ප්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ අභාවප්‍රාප්ත විය.


කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 74 වැනි වියෙහි පසුවිය.

ඔහු ගීත 1500 පමණ ලියූ රචකයෙකි.

යුග තුනක ගායන පරපුරුවලට ගී නිර්මාණයෙන් දායක වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ, මාලනී බුලත්සිංහල ගයන ‘සඳ මඩලේ සිට‘ ගුණදාස කපුගේ ගයන ‘නාඹර ගොයමට‘, ඩීඩී ගුණසේන ගයන ‘සොඳුර මට සමුදෙන්න‘, පුන්සිරි සොයිසා ගයන ‘බිඳුවක් ඉවසා‘, කීර්ති පැස්කුවල් ගයන ‘කවිකාරියේ‘, දයාරත්න රණතුංග ගයන ‘සමකෝනී ත්‍රිකෝණයකි‘, ග්‍රේෂන් ආනන්ද ගයන‘හිම රේණු වැටෙනා‘, සුජාතා අත්තනායක ගයන ‘හතර වටින් කළුකරගෙන‘ රූකාන්ත - චන්ද්‍රලේකා ගයන ‘සඳලේඛා‘ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් රචනා කර ඇත.

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ දේහය පෙබරවාරි 16 දා බදදා පෙරවරු10 සිට අංක 60, ෆොන්සේකා පාර, ලක්ෂපතිය,මොරටුව (අඟුලාන දුම්රිය පොළ පාරේ) ලිපිනයේ එතුමන්ගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇත.

යළි 17 දා බ්‍රහස්පතින්දා පෙරවරු 10 සිට බොරැල්ල ජයරත්න Restpect අවමංගල ශාලාවේ දේහය තැන්පත් කෙරෙන අතර එදිනම පස්වරු 04ට බොරැල්ල කන්ත්තේ දී ආදාහනය සිදු කෙරේ.

 

 

 

 

  
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්