The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ස්ථීර තැන්පතු අනුපාත 4% අඩුවෙයිද? -අහිංසක තැන්පත්කරුවන් ප්‍රාණ ඇපයට!!

T

The Leader Desk

August 26, 2020 • 6:21 AM

ස්ථීර තැන්පතු අනුපාත 4% අඩුවෙයිද? -අහිංසක තැන්පත්කරුවන් ප්‍රාණ ඇපයට!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ථමාන රජය බලයට පත්වීමට පෙර සෑම රජයක් විසින්ම ශ්‍රී ලංකාවේ ස්ථීර තැන්පතු පොළී අනුපාතය 8% කට වඩා අඩු නොවන මට්ටමක පවත්වා ගෙන යාමට උත්සුක විය.
  • දැන් ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළේ විශේෂයෙන්ම වාණිජ බැංකු ණය අලෙවිකරණයට (Credit Marketing) ප්‍රවිෂ්ට වෙමින් ආකාර්ශණීය 4% පොලී අනුපාතයේ සිට 7.5% අනුපාත අතරත් සමහර වාණිජ ණය 11% කටත් ලබා දීමට උත්සාහ කරයි.
  • ''දැන් ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළේ විශේෂයෙන්ම වාණිජ බැංකු ණය අලෙවිකරණයට (Credit Marketing) ප්‍රවිෂ්ට වෙමින් ආකාර්ශණීය 4% පොලී අනුපාතයේ සිට 7.5% අනුපාත අතරත් සමහර වාණිජ ණය 11% කටත් ලබා දීමට උත්සාහ කරයි.'' මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශ්ව කර්ම වැඩකි.
  • මෙරට කිසිදු රජයකට ණය පොළී අනුපාතය 10% ට පහල අගයකට ගෙන ඒමට නොහැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එසේ වුවද වර්ථමාන රජය බලයට පැමිණි පසු කොරොනා ආර්ථිකය පුනර්ජීවණය කිරීමේ පරමාර්ථයෙන් පසුගිය මාසයේ ණය පොළී අනුපාතය තනි ඉලක්කමක් (Single digit) කරා පහත හෙලීමේ කාර්යයට අත ගසා ඇත.

මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යංශය සහ ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙමින් පවති.

 

විශ්ව කර්ම වැඩක් !

දැන් ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළේ විශේෂයෙන්ම වාණිජ බැංකු ණය අලෙවිකරණයට (Credit Marketing) ප්‍රවිෂ්ට වෙමින් ආකාර්ශණීය 4% පොලී අනුපාතයේ සිට 7.5% අනුපාත අතරත් සමහර වාණිජ ණය 11% කටත් ලබා දීමට උත්සාහ කරයි.

''දැන් ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළේ විශේෂයෙන්ම වාණිජ බැංකු ණය අලෙවිකරණයට (Credit Marketing) ප්‍රවිෂ්ට වෙමින් ආකාර්ශණීය 4% පොලී අනුපාතයේ සිට 7.5% අනුපාත අතරත් සමහර වාණිජ ණය 11% කටත් ලබා දීමට උත්සාහ කරයි.''

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශ්ව කර්ම වැඩකි. මෙරට කිසිදු රජයකට ණය පොළී අනුපාතය 10% ට පහල අගයකට ගෙන ඒමට නොහැකි විය.

දැන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, අපනයනකරුවන් ණය ගන්නේ තනි ඉලක්කමේ පොළී අනුපාතයටය.

මෙම පොළී අනුපාතයන් තීරණය කල විද්වතුන් මිලියන 3ක් පමණ වන තැන්පත්කරුවන් සහ ඔවුන්ගෙන් යැපෙන තවත් මිලියන 7 ක් පමණ සාමාන්‍ය ජනතාව ගැන නම් කිසිදු සැලකිල්ලක් දක්වා නොමැත.

