The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

උස සමන් | WMK Wijayabandara

T

The Leader Desk

February 7, 2026 • 10:02 AM

උස සමන් | WMK Wijayabandara

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊ. එම්. එස්. බී. ඒකනායක කියන්නේ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 'උස' චරිතයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය සමත් ව 1985 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වන ඊ. එම්. එස්. බී. (සමන්) ඒකනායක එකි 'උස' ගුණය එදා පටන් ම විදහා පෑ අපූරු නිලධාරීයෙක්.
  • 1989 දී ඔහු, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර ලේකම් තනතුරට පත් වනවා.
  • 1992 දී ඔහු, සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ වැඩ භාර ගන්නවා.
  • විශ්වවිද්‍යාලයෙන් සමුගැනීමෙන් පසු කෙටි කාලයක් 'ලේක්හවුස්' ආයතනයේ 'Daily News' පුවත්පත වෙනුවෙන් සේවය කළ (1983 - 1985)  සමන්ට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාජකාරිය ඉතා ප්‍රියජනක එකක් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු, ඉතා අවංක ය. ගුණ ගරුක ය. අතිදක්ෂ ය. නිර්මාණශීලී ය. නිහතමානී ය. මිත්‍රශීලී ය. මානුෂීය ගුණයෙන් පෝෂිත ය. කාර්යශූර ය.

ඔහු, තීන්දු තීරණ ගැනීමේ දී අභීත ය. මත ප්‍රකාශනයේ දී ඍජු ය. 'උස' සමන් පොදු ජනප්‍රිය චරිතයක් නොවන්නේ ද ඒ නිසා ය.

රාජ්‍ය සේවය පිණිස ම කැප වූ ඔහු තම සේවයේ ගරුත්වයත්, ස්වාමියාගේ ප්‍රතිරූපයත් සැමවිට ආරක්ෂා කිරීමට ම කැප වූ වෘත්තීකයෙකි. බාල හා ලාබ ප්‍රසිද්ධිය උදෙසා තම වෘත්තියමය අභිමානය කිසිවිටෙකත් උගසට නොතැබූ 'උස' නිලධාරියෙකි.

 

එක් වසරක සේවාස්ථ පුහුණුවකින් පසු ඔහුගේ ප්‍රථම රාජකාරි ස්ථානය වුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව (සහකාර ලේකම්) යි. 1989 දී ඔහු, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර ලේකම් තනතුරට පත් වනවා. රනිල් වික්‍රමසිංහ - සමන් ඒකනායක සුසංයෝගයේ මූලාරම්භය එතැනයි.

සමන්ගේ ඊලඟ රාජකාරි නැවතුම වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යි. 1992 දී ඔහු, සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ වැඩ භාර ගන්නවා. විශ්වවිද්‍යාලයෙන් සමුගැනීමෙන් පසු කෙටි කාලයක් 'ලේක්හවුස්' ආයතනයේ 'Daily News' පුවත්පත වෙනුවෙන් සේවය කළ (1983 - 1985)  සමන්ට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාජකාරිය ඉතා ප්‍රියජනක එකක් වෙනවා. දෙපාර්තමේන්තුවේ සෑම කටයුත්තකට ම උද්යෝගශීලිව කැප වෙනවා. රාජකාරීමය වශයෙන් මට සමන් ප්‍රථමයෙන් මුණගැහෙන්නෙත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී යි. ඒ, ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස යුගය යි. එම අවධියේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෑම දා ම අවදි වුණේ අලුයම 4.00ට යි.

දිනක්, අලුයම රාජකාරි සඳහා සමන් සහ  මම යමින් සිටිය දී, අප ගමන් කළ වාහනය කුඩා ලොරියක් හා ගැටෙනවා. දෙහිවල මංසන්ධියේ දී සිදු වූ මෙම අනතුරෙන් ලොරියේ ගමන්ගත් මත්ස්‍ය වෙළෙඳ සහායකයෙක් දැඩි ලෙස තුවාල ලබනවා. (පසුව ඔහු මිය යනවා). අපගේ වාහනයේ රියදුරු සහ කාර්යාල කාර්ය සහායකත් තුවාල ලබනවා. සමන්ටත්, මටත්  සුළු ආපදා ඇති වුණා. අනතුරේ ඉදිරි කටයුතු දෙහිවල පොලීසිය වෙත භාර කරන සමන් මාවත් කැටුව කුලී රථයක ආධාරයෙන් කඩිනමින් කාර්යාලය වෙත පැමිණෙනවා. කිසිදු සිද්ධියක් සිදු නොවුනා සේ නියමිත රාජකාරි ආරම්භ කරනවා. ඒ තමයි සමන් ඒකනායක, එහෙමත් නැත්නම් ඊ. එම්. එස්. බී. ඒකනායක. 'උස' සමන්.

 

Saman Ekanayake 1200x675px 01 09 25
රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධූරයට ප්‍රථමවරට පත්වන්නේ 1993 දී යි. නිලධාරීන්ගේ හැකියාව, දක්ෂතාව සහ ධාරිතාව (capacity) නිගමනය කිරීමේ කුසලතාවෙන් පිරිපුන් අග්‍රාමාත්‍යවරයා තම කාර්යාලයේ සහකාර ලේකම් තනතුර සඳහා සමන් ඒකනායක නම් කරනවා. එතැනින් නො නවතින ඔහු, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ (සුනන්ද මද්දුමබණ්ඩාර) පෞද්ගලිකවම අමතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා සමන් ඒකනායක මුදාහරින ලෙස දන්වා සිටිනවා. 

එතැන් සිට, ඊ. එම්. එස්. බී. ඒකනායක එහෙමත් නැත්නම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති ලේකම් දක්වා ම පිය නගනවා. 'හෙට දකින රනිල්' ට යෝධ ශක්තියක් වනවා. ඒ රටේත්, ජනතාවගේත් හිත සුව පිණිස ම යි.

saman eka
එකසමාන ගුණ සමුදායන් රාශියකින්  පිරිපුන් රනිල් - සමන් සුසංයෝගය ඵල දරනවා. එහෙත්, රනිල් වික්‍රමසිංහට මෙන්ම 'උස' සමන්ටත් 'මාංචු' පලඳවනවා...

 

 

Tall saman

(සටහන | විජයබණ්ඩාර)
Wijayabandara WMK
Digital creator

wijayabtdm@gmail.com


(උපුටා ගැනීම - Wijayabandara Wmk ෆේස්බුක් පිටුවෙන් )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...