The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
පුවත්

නිවැරදි මුවවැසුම් පාවිච්චියෙන් වසංගතයෙන් බේරීම WHO උපදෙස් (වීඩියෝ)

T

The Leader Desk

October 14, 2020 • 4:38 PM

නිවැරදි මුවවැසුම් පාවිච්චියෙන් වසංගතයෙන් බේරීම WHO උපදෙස් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමේ පියවරක් වශයෙන් මුඛ ආවරණයක්
  • # මුඛ ආවරණය පරීක්ෂා කර එය හානි වී හෝ අපිරිසිදු වී ඇත්නම් එය භාවිත ‌නොකරන්න.
  • # සමහර මුඛ ආවරණ වල ලෝහ කැබැල්ලක් ඇත.
  • # ඔබේ මුඛ ආවරණය මුඛය, නාසය නිකට ආවරණය කළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

නිවැරදිව භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුන්වා තිබේ.

 වෛද්‍ය නොවන රෙදි මුඛ ආවරණයක් ආරක්ෂිතව පළදින ආකාරය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ  ප්‍රජා වෛද්‍ය විශේෂඥ අචල ජයතිලක වීඩියෝවක් මගින් පැහැදිලි  කරන පියවර මාලාව පහත වේ.

# රෙදි මුඛ ආවරණයක් නිවැරදිව භාවිත කරන්නේනම් සෑම විටම දැතේ සනීපාරක්ෂාව සහ ස්වශන ආචාරශිලීත්වය නඩත්තු කිරීම මෙන්ම, අඩුම තරමේ කායික දුරස්ථභාවය මීටරයක්වත් පවත්වාගැනීම මගින් කොරෝනා වෛරසය බෝ වීම  අඩු කිරීමට හෝ වැළැක්වීමට හැකිය.

# රෙදි වලින් සැකසු මුඛ ආවරණයක් පළදින විට එය පැළදීමට පෙර සබන් සහ ජලයෙන් හෝ මධ්‍යසාර මත පදනම්ව සැකසු විෂබීජ නාශයයක් භාවිතයෙන් ඔබේ දෑත් පිරිසිදු කරගන්න.
# මුඛ ආවරණය පරීක්ෂා කර එය හානි වී හෝ අපිරිසිදු වී ඇත්නම් එය භාවිත ‌නොකරන්න.

# සෑම විටම මුඛ ආවරණයේ එක් පැත්තක් පමණක් භාවිත කළ යුතු අතර පැති මාරු නොකරන්න.

# සමහර මුඛ ආවරණ වල ලෝහ කැබැල්ලක් ඇත. ඔබේ මුඛ ආවරණය එවැනි එකක්නම් එය ඔබේ නාසයට උඩින් තදවන ආකාරයට පළදින්න.

# ඔබේ මුඛ ආවරණය මුඛය, නාසය නිකට ආවරණය කළ යුතුය.

# මුහුණේ දෙපැත්තෙන් කිසිදු හිඩැසක් නොවන ලෙස මුඛ ආවරණය මුහුණට සකස් කළ යුතුය.

# මුඛ ආවරණය පැළද සිටින විට එය ස්පර්ශ කිරීමෙන් වළකින්න.

# ඔ‌බේ මුඛ ආවරණය අපිරිසිදු හෝ තෙත් වු විට එය මාරු කරන්න.

# මුඛ ආවරණය ගැලවීමට ප්‍රථම ඔ‌‌බේ දෑත් පිරිසිදු කර ගන්න.

# මුඛ ආවරණයේ ඉදිරිපස ස්පර්ශ නොකර හිස හෝ කණ පිටුපස ඇති පටි ඉවත් කරන්න.

# ඔබ මුඛ ආවරණය ඉවත් කරන විට එය ඔබේ මුහුණෙන් ඉවතට ගලවන්න,

# ඕනෑම මුඛ ආවරණයක් ඉවත්කිරීමෙන් අනතුරුව ඔබේ දෑත් පිරිසිදු කර ගන්න,

# ඔබට රෙදි මුඛ ආවරණයක් නැවත භාවිත කිරීමට අවශ්‍ය නම් එය පිරිසිදු කර නැවත මුද්‍ර තැබිය හැකි බෑගයක ගබඩා කරන්න,

# මුඛ ආවරණය බෑගයෙන් ඉවතට ගැනීමේදී ඉලස්ටික් පටි වලින් ඇල්ලිය යුතු අතර එය තෙත් හෝ අපිරිසිදු වී නැති බවට වග බලා ගන්න,

# රෙදි මුඛ ආවරණ අවම වශයෙන් දවසකට වරක්වත් සබන් හෝ පිරිසිදු කාරකයකින් සෝදන්න. වඩාත් සුදුසු උනුවතුරෙන් සේදීමයි. එය අව්වේ වෙලා ගත යුතු අතර හැකිනම් මැදගන්න,

# මුඛ ආවරණ හවුලේ භාවිත නොකරන්න,

# මුඛ ආවරණයෙන් පමණක් ඔබව ආරක්ෂා කළ නොහැකි බව මතක තබා ගන්න,

# වෛරසය පැතිරීම වැළැක්වීම සදහා මුඛ ආවරණය සමග අනෙකුත් වැළැක්වීමේ පියවර අනුගමනය කරන්න,

# අන් අයගෙන් අවම වශයෙන් මීටරයකවත් දුරස්ථභාවයක් පවත්වා ගන්න,

# ඔබේ දෑත් නිතරම හොදින් පිරිසිදු කළ යුතු අතර මුහුණ සහ මුඛ ආවරණය ස්වර්ශ කිරීමෙන් වළකින්න.

# ආරක්ෂිතව සිට අප සැවොම එක්ව කොව්ඩ් 19 පැතිරීම වළකමු.


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ  ප්‍රසිද්ධ කළ වීඩියෝව පහතින්,

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිවැරදි මුවවැසුම් පාවිච්චියෙන් වසංගතයෙන් බේරීම WHO උපදෙස් (වීඩියෝ) | The Leader