The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
Opinion

අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසීමට විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්ට ඉඩ නොතැබිය යුතුය | Wijayananda Jayaweera

T

The Leader Desk

June 15, 2025 • 8:41 AM

අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසීමට විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්ට ඉඩ නොතැබිය යුතුය | Wijayananda Jayaweera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "පවතින කිසියම් නඩුකරයක් පිළිබඳ විශ්වසනීය භාවය කඩ කිරීමට තුඩු දෙන අනිශ්චිත දේවල් ප්‍රචාරණය කිරීම නො කළ යුතුය" යන්න බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය (Ofcom) විකාශන බලපත්‍රයේ කොන්දේසියක් ලෙස සියලු බලපත්‍රලාභී විද්‍යුත් මාධ්‍ය වලට නියම කර තිබේ.
  • ඒ වෙනුවට කළ යුතුව තිබුණේ එවැනි අවිශ්වාස ජනක තොරතුරු තෙපළන්නන්ගේ ප්‍රකාශ දැඩිලෙස විමර්ශනයට ලක්කිරීමයි.
  • ඒ සඳහා අවශ්‍ය දැනුම ජනමාධ්‍යකරු සතුව නැත්නම් විෂය ප්‍රාමාණිකයන් ලවා එම ප්‍රකාශ සත්‍යාපනය කිරීමයි.
  •     මේ කාරණය වැඩිදුරටත් හැදෑරීම පිණිස බ්‍රිතාන්‍ය විද්‍යුත්මාධ්‍ය නියාමන ආයතනය (OFCOM) නිකුත් කර ඇති අධිකරණ වාර්තාකරණය සම්බන්ධයෙන් බලපත්‍රලාභී විද්‍යුත් මාධ්‍ය පිළිපැදිය යුතු දස වැදෑරුම් චර්යාධර්ම වල දළ පරිවර්තනයක් පහත දක්වමු.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් චූදිතයෙකු ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නඩු කටයුතත්කට මුහුණ දීමට සිදුවීම අයුතු දෙයක් ලෙස දෝෂාරෝපණයට ලක් කරන පුද්ගලයන්ගේ ප්‍රකාශ කිසිදු මාධ්‍යවේදී විමර්ශනයකින් තොරව ගෙඩි පිටින්ම ප්‍රවෘත්ති ප්‍රකාශවලට අඩංගුවන අයුරු පසුගියදා අපි දුටුවෙමු ඇසුවෙමු.  

අධිකරණය හමුවේ පවතින නඩු සම්බන්ධ වාර්තා කිරීම් වලදී යුක්තිය පසිඳලීමට ඇඟිලි ගහන මෙවැනි ප්‍රකාශ ඒ පිළිබඳ ප්‍රමාණික මත සමග සන්දර්භ ගත කිරීමකින් තොරව ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය කිරීම මහජනතාව නොමග යැවීමට දායක වීමකි, ජනමාධ්‍ය අනාචාරයේ යෙදවීමකි.
 

ඇටෝනිජනරාල්වරයා නියෝජනය කරමින් ආණ්ඩුවේ නීතීඥයා අධිකරණයේ දී ඉදිරිපත් කළ කරුණු ප්‍රචාරය කිරීමෙන් පසු ඒ වහාම ඊට ප්‍රතිපක්ෂව නීතීඥයෙකුද වන විපක්ෂ මන්ත්‍රීවරයෙකු එම නඩුනිමිත්ත ගැන අධිකරණයකින් බැහැරව කළ ප්‍රසිද්ධ දෝෂාරෝපණයක් කිසිදු ප්‍රාමාණික පුශ්න කිරීමකින් තොරව ප්‍රචාරය විය. එය  අකටයුත්තකි.

එසේ ඉදිරිපත් කළ කරුණු නිවැරදි නම් මෝසමක් මගින් ඔහු නීතීඥයෙකු වසයෙන් නඩු කටයුත්තට මැදිහත් වී ඒ කරුණු අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබුනි. එහෙත් ඔහු එසේ නොකරන්නේ මන්දැයි යන කරුණ ගැන එම ප්‍රවෘත්තිය ප්‍රචාරය කළ ජන මාධ්‍ය අපව දැනුවත් කිරීමේ කටයුත්ත පැහැර හැරියේය.
 
බලපත්‍රලාභි විද්‍යුත් මාධ්‍යයේ කාර්ය කැළණියේ නයා ගැන මෙන් එතුමා කිව්වා අපි ප්‍රචාරය කළා. ඒ නිසා පණිවිඩකාරයාට දොස් කියන්න එපා යැයි වැනි අන්ධභුත තර්කවලට මුවාවී දුස්තොරතුරු සමාජ ගත කිරීම නොවේ. ඒ වෙනුවට කළ යුතුව තිබුණේ එවැනි අවිශ්වාස ජනක තොරතුරු තෙපළන්නන්ගේ ප්‍රකාශ දැඩිලෙස විමර්ශනයට ලක්කිරීමයි. පණිවිඩයේ නිරවද්‍යතාව සොයා බැලීමයි. ඒ සඳහා අවශ්‍ය දැනුම ජනමාධ්‍යකරු සතුව නැත්නම් විෂය ප්‍රාමාණිකයන් ලවා එම ප්‍රකාශ සත්‍යාපනය කිරීමයි. නොඑසේව පොදු දේපළක් වන විද්‍යුත් මාධ්‍ය විකාශනය අවභාවිතා කිරීමට ඉඩ සැලසීම නොවේ.
 
