The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

Whatsapp වලින් එන Good Morning පණිවිඩ නිසා ජාල අවහිරතාවක්!

T

The Leader Desk

February 4, 2024 • 10:28 AM

Whatsapp වලින් එන Good Morning පණිවිඩ නිසා ජාල අවහිරතාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අන් කිසිවක් නොව, ඔබ උදෑසන ඔබේ දුරකථනය අතට ගෙන එහි තිරය විවර කරද්දී එක පිට එක ලැබෙන ‘සුබ උදෑසනක් වේවා!’ ලෙසින් වූ පණිවිඩයන්ය.
  • මේවා එක්කෝ අකුරින් සරලව ටයිප් කරන ලද ඒවා හෝ පින්තූර වශයෙන් හෝ තිබිය හැකිය. නව වසරක් එළැඹෙද්දී, උපන් දිනය ලබද්දී වැනි, වසරකට වරක් උදා වන විශේෂ අවස්ථාවක දී මෙන් නොව දිනපතා මෙසේ ලැබෙන පණිවිඩ ඇතැම්විට ඔබට කරදරයක් වන්නට පුළුවන.
  • ඔබ යම් ගැටලුවක කිඳී ඇති අවස්ථාවක නම් ශබ්ද නගමින් එක දිගට උදෑසන ලැබෙන මේ පණිවිඩ කරදරයක් නොවූයේ නම් එය පුදුමයක්මය. හිතමිතුරන් විසින් මේවා එවන නිසා මේ සම්බන්ධව කිසිවක් කරකියා ගන්නට හැකියාවක් නොමැතිව සිටිනවා වන්නට ද පුළුවන.
  • ඇතැම් පුද්ගලයන් අධික ලෙස මෙසේ ලැබෙන පණිවිඩ නිසා Whatsapp සමූහයන්ගෙන් ඉවත්ව යන අවස්ථාවන් ද දක්නට ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අන් කිසිවක් නොව, ඔබ උදෑසන ඔබේ දුරකථනය අතට ගෙන එහි තිරය විවර කරද්දී එක පිට එක ලැබෙන ‘සුබ උදෑසනක් වේවා!’ ලෙසින් වූ පණිවිඩයන්ය. මේවා එක්කෝ අකුරින් සරලව ටයිප් කරන ලද ඒවා හෝ පින්තූර වශයෙන් හෝ තිබිය හැකිය. 

නව වසරක් එළැඹෙද්දී, උපන් දිනය ලබද්දී වැනි, වසරකට වරක් උදා වන විශේෂ අවස්ථාවක දී මෙන් නොව දිනපතා මෙසේ ලැබෙන පණිවිඩ ඇතැම්විට ඔබට කරදරයක් වන්නට පුළුවන. අනෙක මෙහි අර්ථය කුමක්දැයි ඔබට සිතෙනවා ද විය හැකිය. කෙතරම් පණිවිඩ ලැබුණ ද දවස සුබ වන්නේ ද නැත. ඔබ යම් ගැටලුවක කිඳී ඇති අවස්ථාවක නම් ශබ්ද නගමින් එක දිගට උදෑසන ලැබෙන මේ පණිවිඩ කරදරයක් නොවූයේ නම් එය පුදුමයක්මය. 

whats

 

හිතමිතුරන් විසින් මේවා එවන නිසා මේ සම්බන්ධව කිසිවක් කරකියා ගන්නට හැකියාවක් නොමැතිව සිටිනවා වන්නට ද පුළුවන. ඇතැම් පුද්ගලයන් අධික ලෙස මෙසේ ලැබෙන පණිවිඩ නිසා Whatsapp සමූහයන්ගෙන් ඉවත්ව යන අවස්ථාවන් ද දක්නට ලැබේ. එයට හේතුව වන්නේ මෙසේ දිනපතා අධිකව ලැබෙන පින්තූර නිසා දුරකතනය පිරී ඉතිරී යාමය. සැබවින්ම මේ ගැටලුව ඔබ හෝ මා පමණක් මුහුණ දෙන්නක් නොවේ. ඉන්දියාවේ මෙය ඉතා අධිකව සිදු වේ. ලෝකයේ බහුලව සුබ උදෑසනක් වේවා පණිවිඩ යවන්නේ ඉන්දියානුවන් වන අතර එය මුළු ලෝකයේම දුරකතන ජාල ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කරන බව ද සොයා ගෙන තිබේ.

