The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අලුත් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද?- මිලින්ද රාජපක්ෂ

T

The Leader Desk

October 28, 2020 • 6:29 PM

අලුත් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද?- මිලින්ද රාජපක්ෂ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහත්තයා අද ජනාධිපතිතුමයි
  •   ලංකාව මේ දෙන්නගෙන් කාටද කිට්ටු කියන ප්‍රශ්නෙට සාම්ප්‍රදායික දේශපාලන උත්තරේ තමා රාජපක්ෂ කදවුර චීනෙට කිට්ටුයි කියන එක.    පහුගිය අවුරුදු පහ දිහා බැලුවම අපිට තේරෙනවා එක්සත් ජාතික පක්ෂය ඇමරිකාවට සහ යුරෝපයට ඉතාම කිට්ටු බව.
  •   අපේ ලිඛිත ඉතිහාසයේ තීරණාත්මකම රාජ්‍යතාන්ත්‍රික හමුව තමා ඉන්දියාවේ රජතුමාගේ පුතා බුද්ධාගමත් අරගෙන අපේ රටේ රජතුමා හම්බවෙන්න ආපු එක.    ඒ හමුව නුතන ශ්‍රී ලංකාව මෙසේ වීමට බොහෝ බලපෑවා.
  •     සිරිමාවෝ මැතිණිය තමා ‘නොබැදි ජාතියක්’ ලෙස අපිව ඔසවා තැබුවේ.    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමා ‘නොබැදි ජාතියක්’ ලෙස අපිව ඔසවා තැබුවේ.    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තියත් ඒකයි.
අකුරු ප්‍රමාණය (Font Size):
අගමැතිතුමයි විදේශ කටයුතු ඇමතිතුමයි ඊටපස්සේ ජනමාධ්‍යවේදියෝයි හම්බවෙලා එයා ආපු ප්ලේන් එකේම නැගල මාලදිවයිනට ගියා. 
 
පොම්පෙයෝ වාර්තාවකුත් තිබ්බා අඩුම වෙලාවක් ඊශ්‍රායලයේ රැදී සිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විදියට. ඒ පැය හතරක්. 
 
ඇමරිකාව ඡන්දෙ ලබන අගහරුවදා. ට්‍රම්ප් වෙනුවෙන් පොම්පෙයෝ මේ යන්නේ ඒ පොලිටිකල් කැම්පේන් එකේම කොටසක් විදියට. 
 
කොරෝනා වලින් පස්සේ මෙහෙට ආපු ලොකුම රාජ්‍යතාන්ත්‍රිකයා චීනයේ හිටපු විදේශ අමාත්‍ය දැනට උප ජනාධිපතිවරයකුගේ බලතල දරණ යැන්ග් පියෙජි. 
 
අලුත් සීතල ලෝක යුද්ධය තියෙන්නේ චීනය සහ ඇමරිකාව අතර. ඒ දෙන්නම අපි දෑත් දිගුකොට පිළිගත්තා.
 
ලංකාව මේ දෙන්නගෙන් කාටද කිට්ටු කියන ප්‍රශ්නෙට සාම්ප්‍රදායික දේශපාලන උත්තරේ තමා රාජපක්ෂ කදවුර චීනෙට කිට්ටුයි කියන එක. 
 
පහුගිය අවුරුදු පහ දිහා බැලුවම අපිට තේරෙනවා එක්සත් ජාතික පක්ෂය ඇමරිකාවට සහ යුරෝපයට ඉතාම කිට්ටු බව.
 
 ඒ විතරක් නෙමෙයි යහපාලන ආණ්ඩුව ඉතාම දීන විදියට ඇමරිකාව ලංකාවට විරුද්ධව ගෙනාපු මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවට සම පාර්ශවකරුවෙක් වුනා. 
 
හංදියේ චන්ඩියා අපිට කනේපාරක් ගැහුවම උට තියෙන බයට ඌ ඉස්සරහම අපි අපේ අනිත් කණට ගහගන්නවා වගේ වැඩක්. 
 