 
මේ කාරණය වැඩිදුරටත් හැදෑරීම පිණිස බ්‍රිතාන්‍ය විද්‍යුත්මාධ්‍ය නියාමන ආයතනය (OFCOM) නිකුත් කර ඇති අධිකරණ වාර්තාකරණය සම්බන්ධයෙන් බලපත්‍රලාභී විද්‍යුත් මාධ්‍ය පිළිපැදිය යුතු දස වැදෑරුම් චර්යාධර්ම වල දළ පරිවර්තනයක් පහත දක්වමු. (Ofcom Broadcasting Code)

"අධිකරණ ක්‍රියාවලියක් අවදානමකට ලක් කරමින් ඊට බරපතළ බාධාවක් විය හැකි හෝ ඒ සම්බන්ධ ව පූර්ව විනිශ්චයකට තුඩු දිය හැකි හෝ කිසිදු අන්තර්ගතයක් ප්‍රචාරණය කිරීම විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා විසින් නො කළ යුතු වන්නේ ය. අපරාධ නඩුවක් නම් දඬුවම් කිරීමෙන් හෝ සිවිල් නඩුවක් නම් තීන්දුව දීමෙන් හෝ අවසන් වන නඩු විභාගය පවතින කාලය අතරතුරේ දී අධිකරණයට අපහාස කිරීමේ පහත දැක්වෙන අවදානම්වලින් වැළකීමට විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා කටයුතු කළ යුතුය.
 

1. නඩු විභාගයට සම්බන්ධ වන උදවියට (සාක්ෂිකරුවන්, විනිශ්චයකරුවන්, ජූරි සභිකයින්, නීතිඥයින් සහ අදාළ ක්‍රියාවලට දායක වූවන්) බලපෑම් කළ හැකි ආකාරයේ රූප හෝ ගුණ දොස් විවරණ ප්‍රචාරණය කිරීමෙන් වැළකිය යුතුය;

2. විභාග වන නඩුවක දී ඉදිරිපත් වේයැ’යි අනුමාන කරන සාක්ෂි නඩු කටයුත්ත පවතින කාල වකවානුව තුළ දී සවිස්තරව ප්‍රචාරණය කිරීම නිසා අධිකරණයට අපහාස කිරීමේ අවදානම ගැනීම නො කළ යුතුය;

3. විභාග වන නඩු කටයුත්තේ පාර්ශවකරුවන් අතරින් එක් පාර්ශවයක් නඩු කටයුත්තට මැදිහත් වන ආකාරය පිළිබඳව බලපෑම් කළ හැකි දේවල් ප්‍රචාරණය කිරීමෙන් වැළකිය යුතුය;

4. නඩු කටයුත්ත අවසන් වීමට පෙර නඩුවේ සාක්ෂිකරුවෙකු සමග නඩුව පිළිබඳව කළ සම්මුඛ සාකච්ඡාවක් ප්‍රචාරණය කිරීම නො කළ යුතුය;

5. නඩු කටයුත්තක් ගැන එම නඩු කටයුත්තේ ජූරි සභිකයෙකු හා කිසි ම අවස්ථාවක දී එනම් නඩු විභාගයට පෙර හෝ, නඩු විභාගය සිදුවන අතරතුර හෝ නඩු විභාගයට පසුව හෝ කතාබහ කිරීම නො කළ යුතුය. මෙය ජූරි සභිකයන්ගේ වාර්තාව ඇත්ත වසයෙන් ම අධිකරණයට ඉදිරිපත් කළ ද  නො කළ ද අනුගමනය කළ යුතු පිළිවෙතකි. නඩු කටයුත්තක දී සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලට බලපෑම් කරන හෝ බලපෑමකට ඉඩ ඇති ආකාරයේ හෝ ගනුදෙනුවල සාක්ෂිකරුවන් සමග නියැලීම නො කළ යුතුය;

6. වාර්තා නො කළ යුතුයැ’යි විනිශ්චය කරුවෙකු විසින් නියෝග කරන ලද කරුණු වාර්තා කිරීම නො කළ යුතුය.

7. විභාග වන නඩු කටයුත්තක ප්‍රතිඵල පිළිබඳ පුරෝකථන ප්‍රචාරණය කිරීමෙන් වැළකිය යුතුය

8. නැවත විභාග කිරීමට නියමිත නඩුකරයක් ගැන අදහස් පළ කිරීම නො කළ යුතුය.

9. පවතින කිසියම් නඩුකරයක් පිළිබඳ විශ්වසනීය භාවය කඩ කිරීමට තුඩු දෙන අනිශ්චිත දේවල් ප්‍රචාරණය කිරීම නො කළ යුතුය.

10. විනිසුරු විසින් නඩුවක ජූරි සභාව ඉවතට යවා  තිබිය දී අධිකරණය තුළ විමසුමට ලක් වන කරුණු ප්‍රකාශයට පත්‍ කිරීම නො කළ යුතුය."


යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අවහිර කරමින් අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ දේශපාලන වෑයම් පරාජය කිරීමට දැන් අපට හැකිවී තිබේ. ඒ වෙනුවට  අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසීමට විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්ට ඉඩ නොතැබිය යුතුය.

ජෝ බයිඩන්ගෙන් කොවිඩ් එන්නත ගැන විශිෂ්ඨ තීන්දුවක් -විජයානන්ද ජයවීර(සටහන | විජයානන්ද ජයවීර)
යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විචාරක
w.jayaweera@gmail.com

උපුටා ගැනීම - Wijayananda Jayaweera ගේ ෆේස්බුක් පිටුවෙන්..

The Ofcom Broadcasting Code (with the Cross-promotion Code and the On Demand Programme Service Rules)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...