සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (මීපා - MEPA) විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවක් වීසින්, ව්‍යසනයෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව 2021 සහ 2022 වසරවල දී පරීක්ෂණ පවත්වන ලද නමුත් ඉන් අනතුරුව මීපා ආයතනය එම කමිටුවේ කාලය දීර්ඝ කළේ නැහැ. ඒ නිසා X-Press Pearl ව්‍යසනයෙන් සමුද්‍ර ජීවීන්ට සහ පරිසරයට සිදු වූ හානිය දිගටම බලපාන්නේද, නැද්ද යන්න ගැන 2022 නොවැම්බර් මාසයෙන් පසුව කිසිදු තක්සේරුවක් සිදු වී නැහැ.
නෞකා ව්‍යසනයෙන් ශ්‍රී ලකාවට ඩොලර් බිලියන 6.4ක් අලාභයක් සිදු වූ බවට විශේෂඥයින් විසින් කරන ලද අන්තර්වාර තක්සේරුව සකස් කොට තිබෙන්නේ 2022 නොවැම්බර් මාසය දක්වා සිදු වූ විනාශය ගණනය කිරීමෙන් පමණයි.
මෙවන් පසුබිමක බීබීසී ලෝක සේවයේ Assignment වැඩසටහන අනාවරණය කරන්නේ, සාගර විද්‍යාව පිළිබඳ දෙස්, විදෙස් විශේෂඥයින්ගේ සහය සහිතව 2024 වසර අගභාගය දක්වා රැස් කළ සාම්පල සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵල. ගවේෂණය සඳහා අනුග්‍රහය එක්සත් ජනපදයේ මූලස්ථානය පිහිටි Pulitzer Centre හි Ocean Reporting Network සහ බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් Watershed Investigations ආයතනය විසින්.
නෞකාවෙන් සිදුවුණ හානිය වෙනුවෙන් අවුරුදු හතරකට පස්සෙත් තවමත් වන්දි බලාපොරොත්තුවෙන් ඉන්න ධීවර පවුල් ගැනත් අපි හොයා බැලුව.
ජුලි 01 වෙනිදා සිට ජුලි 06 වෙනිදා දක්වා ඔබට බීබීසී ලෝක සේවයේ ගුවන් විදුලිය ඔස්සේ එක්ස්ප්‍රස් පර්ල් ගවේෂණයේ වාර්තාවට සවන් දෙන්න පුළුවන් - Sri Lanka: The X-Press Pearl disaster
අන්තර්ජාලයේ මේ යොමුව ඔස්සේ පහසු වෙලාවක වැඩසටහනට සවන්දීමට හෝ බාගත කරගන්නත් පුළුවන් - Sri Lanka: The X-Press Pearl disaster
ඔබට ගුවන් විදුලියෙන් සහ අන්තරජාලය ඔස්සේ මේ විශේෂාංගයට සවන් දෙන්න පුළුවන් - Sri Lanka: The X-Press Pearl disaster
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සහ එයින් සමුද්‍රීය පරිසරයට සිදු වූ විනාශය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ඉදිරියටත් තවත් වාර්තා ගෙන ඒමට ගවේෂණ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා.
වැඩසටහන සම්පාදනය සහ ඉදිරිපත් කිරීම : ලියානා හොසිය
නිෂ්පාදනය : ඇලෙක්ස් ලාස්ට්
ශ්‍රී ලංකා නිෂ්පාදක : සරෝජ් පතිරණ
හඬ පාලනය : නීල් චර්චිල්
සංස්කාරක: පෙනී මර්ෆි
Sri Lanka: The X-Press Pearl disaster
In 2021, a huge container ship, the X-Press Pearl caught fire and sank off the coast of Sri Lanka, releasing hazardous materials, toxic chemicals and more than 1000 tonnes of microplastic pellets into the sea. The UN called it an environmental catastrophe. Today, Sri Lanka is still counting the cost. Leana Hosea visits Sri Lanka to investigate the legacy of the disaster, and find out why, four years on, there’s still a battle for compensation.
Reporter: Leana Hosea
Producer: Alex Last, local producer: Saroj Pathirana
Sound mix: Neil Churchill
Assignment series editor: Penny Murphy
How to listen
Times of the LIVE BBC World Service radio programme on Tuesday 1st
Sri Lanka: The X-Press Pearl disaster
Sri Lanka: The X-Press Pearl disaster
Sri Lanka: The X-Press Pearl disaster
Listen back on BBC Sounds
Sri Lanka: The X-Press Pearl disaster
Available on all podcast apps, just search for The Documentary Podcast, BBC

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)



