවුන්ගේ මෙම මහඟු කැපවීම අගයන්නේ හෝ පිළිගැනීමට ලක් කරන්නේ හෝ නැත.

සංත්‍රමණික පවුල්වල දරුවන් වශයෙන් අපි රජයෙන්, ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සහ සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ,

Screenshot 2023 10 01 at 11.26.24

• සංක්‍රමණය තුළින් සංවර්ධන සහකරුවන් බවට පත්ව සිටින අපගේ මව් පියවරුන්ට සහ  සංක්‍රමණික පවුල්වලට  ගෞරව දැක්වීම සහ පිළිගැනිම ලබා දීම සහ රෝහල්, රජයේ කාර්යාල යනාදියෙන් සේවා ලබා ගැනීමේ දී විශේෂ සැලකිල්ලක් දැක්වීම.

• සංක්‍රමණික පවුල්වල අවදානමට ලක් විය හැකි ළමයින් හඳුනාගෙන ඔවුන් විශේෂ රැකවරණ සැලසුමකට යටත් කිරීම.

• ගමනාන්ත රටවල අපගේ තානාපති කාර්යාලවලින් උපකාර සහ නිදහස බලාපොරොත්තු වන අපගේ පියවරුන්ට මව්වරුන්ට අපගේ රටෙන් නිසි ගෞරවය සහ රැකවරණය සැලසෙන බව හැඟෙන සේ තානාපති කාර්යාලවල සේවා වැඩිදියුණු කිරීම.

• සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණයෙන් ළමයින් වශයෙන් අපගේ අයිතිවාසිකම් භුක්තිවිඳිය හැකි සහ රැකවරණය ලැබිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම.   

• අපගේ සීයලාට සහ ආච්චිලාට ඔවුන්ගේ වෘද්ධ අවධියෙහි දී ඔවුන්ගේ කැපකිරීම බොහෝසෙයින් ඇගයිය යුතු සහ පැසසිය යුතු බවට හැඟී යන විශේෂ රැකවරණ සැලැස්මක කිරීමකට අවධානය යොමු කිරිම.


ගුරු බවතුන්ට

P1 28122018 B05 CMY
පාසල අපගේ දෙවන නිවස වන අතර අපගේ ගුරු බවතුන්ට අපි සලකන්නේ අපේ දෙමව්පියන්ට පසුව සිටින පියවරුන් සහ මව්වරුන් ලෙසිනි. අපගේ දෙමාපියන් ඔවුන්ගේ ප්‍රේෂණ මගින් සෘජුව සහ වක්‍රව සියලුම දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම සමස්ථ අධ්‍යාපන ක්‍රමයට උපකාර කරයි.එබැවින් අපි අපගේ ගුරු බවතුන්ගෙන් උපකාර ඉල්ලා සිටින්නේ,

• අප පාසලෙන් මඟහැරෙන්නේ හෝ නිරන්තරයෙන් පාසලට නොපැමි‍ණෙන්නේ හිතාමතා නොව අපට අවශ්‍ය සහාය සහ දිරිගැන්වීම නොමැති බැවිනි.අපට ඔබෙන් අවශ්‍ය කරන්නේ අපගේ දුෂ්කරතා තේරුම්ගෙන අපට උපකාර කිරීමට මඟ‍පෙන්වීමයි.

• අප සොයන විශේෂ අවධානය ඔබ අපට පෙන්වන බවට  කටයුතු සැලැස්වීමෙන් පාසල සහ අපගේ ගුරු බවතුන් අපගේ දෙමාපියන්ගේ දායකත්වය අගය කරන බව අපට හැඟී යාමට ඉඩ සැලසීමය. 


ප්‍රජාව සහ ආගමික නායකවරුනි,

021026854 dae6ddee 4c52 4618 ab50 84126ae06ec9
මෙරට සෑම පුරවැසියෙක් මෙන් ම සියලු ආගමික ආයතන අපේ තාත්තලාගේ සහ අම්මලාගේ ප්‍රේෂණවලින් ප්‍රතිලාභ ලබති.

සුරක්ෂිත යැයි හැඟෙන පරිසරයක් නිර්මාණය කර දීමට ඔබට හැකි ය.

අපගේ ළමා කාලයේ සතුට භුක්ති විඳීමට අපට උපකාර කිරීමට නිසැකවම ඔබට අප හට සහාය විය හැක.  

සංක්‍රමණය වී සිටින පියවරුනි, මව්වරුනි, සහෝදරවරුනි, සහෝදරියනි,

කරදර නොවී විදේශ රැකියාවකට යමු
අපි ඔබ ගැන සාඩම්බර වෙමු. ඔබ අපේ ආර්ථිකයෙහි ජීවනාලියි. මෙරට තුළ අපගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කරුණාකර නිසි ක්‍රමවේදය අනුගමනය කොට ඔබගේ ප්‍රේෂණ නිවැරිදි ලෙස එවන්න.

ප්‍රවේශමෙන් සිටින්න. විගස අප වෙත පැමිණෙන්න.

 
සංක්‍රමණික හඬ සාමූහිකය (වොයිස් ඔෆ් මයිග්‍රන්ට්ස්)
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...