 

දුරකතන සන්නිවේදන ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් පිරිසක් එක්ව කළ පර්යේෂණයකින් හෙළි වූයේ ඉන්දියානුවන් සෑම උදෑසනකම යවනු ලබන සුබ උදෑසනක් වේවා පණිවිඩ නිසා ඉන්දියාවේ පමණක් නොව ලොව පුරාම දුරකතන ජාල පද්ධති මහත් තදබදයකට ලක්වන බවය. එපමණක් නොව ස්මාර්ට් දුරකතන පවා ක්‍රියාකාරීත්වය ඇණහිටින අවස්ථාවන්ද කොතෙකුත් වාර්තා වී තිබේ. මෙයට හේතුව ඉන්දියානුවන් ලොව පුරා බොහෝ රටවල සැලකිය යුතු ප්‍රමාණයන්ගෙන් ජීවත්වන නිසාය.

ගූග්ල් සමාගම මගින් සොයා ගෙන ඇත්තේ උදෑසන සුබ පැතීම සඳහා මල්, ඉර පායන දර්ශන, කුරුළු පැටවුන් ආදී දර්ශන සහිත පින්තූර සොයා ගූග්ල් සෙවුම් යන්ත්‍රය භාවිත කරනා ඉන්දියානුවන්ගේ ප්‍රමාණය සෑම උදෑසනකම එකවර ඉහළ යන බවය. 

 

ind 67


එකවර මෙසේ සිය ස්මාර්ට් දුරකතන ඔස්සේ අන්තර්ජාලයට ප්‍රවේශ වීම නිසා දුරකතන ජාල පද්ධති එකවර අඩපණ වෙයි. මෙයට හේතුව ඕනෑම පද්ධතියකින් එකවර පාලනය කළ හැකි දත්ත ප්‍රමාණයේ උපරිමයක් පැවතීම නිසාය. 

උදාහරණයක් ලෙස, යම් ගොඩනැගිල්ලක ඇතුළු වීමේ දොරටුවෙන් සාමාන්‍යයෙන් වරකට ගමන් කරන්නේ 50 ක් යැයි සිතන්න. එවිට දොර සකස් කරන්නේ උපරිම වශයෙන් 70 කට පමණ ගමන් කළ හැකි පරිදිය. එවිට හදිසියේ යම් තදබදයක් ඇතිවුව ද එය පාලනය කිරීම පහසු වනු පිණිසය. නමුත් එකවර මේ හරහා ගමන් කරන ප්‍රමාණය ක්ෂණිකව දහසක් පමණ වුවහොත් දොරටුව අවහිර වීම වැළැක්විය නොහැකිය. දුරකතන ජාල පද්ධතිවලට සිදුවන්නේ ද මෙයමය. මෙය සෑම උදෑසනකම සිදුවන්නකි.

 

ind 6

 

ඉර නැගෙන්නට පෙරාතුව ආරම්භ වන මේ කටයුත්ත උදෑසන 8 පමණ වනතුරු ක්‍රියාත්මක වෙයි. ගූග්ල් සමාගම විසින් කරන ලද පර්යේෂණකට අනුව පසුගිය වසර 5 තුළ උදෑසන සුබ පැතීමේ පණිවිඩ සෙවීම සඳහා පමණක් ගූග්ල් සෙවුම් යන්ත්‍රයට ප්‍රවේශ වන්නන්ගේ ප්‍රමාණය දහ පහළොස් ගුණයකින් වර්ධනය වෙමින් පවතින බව හෙළි වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ පින්තූර බෙදාහදා ගැනීම සඳහා පමණක්ම වෙන් වූ Pinterest වැනි වෙබ් අඩවි සුබ උදෑසනක් වේවා යනුවෙන් අඩංගු පින්තූර ඇතුළත් කරමින් වෙනම කොටසක් සිය වෙබ් අඩවිය තුළ ස්ථාපනය කිරීමට ද කටයුතු යොදා ඇත්තේ මේවාට ඇති අධික ඉල්ලුම නිසාය.

Whatsapp යෙදුම ද Staus පණිවිඩ යැවීම සඳහා පහසුකම ඇති කළේ මේ කාර්යය සඳහාම බව Wall Street Journal ආයතනය පවසයි. එහිදී සිය දුරකතනයේ සිටින Whatsapp පරිශීලකයන් සියලු දෙනාටම එකවර මේ පණිවිඩය යවන්නට හැකියාව තිබේ.

