The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාබුල්, සයිගොන් බිඳවැටීම හා සසඳන්නේ ඇයි?

T

The Leader Desk

August 17, 2021 • 5:46 PM

කාබුල්, සයිගොන් බිඳවැටීම හා සසඳන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ අගනුවරින් ඉවත් වීම අඛණ්ඩව ක්‍රියාත්මක වෙද්දී,
  •   එය ඇතැමුන්ට හුරු පුරුදු දසුනකි.
  •   1975 දී ඡායාරූප ශිල්පී හල්බට් වෑන් එස් විසින් ඡායාරූප ගත කරන ලද වියට්නාම් යුද්ධය අවසානවද්දී සයිගොන්හි වහලයක සිටින මිනිසුන් හෙලිකොප්ටරයකට රිංගා යන ඡායාරූපය අද වන විට ඉතාමත් ප්‍රකට සංකේතාත්මක ඡායාරූපක් ලෙස සැළකේ.
  •   වියට්නාම් යුද්ධය, උතුරු වියට්නාමයේ කොමියුනිස්ට් රජය සහ දකුණු වියට්නාමයත් එහි ප්‍රධාන සගයා වන එක්සත් ජනපදයත් අතර ඇතිවූ ගැටුමකි.
අකුරු ප්‍රමාණය (Font Size):
කාබුල්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මිනිසුන් ඉවත් කරගන්නා හෙලිකොප්ටරයක පින්තූර සමාජ මධ්‍යයේ බොහෝ ලෙස සංසරණය වෙමින් තිබේ.
 
එය ඇතැමුන්ට හුරු පුරුදු දසුනකි.
 
1975 දී ඡායාරූප ශිල්පී හල්බට් වෑන් එස් විසින් ඡායාරූප ගත කරන ලද වියට්නාම් යුද්ධය අවසානවද්දී සයිගොන්හි වහලයක සිටින මිනිසුන් හෙලිකොප්ටරයකට රිංගා යන ඡායාරූපය අද වන විට ඉතාමත් ප්‍රකට සංකේතාත්මක ඡායාරූපක් ලෙස සැළකේ.
 
විශ්ලේෂකයින් මෙන්ම එක්සත් ජනපදයේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් නීති සම්පාදකයින්, සයිගොන් බිඳවැටීම තාලිබාන් සංවිධානය කාබුල් අගනුවර අත්පත් කර ගැනීම සමඟ සංසන්දනය කළහ.
 
  https d1e00ek4ebabms.cloudfront.net production 395849a6 69c8 4ae5 909f 4cf3c4dd91dd
 
 
සයිගොන් බිඳවැටීම කුමක්ද?
 
වියට්නාම් යුද්ධය, උතුරු වියට්නාමයේ කොමියුනිස්ට් රජය සහ දකුණු වියට්නාමයත් එහි ප්‍රධාන සගයා වන එක්සත් ජනපදයත් අතර ඇතිවූ ගැටුමකි.
 
වසර 20 කට ආසන්න දිගු කාලයක් පැවති එම ගැටුම එක්සත් ජනපදයට විශාල පිරිවැයක් දැරීමට සිදු වූ අතර ඇමරිකානුවන් බෙහෙවින් බෙදුණු තත්ත්වයකට ගෙන ගියේය.
 
"සයිගොන් බිඳවැටීම" යන වැකියෙන් අදහස් කෙරෙන්නේ උතුරු වියට්නාමයේ මහජන හමුදාවට අයත් '' නම් කොම්යුනිස්ට් භටපිරිස් විසින් දකුණු වියට්නාමයේ අගනුවර වන සයිගොන් අල්ලා ගැනීමය.
 
'වියට් කොං'වරුන් විසින් 1975 අප්‍රේල් 30 දින සයිගොන් අල්ලා ගනු ලැබිණි.
 
සීතල යුද්ධයේ පසුබිම යටතේ, උතුරු වියට්නාමට සෝවියට් සංගමය සහ අනෙකුත් කොමියුනිස්ට් හවුල්කරුවන්ගේ සහයෝගය ලැබුණු අතර, දකුණට ලක්ෂ සංඛ්‍යාත එක්සත් ජනපද භටයින් ද ඇතුළුව බටහිර රටවල හමුදාවන්ගේ සහාය හිමි විය.
 
 
 Saigon 1975
1975 දී ගත් ඡායාරූපයෙහි සයිගොන්හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වහලය මත සිටින මිනිසුන් හෙලිකොප්ටරයකට ගොඩවන අයුරු දැක ගත හැකිය. (GETTY IMAGES)
 
 
1973 දී ඇමරිකාව සිය හමුදා දකුණු වියට්නාමයෙන් ඉවත් කර ගත් අතර, වසර දෙකකට පසුව උතුරු හමුදාව විසින් සයිගොන් අල්ලා ගනු ලැබීමෙන් පසු රට යටත් වන බව නිවේදනය කෙරිණි. පසුව සයිගොන් නගරය, අභාවප්‍රාප්ත උතුරු වියට්නාම නායක හෝ චි මිං වෙනුවෙන් නගරය නම් කරන ලදී.
 
