ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගේ 9 වැනි සිනමා නිර්මාණය වන ජංගි හොරා (Underpants Thief) හි පූර්ව ප්‍රචාරකපටය පසුගියදා
අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් වන මෙය 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේ තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර 22 වැනි බුසාන් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කිරීමටත් සමත් වී තිබුණි.
කාන්තා යට ඇඳුම් කෙරෙහි දැඩි ආකර්ශනයක් පළ කරන සහ ඒවා හොරකම් කිරීමට පෙළඹෙන මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක් වටා ගෙතෙන මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂවරයා මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපටවලින් වෙනස් මගක් ගන්නා සිනමා පටයක් ලෙස හැඳින්විය හැකිය.
පුබුදු චතුරංග සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිතවලට පණ පොවන "ජංගි හොරා" හි කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරිය සහ නිෂ්පාදනය රේණුකා බාලසූරිය විසිනි. මෙම සිනමාපටයේ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සිදු කර ඇති අතර ගායනය හර්ෂණ දිසානායක සහ ශෂිකා නිසංසලා විසිනි.
THE LEADER TV
මළ ප්‍රේතයෝ රටින් පන්නන්න යෝජනාවක් එයි !
මහින්ද වැඩේ අතට ගනී! | The Leader TV | Gossip