 

main qimg 550c49e66efbad702a22317754bee521 lq

ඉන්දියාව පුරා වෙසෙන මිලියන 200 කට අධික ස්මාර්ට් දුරකතන පරිශීලකයන් පමණක් නොව ලොව පුරා වෙසෙන ඉන්දියානුවන් ද මේ කාර්යය හිමිදිරි උදෑසන ආරම්භ කරති. කෙටියෙන් කිවහොත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා මේ පුරුද්දට ඇබ්බැහි වී සිටියි. යෝග ව්‍යායමවල නිරත වන ඔහු හිරු නැගෙන්නට පැයයි මිනිත්තු 36 කට පෙර මිනිත්තු 48 ක කාලයක් පුරා පවතින සුබ හෝරාවක් වන බ්‍රහ්ම මුහුර්තයේ දී යෝග ව්‍යායාම සිදු කොට එය අවසන් වූ විගස හතර අතට සුබ උදෑසනක් වේවා පණිවිඩ යැවීම සිදු කරයි. එක් අවස්ථාවක දී ඔහුගේ සුබ උදෑසනක් පැතීමේ පණිවිඩවලට ප්‍රතිචාර නොදැක් වූ නිලධාරීන් පිරිසකට ඔහු විශේෂයෙන් අවවාද සිදු කළ බව ද වාර්තා වී තිබේ.

අඩුමිලට ස්මාර්ට් දුරකතන හා දත්ත සැලසුම් ක්‍රම පැවතීම ද මේ තත්ත්වය වඩාත් උත්සන්න කරන්නට හේතු වී තිබේ. විශේෂයෙන් මතක ධාරිතාව අඩු, ලාභ ස්මාර්ට් දුරකතනවලට එකවර මෙසේ ලැබෙන පණිවිඩ නිසා සෑම උදෑසනකම මේවා අඩපණ වීම සුලභව දැකිය හැකි දෙයකි. එවිට දත්ත ලැබීම ක්‍රියා විරහිත කොට දුරකතනය නැවත පණගැන්වීමට සිදුවන අතර, දත්ත නැවත ක්‍රියාත්මක කළ විගස යළිත් දුරකතනය අඩපණ වෙයි. 

shutterstock 426983428 897x500
ඉන්දියාවේ සෑම දුරකතන 3කට 1 ක් වශයෙන් මේ හේතුව නිසා අඩපණ වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ මෙය සෑම දුරකතන 10 කටම 1 ක් වශයෙන් වාර්තා වී තිබේ. ඇමරිකාවේ මේ ගැටලුව මතුවන්නේ එරට ද සැලකිය යුතු ඉන්දියානුවන් පිරිසක් ජීවත් වන බැවිනි. එක්සත් රාජධානියේ ද මේ තත්ත්වය මෙසේමය.

ඔබ ද ඇතැම්විට මේ තත්ත්වයට මුහුණ පා සිටින්නෙක් විය හැකිය. දුරකතනය ඉහළ ගුණත්වයකින් පවතින්නක් නම් එය අඩපණ වීමෙන් වළක්වා ගත හැකිය. නමුත් පණිවිඩ ලැබීම වැළැක්විය නොහැකිය. එසේ වළක්වන්නේ නම්, මෙසේ පණිවිඩ එවන්නන් සිය ඇමතුම් ලැයිස්තුවෙන් ඉවත් කරන්නට සිදු වේ. එය ප්‍රායෝගිකව කරන්නට දුෂ්කර දෙයකි. දත්ත ක්‍රියාත්මක නොකර සිටීම ප්‍රයෝගික නොවන්නේ වර්තමානයේ දත්තවලින් තොර ජීවිතයක් නොමැති නිසාය. 

කළ හැකි පහසුම දෙය නම් මෙවැනි පණිවිඩ ලැබෙන බවට දුරකතනය ලබාදෙන දැනුම් දීම (Notifications) අවහිර කිරීමය. බොහෝ දෙනෙක් සිදු කරන්නේ එයය. දැනට ඇති හොඳම විසඳුම එය වන අතර ඇතැම්විට ඉදිරියේ දී වෙළෙඳපලට පැමිණෙන දුරකතනවල මේ සඳහා ද විශේෂ විකල්පයක් ඇතුළත් වන්නට ඉඩ තිබේ. එතෙක් ඔබට මෙයින් ගැලවෙන්නට හැකියාවක් නැත.#narendr

සටහන :

(නිරංජන් චාමින්ද කරුණාතිලක)

උපුටා ගැනීම - vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Whatsapp වලින් එන Good Morning පණිවිඩ නිසා ජාල අවහිරතාවක්! | The Leader