''මෙම පොළී අනුපාතයන් තීරණය කල විද්වතුන් මිලියන 3ක් පමණ වන තැන්පත්කරුවන් සහ ඔවුන්ගෙන් යැපෙන තවත් මිලියන 7 ක් පමණ සාමාන්‍ය ජනතාව ගැන නම් කිසිදු සැලකිල්ලක් දක්වා නොමැත.''

වෙළෙඳපළ පොලී අනුපාත මූල්‍ය ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය විය යුතුය. පොළී අනුපාත තීරණය කිරීමේදී රටේ උද්ධමණය අනුපාතය ද  ප්‍රධාන කාර්යයක් ඉටු කරන බව  අමතක නොකළ යුතුය.

එහෙත් මෙම න්‍යාය ක්‍රියාත්මක නොවේ.

2020 ජූලි මාසය සඳහා චලනය වන සාමාන්‍ය උද්ධමනය සියයට 5.9 කි. 2020 ජුනි මාසයට අනුරූප අනුපාතය සියයට 5.6 කි.

Inflation.Sri lanka 2020

දැන් අපි සෘජුවම විෂයට අවතීරණ වෙමු. මුලින් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ පොලී අනුපාතයක් තීරණය වූයේ ණය සදහා පවතින ඉල්ලුම, තැන්පතු අතිරික්තයක් සහ උද්ධමණය යන කාරනා පාදක කර ගෙනය.

තවද වසර 50 ක පමණ කාලයක් තිස්සේ රාජ්‍ය ප්‍රතිපත්තියක් වූ ශ්‍රී ලංකාවේ ඉතුරුම් අනුපාතය ඉහළ ගෙන ඒමේ අරමුණ ද පෙරදැරිකරගෙන පොලිය තීරණය කිරීමය.

බැංකුවල ස්ථීර තැන්පතු සහ ඉතුරුම් තැන්පතු කරන්නේ සාමාන්‍ය ජනතාවය. අප ඉහත කී ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාවේ ඉතුරුම් ප්‍රමාණය පසුගිය වසර තිහක කාලයක් තුළදී 18% සිට 26% දක්වා ඉහල ගොස් ඇත.  ජපානය වැනි ඉහල ඉතුරුම් අනුපාතයක් ඇති රටවල පවා වාර්තා වන්නේ 28% ක ප්‍රමාණයකි.

ණය පොළී අනුපාතය 4% - 11% අතර -තීරණය කිරීමෙන් අනතුරුව බැංකු කරුවන් කළේ රෑ එළිවෙන්නටත් පෙර වාර දෙකකදී තැන්පතු අනුපාතය 5% මට්ටමකට ගෙන ඒමයි.

''ණය පොළී අනුපාතය 4% - 11% අතර -තීරණය කිරීමෙන් අනතුරුව බැංකු කරුවන් කළේ රෑ එළිවෙන්නටත් පෙර වාර දෙකකදී තැන්පතු අනුපාතය 5% මට්ටමකට ගෙන ඒමයි.''

5% කට ඔබගෙන් ගන්නා තැන්පතු 10% - 11% කට අයෝජකයන්ට දිය හැකිය. දැන් රජයත් ආයෝජකයිනුත් කල් ගෙවන්නේ ඉතා සතුටිනි.

මෙම පොළී ගැලපීමේ ක්‍රියාවලියේදී රජයට රටේ උද්ධමණය ( භාණ්ඩ සහ සේවා මිල වර්ෂයක් තුල ඉහළ යාමේ

ප්‍රතිශතය ) කිසිසේත් සලකා නොමැත.

deposit interest ratesතැන්පතු පොළී අනුපාත අඩු කිරීමෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අනාතයි!

වසර 40 ක් පමණ කාලයක් රැකියාවක් කර ඉතිරි කර ගන්නා අර්ථසාධක අරමුදල, පිටරටක සේවය කර ඉතිරි කර ගන්නා මුදල, වයසට යන කල ජීවත් වීම සඳහා ඉඩමෙන් කොටසක් විකුනා ලබා ගන්නා මුදල, වසර ගණනාවක් ටිකෙන් ටික ඉතිරි කර එකතු කර ගන්නා ලද මුදල අවසාන කාලයේදී ස්ථීර තැන්පතුවක ආයෝජනය කර වාර්ෂිකව පොළී අදායමක් ලබා ගන්නේ ජිවත්වීම සඳහාය. 

