The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇමරිකානු මැතිවරණයෙන් ලංකාවට කුමක් වෙයිද? -මහාචාර්ය රොහාන් සමරජීව

T

The Leader Desk

November 7, 2020 • 3:22 PM

ඇමරිකානු මැතිවරණයෙන් ලංකාවට කුමක් වෙයිද? -මහාචාර්ය රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද මැතිවරණය ඒකීය මැතිවරණයක් නොවෙයි.
  • වසංගතයටත්, ආර්ථික අර්බුදයටත් දැඩි බලපෑමක් ඇති වනු ඇතැයි අප බලාපොරොත්තු විය යුතුයි.
  • ට්‍රම්ප් ඒවායින් ඈත් වේවි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය වෙන වෙනම මැතිවරණ 51ක එකතුවක්. 

තැපැල් ඡන්දත් ගොඩක් තිබෙනවා. 

ඒ නිසා අවසන් ප්‍රතිඵලය පැය කීපයකින් ලබාගන්නට බැහැ.

මෙම මැතිවරණය කොවිඩ්-19 වසංගතය හා ආර්ථිකයට එයින් ඇතිවන බලපෑම කෙරෙහි අවධානය යොමු කළ එකක්. 

මා සිතන පරිදි, වසංගතය පාලනයෙන් ගිලිහෙමින් තිබෙනවා. 

එයින් ආර්ථිකයට සිදුවන දෙය දරුණු වෙන්නට පුළුවන්. 

ඒ නිසා, කවුරු දිනුවත්, රට ගැන තමයි අවධානය යොමු කරන්නට වෙන්නේ. 

1930දී සිදු වූ මහා අවපාතය පරිමාණයේ බලපෑමක් ඇති විය හැකියි. 

මෙය එක්සත් ජනපදයේ සැලකිය යුතු ජනගහනයකට බලපෑවොත්, එහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ඉල්ලුමට බලපෑමක් ඇති විය හැකියි. 

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළයි. 

ඒ නිසා අපට අනිවාර්යයෙන් ම මෙය බලපානවා. 

වසංගතයටත්, ආර්ථික අර්බුදයටත් දැඩි බලපෑමක් ඇති වනු ඇතැයි අප බලාපොරොත්තු විය යුතුයි.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළයි. ඒ නිසා අපට අනිවාර්යයෙන් ම මෙය බලපානවා. වසංගතයටත්, ආර්ථික අර්බුදයටත් දැඩි බලපෑමක් ඇති වනු ඇතැයි අප බලාපොරොත්තු විය යුතුයි.

ට්‍රම්ප් විසින් එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගත්තා. 

එක්සත් ජනපදයේ හා ඉන් පිටත බොහෝ ජනයා විශ්වාස කරන පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසංගතයටත් අනාගත වසංගතවලටත් සාර්ථක ප්‍රතිචාරයක් සඳහා අවශ්‍යයි. 

බයිඩන් දිනුවොත්, මා සිතන පරිදි එක්සත් ජනපදය වහාම නැවත ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකතු වෙනවා. 

WHO USබයිඩන් දිනුවොත්, මා සිතන පරිදි එක්සත් ජනපදය වහාම නැවත ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකතු වෙනවා. 

දේශගුණ විපර්යාස, වසංගත වැනි ශ්‍රී ලංකාවට බලපාන කාරණාවලදී එක්සත් ජනපදය බහු පාර්ශ්වීය මුලපිරුම්වලට සම්බන්ධ වන ආකාරයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබේවි. 

බයිඩන්ගේ කණ්ඩායම ඒවා සමග සම්බන්ධ වේවි. ට්‍රම්ප් ඒවායින් ඈත් වේවි.

 

භූ දේශපාලනය :

භූ දේශපාලනය සම්බන්ධයෙන් ගත් විට ක්වොඩ් රටවල (එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව) මුලපිරුම සම්බන්ධයෙන් හා චීනයේ නැගීම පාලනය සීමාකිරීම හෝ තුලනය කිරීම සම්බන්ධ සාමාන්‍ය ප්‍රයත්නයන්ගේ මූලික වෙනසක් සිදු වේ යයි මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. 

මේවා එක්සත් ජනපදයේ දිගුකාලීන උවමනාවන් සමග සම්බන්ධයි. 

