leader s

බටහිර අහස, පියවි වැනි ජනප්‍රිය ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කළ චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය
වන "උතුරු සුළඟ" එළඹෙන මාර්තු 5 වැනිදා සිට ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
 
දශක තුනක කුරිරු යුද්ධයේ අත්දැකීම් හා මතකයන් සිත් වලින් ඈතට පියාඹමින් සිටින අද දිනයේ, ලංකාවේ උතුරු පෙදෙසේ පෙර මායිම් ගමක්ව තිබු ලස්සන ගැමි පරිසරයක මෙම වෘතාන්තය දිග හැරේ. 
 
යුද්ධයේ සෙවනැලි ජීවිත තුල ඉතිරි කර ගිය අඳුර පිලිබඳ මතකයන් සමග ජීවත් වන සුනිමල්,  ආගන්තුක පරිසරයක යලි ජීවිතය ගොඩ නගාගැනීමට දරන උත්සාහයත්, ගමේ නායකයා වන රාලහාමි මාමාගේ දුව යශෝධරා ගැන ඇතිවන ආදර හැඟීම සඟවා ගැනීමට නැවතත් සටනේ යෙදෙන සුනිමල් ගැනත් උතුරු සුළඟ කතා කරයි.
   
ඔහුගේ මෙම සියලු උත්සාහයන් දෙදරා යන විට ජීවිතය යලි පණගන්වන්නට ඔහුට පිහිට වන්නේ ඔහුගේ වර්තමානයයි. 
 
එරංග ජීවන්ත, කාවින්ද්‍යා දුල්ශානි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි, ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, කසුනි කාවින්ද්‍යා, සුලක්ඛනා හේරත්, හර්ෂ ප්‍රසාද් කන්දකපුගේ, ශෂික දමයන්ත සමරේ, රනිල් ප්‍රසාද්, ප්‍රින්සි ප්‍රනාන්දු මයුර වික්‍රමරත්න, අඛිල දිසානායක ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයා තිබේ.
 
පික්ස් ඇන්ඩ් වර්ඩ්ස් නිෂ්පාදනයක් වන "උතුරු සුළඟ" සිනමාපටයේ කතාව සහ දෙබස් ද අධ්‍යක්ෂවරයා විසින් සිදු කර ඇති අතර මුහමඩ් ඝානි, කපිල නවරත්න, රසිත ජිනසේන විසින් නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.
 
කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් විජේරත්න, සංස්කරණය සුදේශ් කුමාරසිංහ, කලා අධ්‍යක්ෂණය ධම්මික හෙවාදුවත්ත, අංග රචනය අරුණ ශාන්ත විජේසූරිය, සංගීත අධ්‍යක්ෂණය ජානක ෆොන්සේකා, ගී පද රචනය තුෂානි බුළුමුල්ල, රේඛිය නිෂ්පාදනය ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, නිෂ්පාදන කළමනාකරණය අජිත් සමන්ත සහ මාලින්ද මධුශංක විසිනි.
 
උතුරු සුළඟ සිනමාපටයේ නිළ පූර්ව ප්‍රචාරකපටය පහතින්,
 

 

 

 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්