විශේෂයෙන්ම ආරක්ෂක අංශවල සාමාජිකයන් වසර 15 දී 20 දී විශ්‍රාම  ලබා ගෙන තමන්ට ලැබෙන පාරිතෝශික මුදල ස්ථීර තැන්පතුවක ආයෝජනය කරයි.

එහෙත් පසුගිය මාසය දක්වා 10% - 9% -8% ක් දක්වා වූ වාර්ෂිකව ලැබුණ පොළිය දැන් 5% දක්වා අඩු වී ඇත.

ඉතිරි කිරීමේ ගිණුම් සඳහා පොළිය 4% දක්වා අඩුවී ඇත.

ශ්‍රී ලංකාවේ උද්ධමණය 5.6%  ක් ලෙස ගතහොත් 2021 දී තැන්පතු පොළිය ලබන තැන්පත් කරුවෙකුට කිසිවක්  ඉතුරුවන්නේ නැත. උද්ධමණය 6% දක්වා ඉහළ ගියහොත් තව 2% ක්  වෙනත් මාර්ගයකින් සොයාගත යුතුය.

''ශ්‍රී ලංකාවේ උද්ධමණය 5.6%  ක් ලෙස ගතහොත් 2021 දී තැන්පතු පොළිය ලබන තැන්පත් කරුවෙකුට කිසිවක්  ඉතුරුවන්නේ නැත. උද්ධමණය 6% දක්වා ඉහළ ගියහොත් තව 2% ක්  වෙනත් මාර්ගයකින් සොයාගත යුතුය. ''

 

2020 ජූලි 21 දින ලංකා බැංකුවේ පොළී අනුපාතයන්:

මාසිකව - 4.75%

3 මාසිකව - 5.25%

6 මාසිකව - 5.50%

වාර්ෂිකව - 5.75%

මාසික පොළී ගන්නේ නම් - 5.25%

 

පොළී අඩු කිරීමේ දීර්ඝකාලීන ප්‍රතිඵල:

  1. විධිමත් මූල්‍ය වෙළෙඳපොළින් තැන්පතු විතැන් වී අවිධිමත් මූල්‍ය ආයතනවලට ගලා යාම.

  2. භාණ්ඩාගාර බිල්පත් සුරැකුම් පත්වල ආයෝජණය කර ඇති අරමුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට යාම

  3. සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදලේ පොළිය අඩුවීමෙන් විශ්‍රාම යන සේවකයන් මහත් අපහසුතාවයකට පත්වීම.

  4. කොරෝනා ව්‍යසනය නිසා ආදායම් සහ රැකියා අහිමි වූ පුරවැසියන් තව දුරටත් අපහසුතාවයට පත්වීම.

  5. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ වර්ධනය වූ ඉතිරි කිරීමේ පුරුද්ද අභාවයට යාම.

''ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් සඳහා අඩු පොළියට ණය ලබා දිය යුතුය. එය රාජ්‍ය මැදිහත්වීම මත ප්‍රති මූල්‍ය පහසුකම් ලබාදීම, විදේශ අරමුදල් වලින් ලබාගන්නා අරමුදල් මාර්ගයෙන් ලබා දිය යුතු අතර මේ සඳහා අහිංසක තැන්පත් කරුවන් ප්‍රාන ඇපයට තබා නොගත යුතුය. ''

ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් සඳහා අඩු පොළියට ණය ලබා දිය යුතුය. එය රාජ්‍ය මැදිහත්වීම මත ප්‍රති මූල්‍ය පහසුකම් ලබාදීම, විදේශ අරමුදල් වලින් ලබාගන්නා අරමුදල් මාර්ගයෙන් ලබා දිය යුතු අතර මේ සඳහා අහිංසක තැන්පත් කරුවන් ප්‍රාන ඇපයට තබා නොගත යුතුය.