ඒවා දේශපාලන පක්ෂයෙන් පක්ෂයට වෙනස් වෙන්නේ නැහැ. එහෙත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරයේ වෙනස්කම් සිදුවිය හැකියි.

ඉන්දියාව එක්සත් ජනපද මූලෝපායේ වැදගත් අවධානයක් වේවි. 

බොහෝ අවස්ථාවලදී, ශ්‍රී ලංකාවට සිදුවන්නේ ඉන්දියාව හා චීනය සම්බන්ධ වඩා පුළුල් මූලෝපායන් සමග අනුගත වන්නටයි. 

ලෝකයේ අනෙක් පැත්තේ තිබෙන කුඩා රටක් වන ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂාව හසුරුවන රටවලට ඉහළ ප්‍රමුඛතාවක් වනු ඇතැයි සිතීම එතරම් යථාර්ථවාදී නැහැ.

''ලෝකයේ අනෙක් පැත්තේ තිබෙන කුඩා රටක් වන ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂාව හසුරුවන රටවලට ඉහළ ප්‍රමුඛතාවක් වනු ඇතැයි සිතීම එතරම් යථාර්ථවාදී නැහැ.''

 

මානව හිමිකම් සහ ශ්‍රී ලංකාව :

එක්සත් ජනපදයට වැඩි අවධානයක් යොමුකරන්නට සිදුවන්නේ අභ්‍යන්තර කාරණාවලටයි. 

ඒ නිසා, කවුරු බලයට ආවත්, මානව හිමිකම් කෙරෙහි අවධානය අඩු වේවි. 

ඇත්තෙන්ම, ට්‍රම්ප් බලයට ආවොත්, එය නැත්තටම නැති මට්ටමකට පත්වේවි.

 එහෙත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආවේණික සංස්කෘතිය නිසා එය සම්පූර්ණයෙන් ප්‍රදර්ශනය වෙන්නට තරමක කලක් ගතවේවි.

අලුත් ජනාධිපතිවරයෙකු දහස් ගණනක් අලුත් නිලධාරීන් පත්කරාවි.   මෙම අලුත් පත්වීම් හරහා එම පත්වීම්ලාභීන්ට පෞද්ගලිකව වැදගත් ඇතැම් කාරණා ඉදිරියට එන්නට පුළුවන්. 

එහෙත්, මේ අවස්ථාවේදී ඒගැන කියන්නට කල්වැඩියි. 

kamala harrisඇමරිකානු ජනාධිපතිවරණයේ දකුණු ආසියානු 'නෙළුම' කමලා හැරිස්

කමලා හැරිස්ගේ මූලික අනන්‍යතාව තිබෙන්නේ ඉන්දියානු සම්භවයක් ඇති අයෙකුට වඩා අප්‍රිකානු ඇමරිකානුවකු ලෙසයි. 

එහෙත්, ඇය තෝරාගැනීම නිසා ඉන්දීය සම්භවයක් සහිත විශාල ඇමරිකානුවන් පිරිසක් ඇයට සහාය දුන්නා. 

මගේ නිරීක්ෂණය අනුව, එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික විදෙස්ගත ප්‍රජාව කැනඩාවේ හෝ එක්සත් රාජධානියේ තරම් බලපෑම් සහගත නැහැ.

මා දකින විදියට නම් වැඩි බලපෑමක් තිබෙන් ලෝකය වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය, ඒ හා සම්බන්ධ ආර්ථික අවපාතය හා දේශගුණික විපර්යාසයේ වඩා ලොකු ප්‍රශ්නවලටයි. 

ට්‍රම්ප්ගේ දිනුමක් යනු එක්සත් ජනපදය විද්‍යාව අත්හැර තනි ගමනක් යන්නට උත්සාහ කිරීමයි. 

බයිඩන් දිනුමක් යනු බහුපාර්ශ්වික ප්‍රවේශයකට වඩා හිතකර මගක්.  එමගින් විද්‍යාවට ප්‍රමුඛතාව ලැබේවි. 

එහෙත්, එක්සත් ජනපදය රාජ්‍යයක් ලෙස දුර්වල වී තිබෙන ආකාරය අනුව, කවුරු දිනුවත් දේවල් එතරම් ප්‍රශස්ථ වෙන්නේ නැහැ.

Prof Rohan samarajeewa 1(මහාචාර්ය රොහාන් සමරජීව)

rohan@lirneasia.net praja.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...