යුද්ධයෙන් පස්සේ රටේ මිනිස්සු ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුන ලොකුම දේ තමා ගම නගරය රට සංවර්ධනය කරන එක. 
 
ඒ වෙලාවේ අර චෝදනා මේ හිරිහැර වෙනුවට ලංකාව ඇතුලේ විශාල ලෙස සංවර්ධන කටයුතු වලට උදව් කලේ චීනය. ඒ වගේම මතක තියාගන්න ඕනා ඇමරිකාව තමා අපේ ඇගළුම් වැඩිපුරම සල්ලි දීලා ගන්නේ.
 
අපේ ලිඛිත ඉතිහාසයේ තීරණාත්මකම රාජ්‍යතාන්ත්‍රික හමුව තමා ඉන්දියාවේ රජතුමාගේ පුතා බුද්ධාගමත් අරගෙන අපේ රටේ රජතුමා හම්බවෙන්න ආපු එක. 
 
ඒ හමුව නුතන ශ්‍රී ලංකාව මෙසේ වීමට බොහෝ බලපෑවා. ‘කල්‍යාණ මිත්‍රත්වය’ තමා ඒ සබදතාවයේ පදනම. ඒ වගේම ‘ආසියාව පළමුව’ කියන අදහසත් එකල රාජ්‍යතාන්ත්‍රික සබදතාවල මුලික ලක්ෂණයක් විත්තිය පේනවා. 
 
ඉන්දියාව සමග අපේ තිබුන මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සබදතාව, බ්‍රිතාන්‍යන් සහ අනෙකුත් යුරෝපීයන් අපිට කල අමානුෂික යටපත් කිරීමට වඩා ගොඩාක් වෙනස්.
 
 The Non Aligned Summit in Colombo Sri Lanka in 1976
සිරිමාවෝ මැතිණිය තමා ‘නොබැදි ජාතියක්’ ලෙස අපිව ඔසවා තැබුවේ. 
 
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමා ‘නොබැදි ජාතියක්’ ලෙස අපිව ඔසවා තැබුවේ. 
 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තියත් ඒකයි. අවුරුදු තිහක යුද්ධය අවසන් කලෙත් ඒ ප්‍රතිපත්තිය මත පිහිටාමයි. 
 
යුද්ධයෙන් පස්සේ අසීමිත ජාත්‍යන්තර බලපෑම් මැද්දේත් රට සංවර්ධනය කරා ගෙන ගියෙත් ඒ නොබැදි විදේශ ප්‍රතිපත්තිය මතයි. 
 
හැබැයි විදේශ තානාපති කාර්යාල, ඔත්තුසේවා සහ ඩොලර් මුල්‍ය ආධාර සමාගම් එක්ක ගිවිසුම් ගතවෙලා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවලා දීන යහපාලන ආණ්ඩුව ගෙනාපු ජනතා විමුක්ති පෙරමුණ අද ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහා බෝඩ් අල්ලන් ඉන්නවා.
 
''ගෝඨාභය රාජපක්ෂ රටහදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියේ තුන්වන කොටසේ ‘සුරක්ෂිත රටක්’ යටතේ ‘මිත්‍රශීලී සහ නොබැදුණු විදේශ ප්‍රතිපත්තියක්’ කියන අපේ රාජ්‍යතාන්ත්‍රික දැක්ම ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා.''
 
ගෝඨාභය රාජපක්ෂ රටහදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියේ තුන්වන කොටසේ ‘සුරක්ෂිත රටක්’ යටතේ ‘මිත්‍රශීලී සහ නොබැදුණු විදේශ ප්‍රතිපත්තියක්’ කියන අපේ රාජ්‍යතාන්ත්‍රික දැක්ම ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. 
 
