The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තේ කෝප්පයක සැඟවුණු කඳුළු: දකුණේ තේ වතුවල වහල් මෙහෙය සහ ‘ජෙන් Z’ පරපුරේ උරුමය

T

The Leader Desk

June 3, 2026 • 8:27 AM

තේ කෝප්පයක සැඟවුණු කඳුළු: දකුණේ තේ වතුවල වහල් මෙහෙය සහ ‘ජෙන් Z’ පරපුරේ උරුමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇම්නෙස්ටි විමර්ශනයෙන් හෙළිවන බිහිසුණු ඇත්ත
  • එම ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වන සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් (ඇමරිකානු ඩොලර් 3.10ක්) වැනි සොච්චම් මුදලක් දක්වා කපා හැරේ.
  • නිදහස අහිමි හිරගෙවල් සහ හිංසනය ආර්ථික පීඩනයට අමතරව, වතු 22ක පමණ පවතින දැඩි පාලන තන්ත්‍රය හේතුවෙන් සේවකයන්ගේ ගමනාගමන නිදහස සීමා කර ඇත.
  • වත්තෙන් පිටතට යාමේදී කළමනාකාරිත්වයේ අවසරය සෙවීම, පැමිණෙන වේලාවන් වාර්තා කිරීම සහ ඇතැම් වතුවල පනවා ඇති ඇඳිරි නීතිමය තත්ත්වයන් නිසා මෙම ජනාවාස විවෘත හිරගෙවල් බවට පත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාත්‍යන්තර ඇම්නෙස්ටි සංවිධානය (Amnesty International) විසින් නිකුත් කරන ලද "Abandoned by the State, Trapped in Private Estates" (රාජ්‍යයෙන් අත්හල, පෞද්ගලික වතුවල සිරවුණු) නම් නවතම වාර්තාව මඟින් ලංකාවේ දකුණු පළාතේ, විශේෂයෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පෞද්ගලික තේ වතුවල සිදුවන බිහිසුණු මානව හිමිකම් උල්ලංඝනයන් රැසක් කරළියට ගෙනවිත් තිබේ.

abby89
2024 ජනවාරි සිට 2026 ජනවාරි දක්වා වතු 45ක් ආශ්‍රයෙන් සිදුකළ මෙම විමර්ශනයට අනුව, මලෛයහ දෙමළ (කඳුකර දෙමළ) ප්‍රජාව අදටත් පසුවන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් අර්ථ දක්වන ලද "බලහත්කාර ශ්‍රමය" (Forced Labour) සහ "ණය බන්ධන" (Debt Bondage) නමැති නූතන වහල්භාවයේ ය.

ණය උගුල සහ පරම්පරාගත සිරවීම

 

bhe56u77678

මෙම වාර්තාවට අනුව වතු පාලනාධිකාරීන් විසින් සේවකයන් මත පටවා ඇති දෛනික තේ දළු නෙළීමේ ඉලක්ක (දිනකට කිලෝග්‍රෑම් 25කට වඩා වැඩි) අසාධාරණ සහ ළඟා කරගත නොහැකි මට්ටමක පවතී. එම ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වන සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් (ඇමරිකානු ඩොලර් 3.10ක්) වැනි සොච්චම් මුදලක් දක්වා කපා හැරේ.

මේ හේතුවෙන් එදිනෙදා කෑම බීම, ඖෂධ සහ මූලික අවශ්‍යතා සඳහා වතු හිමියන්ගෙන් ණය සහ අත්තිකාරම් ගැනීමට සේවකයන්ට සිදුවේ. පාරදෘශ්‍යභාවයකින් තොරව සිදුවන මෙම ණය ක්‍රමය නිසා, වතු කම්කරුවන්ගේ දරුවන්, එනම් වත්මන් 'ජේන් Z' (Gen Z) පරපුර ද තමන් නොකළ වැරදිවලට පරම්පරාගත ණයකරුවන් වෙමින් එම වතුවලම සිරවී සිටිති.

නිදහස අහිමි හිරගෙවල් සහ හිංසනය

46y56yr
ආර්ථික පීඩනයට අමතරව, වතු 22ක පමණ පවතින දැඩි පාලන තන්ත්‍රය හේතුවෙන් සේවකයන්ගේ ගමනාගමන නිදහස සීමා කර ඇත. වත්තෙන් පිටතට යාමේදී කළමනාකාරිත්වයේ අවසරය සෙවීම, පැමිණෙන වේලාවන් වාර්තා කිරීම සහ ඇතැම් වතුවල පනවා ඇති ඇඳිරි නීතිමය තත්ත්වයන් නිසා මෙම ජනාවාස විවෘත හිරගෙවල් බවට පත්ව ඇත. මීට අමතරව, වාර්තාව මඟින් කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර, හිරිහැර කිරීම් මෙන්ම වැටුප් පිළිබඳ ප්‍රශ්න කිරීම්වලදී සිදුවන වාචික හා ශාරීරික හිංසනයන් ද අනාවරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු (UN Special Rapporteur) ටොමෝයා ඔබොකාටා ද මීට පෙර පෙන්වා දුන්නේ ලංකාවේ වතු ක්ෂේත්‍රයේ පවතින මෙවැනි සූරාකෑම් "නූතන වහල්භාවයේ" (Contemporary forms of slavery) ලක්ෂණ බවයි. පෞද්ගලික වතු හිමියන් විසින් මෙම සේවකයන් "අනියම් කම්කරුවන්" ලෙස වර්ගීකරණය කරමින්, ඔවුන්ට හිමිවිය යුතු සේවක අර්ථසාධක (EPF), පාරිතෝෂික හෝ අසනීප නිවාඩු වැනි නීත්‍යානුකූල අයිතිවාසිකම් පවා ක්‍රමානුකූලව අහිමි කරමින් සිටී.

ගෝලීය වෙළෙඳපොළ ජයගන්නා 'ලංකා තේ' පිටුපස ඇති මෙම අඳුරු ඇත්ත වහාම විමර්ශනය කර, පෞද්ගලික වතු සමාගම් නීතියේ රැහැනට හසුකර ගැනීමට රජය මැදිහත් විය යුතු කාලය එළඹ ඇත.

(සටහන | හර්ෂ ගුරුගේ )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...