කාබුල් හි සිදුවූවාක් මෙන්ම, සයිගොන් නගරය අල්ලා ගැනීමද එක්සත් ජනපදය බලාපොරොත්තු වූවාට වඩා ඉතා වේගයෙන් සිදු විය.
 
එයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය සයිගොන්හි පිහිටි සිය තානාපති කාර්යාලය අතහැර දමා ඇමරිකානු පුරවැසියන්, දකුණු වියට්නාම ජාතිකයින් සහ සෙසු විදේශිකයින් 7,000 කට වැඩි සංඛ්‍යාවක් හෙලිකොප්ටරයෙන් ඉවත් කර ගත්තේය - එම මෙහෙයුම 'නිතර හමන සුළඟ' (Operation Frequent Wind) ලෙස නම් කෙරිණි.
 
 
 
කාබුල් හා සැසඳීම සාධාරණද?
 
එහි අවසානය වන විට වියට්නාම යුද්ධය එක්සත් ජනපදය තුළ ජනප්‍රියත්වයෙන් හීන වූ අතර ඊට ඩොලර් බිලියන ගණනක් වැය වූවා පමණක් නොව ඇමරිකානු ජීවිත 58,000 කට අධික සංඛ්‍යාවක් අහිමි විය.
 
ඇතැමුන්ට සයිගොන් බිඳවැටීම ලෝකයා ඉදිරියේ ඇමරිකාවේ ස්ථාවරයට ඇතිවූ කැළලක් විය.
 
එතැන් සිට දශක කිහිපයක් යනතුරු වියට්නාම් සින්ඩ්‍රෝමය යන පදය මතු විය - එයින් අදහස් කෙරෙන්නේ විදේශයන්හි හමුදා බලය යෙදීමට ඇමරිකානු ඡන්දදායකයින් දක්වන අකමැත්තය.
 
බොහෝ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයින් සයිගොන් සහ කාබුල් අතර සමාන්තරකම් දක්වා ඇත.
 
"මේ ජෝ බයිඩන්ගේ සයිගොන්" යනුවෙන් රිපබ්ලිකන් හවුස් සම්මේලනයේ සභාපති එලීස් ස්ටෙෆනික් ට්විටර් පණිවුඩයක් මගින් පැවසීය. "ජාත්‍යන්තර තලයේ විනාශකාරී අසාර්ථක වීමක් වූ මෙය කිසිදා අමතක කළ නොහැක."
 
 
 

Chaotic scenes at Kabul airport as people try desperately to flee

 
  
එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මාර්ක් මිලී පසුගිය මාසයේදී එම සංසන්දනය බැහැර කළේය.
 
"එය සිදුවන බවක් මට පෙනෙන්නේ නැහැ," ජෙනරල් මිලී වාර්තාකරුවන්ට පැවසීය. "මම වැරදි වෙන්න පුළුවන්, කවුද දන්නේ, ඔබට අනාගතය ගැන අනාවැකි කිව නොහැකියි, නමුත් ... තාලිබාන් යනු උතුරු වියට්නාම හමුදාව නොවෙයි. මෙය එවැනි තත්ත්වයක් නොවේ."
 
සංකේතවාදය පසෙක තැබුවද දෙපාර්ශවය අතර විශාල වෙනස්කම් ඇත.
 
වියට්නාමයෙන් එක්සත් ජනපද හමුදාව ඉවත් කර වසර දෙකකට පසු සයිගොන් බිඳවැටීම සිදු විය. කාබුල් නගරයෙන් ඇමරිකාව ඉවත්වීම සිදු වන්නේ, එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය හැර යාමට සූදානම් වෙමින් සිටියදී ය.
 
ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ්ගේ දේශපාලන බිඳවැටීම 1975 ට සීමා වූ අතර, යුද්ධය ඇමරිකාව තුළ අප්‍රසිද්ධියට පත් වුවද ජනාධිපති බයිඩන්ට කුමන බලපෑමක් ඇති වේද යන්න පැහැදිලි නැත.
 
"එය බයිඩන්ට හානියක් වේද යන්න ගැන මට ඇත්තේ ඉතා කුඩා සැකයක්," නොටිංහැම් විශ්ව විද්‍යාලයේ ඇමරිකානු අධ්‍යයන පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටෝෆර් ෆෙල්ප්ස් පැවසීය, "එය පාඩුවක් ලෙසත් සමහර විට දකියි එය අපකීර්තියක් ලෙසත් සලකනු ඇත - සාධාරණ හෝ අසාධාරණ වූවත් ඇත්ත වශයෙන්ම එය ඔහුගේ තීරණයක්."
 
(BBC සිංහල සේවය)

 

.

 


 

THE LEADER TV 
 
 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද?
 
 
ඇම්බියලන්ස් ගුවන් යානයෙන් ඇත්තටම සිංගප්පූරු ගියේ කවුද?
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...