ඒ යටතේ කියනවා රටේ භූමිය හෝ සම්පත් කිසිම විදේශ රටකට විකුණන්නේ නෑ, රටේ ස්වාධීනත්වය කිසිම බලවෙතෙකුට පාවා දෙන්නේ නෑ, ලෝක ආර්ථික බලය ආසියාව දෙසට නබුරුවෙන නිසා අපිත් ආසියාව සමග ආර්ථික සබදතා ශක්තිමත් කරගන්නවා, කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව ඇතුළු සාක් රටවල් සමග කිට්ටුවෙන් වැඩකරන ගමන් ලෝකයේ බලවත් ආර්ථිකයන් සහිත රටවල බලය කිසිවිටෙක අවතක්සේරු නොකරන බව. වඩාත්ම වාක්‍ය තමා යහපාලන ආණ්ඩුව ගහපු හැම විදේශ ගිවිසුමක්ම අපි නැවත සමාලෝචනය කරනවා පමණක් නොව රටට අහිතකර කිසිම ගිවිසුමකට එළබෙන්නේ නැති විත්තිය.
 
පසුගියදා ලංකාවේ Ambassador Forum විසින් ලියා පලකල Foreign Policy Perspective : Sri Lanka First කෘතියේ ඉතාම හරවත් ලෙස, ලංකාවට මුල් තැන ලැබෙන : ලංකාවේ මිනිස්සුන්ගේ අභිලාෂයන් මල්ඵල ගැන්වෙන විදේශ ප්‍රතිපත්තියක්, ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන විදිය ගැන සාකච්චා කෙරෙනවා.
 
 පියෙජි වගේම පොම්පෙයොත් අපේ යාලුවෝ. මොඩිත් අපේ යාලුවෙක්. අරාබියේ රජතුමාත් අපේ යාලුවෙක්. පලස්තීනය සහ ඊශ්‍රායලය කියන දෙන්නම අපිට එක වගේ. 
 
අවශ්‍ය දේ අරගෙන, කරට නගින්න ආවොත් දෙකක් ඇනලා බිමට දාන්න ඕනා. ඒක දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. පුංචි වුනාට අපි කෙලින් හිටියොත් කවුරුවත් ඔලුවට අත හෝදන්න එන්නේ නෑ.
 
අවශ්‍ය දේ අරගෙන, කරට නගින්න ආවොත් දෙකක් ඇනලා බිමට දාන්න ඕනා. ඒක දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. පුංචි වුනාට අපි කෙලින් හිටියොත් කවුරුවත් ඔලුවට අත හෝදන්න එන්නේ නෑ.
 
ගෝඨාභය ජනාධිපතිතුමා චීනෙට කිව්වා සේරම අපිට විකුණා විකුණා ඉන්න හදන්න එපා අපේ බඩුත් එහාට ආනයනය කරන්න කියලා. ඇමරිකාවට කීවා අපි කාගේවත් ණය උගුලකට අහුවෙලා නෑ කියලත්.
 
පෙරටුගාමී සෙට් එක පෝස්ටර් ගැහීම, ඒකෙ ඇරියස් එකට ජවිපෙ පිකට් එකක් කිරීම වගේ සිගිති ආතල් ඇරුනම ‘චීන ඇමරිකා සංචාර’ පාදක කරගෙන ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ දිශානතිය ගැන විදිමත් සංවාදයක් ගොඩනැගුනු බව තමා මගේ අදහස. 
 
චීනට කොරන්ටින් නැත්තේ ඇයි කියල අහපු කොලබ සිවිල් සෙට් එකත් පොම්පෙයෝ ආවම මීක් නෑ. සිකුරාදා ඇදිරිනීතිය දැම්මම ඔයටිකත් අමතක වෙනවා.
 
ලංකාවේ නායකයෝ කවදාවත් නොකියපු කතාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ 75 වෙනි සමරු මහා සම්මේලනයට එකතුවෙමින් කීවා. 
 
‘ප්‍රජාතන්ත්‍රවාදිව බලයට ආපු ආණ්ඩු වලට ස්වාධීනව වැඩකරලා ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න ඉඩ දෙනවා මිසක් අභ්‍යන්තර වැඩකටයුතු වලට ඇගිල්ල ගහන්න එපා’.
  
Milinda Rajapaksha(මිලින්ද රාජපක්ෂ)
කොළඹ නාගරික මන්ත්‍රී 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...