ඩොලර් බිලියන 45 ක් පමණ වන ශ්‍රී ලංකාවේ තැන්පතු වෙළඳපොලේ තැන්පත්කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. බොහෝ විදේශිකයන් ද මූල්‍ය වෙළෙඳ පොළේ ඉතිරි කිරීම් කර ඇත.

පසුගිය කාලයේ භාණ්ඩාගාර බිල්පත් ආයෝජනය කර තිබූ විදේශීය ඩොලර් මිලියන 475 කට ආසන්න මුදලක් ආපසු ගෙන ඇත.

කල් පිරුන පසු මෙම තැන්පත් ද රටින් පිටතට ගලා යනු ඇත.

මුදල් ඉතිරි කරනවාට වඩා ජනතාව භාන්ඩ, ඉඩම්, වාහන  ආදිය මිලදී ගැනීම සදහා පෙලඹ විය හැකිය. මෙලෙස තව දුරටත් උද්ධමනය ඉහළ යාම නිසා ඩොලර් සහ විදේශ විනිමය මිලට ගැනීමට උනන්දු විය හැකිය.

ඩොලර් බිලියන 45 ක් පමණ වන ශ්‍රී ලංකාවේ තැන්පතු වෙළඳපොලේ තැන්පත්කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. බොහෝ විදේශිකයන් ද මූල්‍ය වෙළෙඳ පොළේ ඉතිරි කිරීම් කර ඇත. පසුගිය කාලයේ භාණ්ඩාගාර බිල්පත් ආයෝජනය කර තිබූ විදේශීය ඩොලර් මිලියන 475 කට ආසන්න මුදලක් ආපසු ගෙන ඇත.

 

ආයෝජකයන් සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් :

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ ආයෝජකයන් සඳහා,

# අඩු පොළියට නය ලබා දිය යුතු අතර එය තැන්පත් කරුවන්ගේ ගිනුමෙන් නොවිය  යුතුය.

# දියුණු රටවල අත්තිකාරම් සඳහා තනි සංඛ්‍යාවේ පොලියක් අය කරන්නේ එම රටවලට මුදල් වෙළඳපොලේ අතිරික්ත ඉතුරුම් ප්‍රමාණයක් තිබෙන අතර එම රටවල උද්ධමනය ද 0% සිට 3% දක්වා අගයක් ගනී.

# තවද බැංකුවල අධික සංචිත ප්‍රමාණයක් සහ ලාභාංශ සංචිත තිබෙන නිසා ඔවුන් තැන්පත් කරුවන් හට වැඩි පොලියක් ගෙවා අරමුදල් රැස් කිරීම අවශ්‍ය නොවේ.

# සරලව කියනවා නම් දැනට වාණිජ බැංකු විසින් ලබා ගන්නා තැන්පතු / අත්තිකාරම් අතර අනුපාතය අවම කර ගත යුතුය.

එනම්,

බැංකු ලබා ගන්නා තැන්පතුවට 5% , 6% එකතු නොකර  2% , 3% අමතර මුදලක්  එකතු කර අත්තිකාරම් අනුපාතය තීරණය කළ යුතුය.

 ඒ සදහා කළ යුත්තේ බැංකුවල කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමය.

තවද, රජයන් විසින් අතීතයේදී ක්‍රියාත්මක කළ ආකාරයට ජාතික සංවර්ධන බැංකුව, සංවර්ධන මුල්‍ය සංස්ථාව වැනි ආයෝජන (Investment Banks) බැංකු පද්ධතියක් රට තුල නිර්මාණයකර ගැනීමට සැලසුම් සකස්  කිරීමය.

අසල්වැසි  ඉන්දියාවේ පවා සියලූම මූල්‍ය ආයතන මගින් බැංකු ස්ථීර තැන්පතු සදහා ගෙවන පොළිය 7.50% කි.

(කපිල බණ්ඩාර)

 

සබැඳි පුවත් :

තැන්පතු පොළී අනුපාත අඩු කිරීමෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අනාතයි!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...