The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වනජීවි වන සංරක්ෂණ ඉඩම් සමාගම් අතට! - රවින්ද්‍ර කාරියවසම්ගේ අනාවරණයක්

T

The Leader Desk

September 9, 2020 • 10:11 AM

වනජීවි වන සංරක්ෂණ ඉඩම් සමාගම් අතට! - රවින්ද්‍ර කාරියවසම්ගේ අනාවරණයක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙදහස් පනහ වන තෙක් දියත් කරමින් යන ජාතික භෞතික සැලසුමට අවශ්‍ය ඉඩම් ලබාගැනීම සදහාත්, MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම උදෙසා
  • ඒ සදහා සියලුම ප්‍රදේශීය හා දිසාපතිවරුන් යටතේ ඇති වනාන්තර හා වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් ලබාගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සදහා අවශ්‍ය සැලසුම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර මැතිවරණයට පෙර එම ඉඩම් හදුනාගැනීම සිදු කරමින් ඇත.
  • සියලුම ප්‍රදේශීය ලේකම්වරු, දිසාපතිවරු, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට රජය දැනුම් දී ඇත්තේ නිදහස් කළ හැකි සියලු ඉඩම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසය.
  • 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම් උත්සහය රජය විසින් ගනු ලැබුවේ මෙලෙස ඉඩම් නිදහස් කරගැනීමේ අවශ්‍යතාවය මත බව ඉතාමත් පැහැදිලිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉඩම් නිදහස් කරගැනීම වෙනුවෙනුත් රජයේ අවශේෂ කැළෑ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/ 2001 චක්‍රලේකය පසෙක තබා බහුජාතික සමාගම් හා ව්‍යාපාරිකයන් වෙත ඉඩම් ලබාදීම සදහා රජය මේ වන විට කටයුතු කරමින් තිබේ.

ඒ සදහා සියලුම ප්‍රදේශීය හා දිසාපතිවරුන් යටතේ ඇති වනාන්තර හා වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් ලබාගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සදහා අවශ්‍ය සැලසුම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර මැතිවරණයට පෙර එම ඉඩම් හදුනාගැනීම සිදු කරමින් ඇත.

සියලුම ප්‍රදේශීය ලේකම්වරු, දිසාපතිවරු, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට රජය දැනුම් දී ඇත්තේ නිදහස් කළ හැකි සියලු ඉඩම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසය.

''සියලුම ප්‍රදේශීය ලේකම්වරු, දිසාපතිවරු, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට රජය දැනුම් දී ඇත්තේ නිදහස් කළ හැකි සියලු ඉඩම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසය.''

  ඒ අනුව මෙලෙස නිදහස් කළ හැකි ඉඩම් රක්ෂිත ඉඩමක් වුවද සියලු පරිසර නීති උල්ලංඝනය කරමින් වගාවන් සදහා පුද්ගලික ආයතනවලට හා බහු ජාතික සමාගම් වෙත ලබාදීම සදහා රජය උත්සාහ කරමින් ඇත.

05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම් උත්සහය රජය විසින් ගනු ලැබුවේ මෙලෙස ඉඩම් නිදහස් කරගැනීමේ අවශ්‍යතාවය මත බව ඉතාමත් පැහැදිලිය.

මෙම චක්‍රලේකයේ ඉතාමත් වැදගත් වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන කැලෑ ඉඩම් ප්‍රදේශීය ලේකම්වරුන්ගේ අවශ්‍යතාවය මත නිදහස් කිරීමට අවසරයක් නොතිබි නිසාය.

එසේ කැලෑ ඉඩම් ව්‍යාපෘති සදහා නිදහස් කිරීම සිදුකරනවා නම් ඒ සදහා ව්‍යාපෘති යෝජනාව පරිසර අමාත්‍යංශ ලේකම්ගෙන් යුත් අන්තර් අමාත්‍යංශ කමිටුවකට ඉදිරිපත් කර ඒ සදහා අවසර ලබාගත යුතුව ඇත.

දේශපාලඥයින් විසින් ඒ ඒ ප්‍රදේශවල සිදු කිරීමට නියමිතව තිබූ ඉඩම් මංකොල්ලය යම් තරමක් දුරකට නැවතී තිබුනේ මෙම චක්‍රලේකය නිසාය.

''දේශපාලඥයින් විසින් ඒ ඒ ප්‍රදේශවල සිදු කිරීමට නියමිතව තිබූ ඉඩම් මංකොල්ලය යම් තරමක් දුරකට නැවතී තිබුනේ මෙම චක්‍රලේකය නිසාය.''

05/2001 චක්‍රලේකය අහෝසි කිරීමත් සමගම මෙරට වනාන්තර බරපතල අර්බුදයකට පත්වන අතර මෙරට දැවැන්ත වන සංහාරයන් හා ඉඩම් මංකොල්ලයක් මෙරට සිදුවන බව රජය විසින් දැනට ඉඩම් සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ගවලින් ඉතාමත් පැහැදිලිව පෙනේ.

පහත දක්වා ඇත්තේ සමස්ත වනාන්තර ප්‍රමාණය හා වටිනාකමින් නොවඩු නමුත් අවශේෂ ලෙස නම් කර ඇති වනාන්තරවල ප්‍රමානයන්ය.

Forest in lanka

දැනට අවශේෂ වනාන්තර බහුතරයක් පිහිටා ඇත්තේ අනුරාධපුර, මොණරාගල ආදි වියළි කලාපීය දිස්ත්‍රික්කවලය. එයිනුත් වැඩි ඉඩම් ප්‍රමාණයක් අලිමංකඩවල් ලෙස හා වියළි කලාපීය වාරි පද්ධතියේ ජල පෝෂක කලාප ලෙස ක්‍රියාත්මක වේ.

රජයට දැනට ක්‍රියාත්මක කරමින් යන ඉඩම් ලබාගැනීමේ ක්‍රියාවලියේදී අලිමංකඩවල් හා වාරි ජල පෝෂිත පමණක් නොව ඉහත දිස්ත්‍රික්ක මට්ටමින් පෙන්වා දී ඇති වටිනාකමින් නොඅඩු නමුත් අවශේෂ ලෙස නම් කර ඇති වනාන්තර සියල්ලම වාණිජ භෝග වගාවන් හා වෙනත් ආයෝජන සදහා බහුජාතික සමාගම්වලට හා පෞද්ගලික අයිතියට ලබාදීමට නියමිතය.

මෙයට අමතරව  වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වගා කිරීමට හැකි ඉඩම් ලෙස පෙන්වා දෙන සියලු ඉඩම්ද ව්‍යාපාරිකයන්ට හා විදේශීය සමාගම් සතු කිරීමට අවශ්‍ය සංගණන කටයුතු මේ දිනවල සිදු කරමින් සිටී.

කැලෑ අඥාපනත, 5/2001 චක්‍රලේඛය, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත, ජාතික පාරිසරික පනත ආදි පරිසර පද්ධති ආරක්ෂා කිරීමට මෙරට තිබෙන චක්‍රලේඛ හා නීති පද්ධතිය සියල්ල අභියෝගයට ලක් කරමින් වර්තමාන රජය විසින් මෙරට වනාන්තර සියල්ල වනසන පියවරට මේ වන විට අත තබා ඇත.

RKariyawasam- රවින්ද්‍ර කාරියවසම්

Nature School සොබාදහම් පාසල

cens2020@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වනජීවි වන සංරක්ෂණ ඉඩම් සමාගම් අතට! - රවින්ද්‍ර කාරියවසම්ගේ අනාවරණයක් | The Leader