සයිමන් නවගත්තේගම නම් අග්‍රගණ්‍ය සාහිත්‍යවේදියාගේ "ක්ෂීර සාගරය කැලඹිණ" නවකතාව ඇසුරින් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිනමාපටයක් නිර්මාණය කිරීමේ කටයුතු පසුගියදා සුබ මොහොතින් ආරම්භ කර
තිබුණි.
 
ඉකුත් 21 වැනිදාට යෙදී තිබුණු සිංහල කථානාද සිනමාවේ හැත්තෑ හතරවැනි සංවත්සරය සමරමින් පැවති මුහුරත් උළෙලට සිනමාපටය සඳහා දායකත්වය සපයන සියලු දෙනාම එක්වී සිටිය හ. 
 
ජැක්සන් ඇන්තනී, උදාරි වර්ණකුලසූරිය, හේමාල් රණසිංහ, ගිහාන් ප්‍රනාන්දු, හරිනි කාව්‍යාංජනී, ලූෂන් බුලත්සිංහල, කලණ ගුණසේකර, සරත් කොතලාවල, පියංකා සමරවීර, රවීන් කනිෂ්ක ඇතුළු පිරිසක් ඊට රංගනයෙන් දායක වෙති.
 
"ක්ෂීර සාගරය කැලඹිණ" සිනමාපටයේ නිෂ්පාදනය එච්. ඩී. ප්‍රේමසිරි විසිනි. සම නිෂ්පාදනය කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී, චාන්ද්‍රි හපුතන්ත්‍රී විසිනි. 
 
තිර රචනය සහ සංවාද රචනය ජැක්සන් ඇන්තනී, කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, ගායනා ආචාර්ය නන්දා මාලිනී, සංස්කරණය අජිත් රාමනායක, වස්ත්‍රාභරණ නිර්මාණය වෙනුක වික්‍රමආරච්චි, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත, සටන් අධ්‍යක්ෂණය ඔසඳ සමන් බණ්ඩාර, නර්තන අධ්‍යක්ෂණය කපිල පලිහවඩන, අංග රචනය සහ කේශාලංකරණය ප්‍රියන්ත දිසානායක, නාද සංකලනය සසික රුවන් මාරසිංහ, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර, නිෂ්පාදන අධීක්ෂණය ඒ.ඩී. රංජිත් කුමාර විසිනි.
 
(ඡායාරූප : සරසවි සිනෙරූ ෆේස්බුක් පිටුවෙනි)
 
 
 
 Jaks2021.01.27
 
################
 
සර්, රේගුවට අයථා බලපෑම් කරන දේශපාලකයන්ට මොකද කරන්නෙ?
 

 
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්