The Leader News
BREAKING
කොළඹ වරායේ ඩොලර් බිලියන ගනුදෙනුව අත්හැරියේ ඇයි?●විලාසිතා ලෝකයේ සදාචාරාත්මක පසුබෑම: අලුත් වාර්තාවකින් හෙළිදරව්වක්●වරාය නගරයේ අනුමැති ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් ප්‍රශ්න●ලිංගික අතවර චෝදනාවට සුරංජිත් සිල්වා ඕස්ට්‍රේලියාවේදී වරදකරු වෙයි●ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ලක්ෂ දහයක පැටලැවිල්ලක්●චෙම්මනි සමූහ සුසානයේ පළමු විශේෂඥ වාර්තාව උසාවියට●රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●
Top Ad
Life

චාමර ජනරාජ් පීරිස්ගේ "උතුරු සුළඟ" මාර්තුවේ හමයි

T

The Leader Desk

February 6, 2021 • 3:38 AM

චාමර ජනරාජ් පීරිස්ගේ "උතුරු සුළඟ" මාර්තුවේ හමයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන "උතුරු සුළඟ" එළඹෙන මාර්තු 5 වැනිදා සිට ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
  • පික්ස් ඇන්ඩ් වර්ඩ්ස් නිෂ්පාදනයක් වන "උතුරු සුළඟ" සිනමාපටයේ කතාව සහ දෙබස් ද අධ්‍යක්ෂවරයා විසින් සිදු කර ඇති අතර මුහමඩ් ඝානි, කපිල නවරත්න, රසිත ජිනසේන විසින් නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.
  • උතුරු සුළඟ සිනමාපටයේ නිළ පූර්ව ප්‍රචාරකපටය පහතින්, The Leader TV තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම.
අකුරු ප්‍රමාණය (Font Size):
වන "උතුරු සුළඟ" එළඹෙන මාර්තු 5 වැනිදා සිට ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
 
දශක තුනක කුරිරු යුද්ධයේ අත්දැකීම් හා මතකයන් සිත් වලින් ඈතට පියාඹමින් සිටින අද දිනයේ, ලංකාවේ උතුරු පෙදෙසේ පෙර මායිම් ගමක්ව තිබු ලස්සන ගැමි පරිසරයක මෙම වෘතාන්තය දිග හැරේ. 
 
යුද්ධයේ සෙවනැලි ජීවිත තුල ඉතිරි කර ගිය අඳුර පිලිබඳ මතකයන් සමග ජීවත් වන සුනිමල්,  ආගන්තුක පරිසරයක යලි ජීවිතය ගොඩ නගාගැනීමට දරන උත්සාහයත්, ගමේ නායකයා වන රාලහාමි මාමාගේ දුව යශෝධරා ගැන ඇතිවන ආදර හැඟීම සඟවා ගැනීමට නැවතත් සටනේ යෙදෙන සුනිමල් ගැනත් උතුරු සුළඟ කතා කරයි.
   
ඔහුගේ මෙම සියලු උත්සාහයන් දෙදරා යන විට ජීවිතය යලි පණගන්වන්නට ඔහුට පිහිට වන්නේ ඔහුගේ වර්තමානයයි. 
 
එරංග ජීවන්ත, කාවින්ද්‍යා දුල්ශානි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි, ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, කසුනි කාවින්ද්‍යා, සුලක්ඛනා හේරත්, හර්ෂ ප්‍රසාද් කන්දකපුගේ, ශෂික දමයන්ත සමරේ, රනිල් ප්‍රසාද්, ප්‍රින්සි ප්‍රනාන්දු මයුර වික්‍රමරත්න, අඛිල දිසානායක ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයා තිබේ.
 
පික්ස් ඇන්ඩ් වර්ඩ්ස් නිෂ්පාදනයක් වන "උතුරු සුළඟ" සිනමාපටයේ කතාව සහ දෙබස් ද අධ්‍යක්ෂවරයා විසින් සිදු කර ඇති අතර මුහමඩ් ඝානි, කපිල නවරත්න, රසිත ජිනසේන විසින් නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.
 
කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් විජේරත්න, සංස්කරණය සුදේශ් කුමාරසිංහ, කලා අධ්‍යක්ෂණය ධම්මික හෙවාදුවත්ත, අංග රචනය අරුණ ශාන්ත විජේසූරිය, සංගීත අධ්‍යක්ෂණය ජානක ෆොන්සේකා, ගී පද රචනය තුෂානි බුළුමුල්ල, රේඛිය නිෂ්පාදනය ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, නිෂ්පාදන කළමනාකරණය අජිත් සමන්ත සහ මාලින්ද මධුශංක විසිනි.
 
උතුරු සුළඟ සිනමාපටයේ නිළ පූර්ව ප්‍රචාරකපටය පහතින්,
 

 

 

 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...