BREAKING
Top Ad
පුවත්

දේශපාලකයන්ට පාඩමක්: මෝඩිගේ ජය තහවුරු කළ කරුණු 05ක්

T

The Leader

May 26, 2019 • 8:47 AM

දේශපාලකයන්ට පාඩමක්: මෝඩිගේ ජය තහවුරු කළ කරුණු 05ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙවැනි වරට ලද මැතිවරණ විජයග්‍රහණය තවමත් ලොවපුරා බෙහෙවින් සාකච්ඡාවට භාජනය වෙමින් පවතින ප්‍රධාන මාතෘකාවකි.
  •   1- නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය සහ පෞරුෂය; මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුල සිය නායකත්වය සහ පෞද්ගලික පෞරුෂය මහජනතාව අතර ශක්තිමත්ව ස්ථානගත කර ගැනීමට අගමැති මෝඩි සමත් විය.
  •   එම ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්තාන් භූමියට ඉන්දියානු ජෙට් යානා යැවීමට ගත් තීන්දුව 'ප්‍රතිචාරය පළ කිරීමක්' ලෙස අගමැති මෝදි විසින් විග්‍රහ කරනු ලබයි.
  •   3- අති සාර්ථක දේශපාලන සන්ධානයක් නිර්මාණය කර ගැනීම; අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය මෙවර මැතිවරණ සටනට පිවිස සිටියේ දේශපාලන සංධානයක් වශයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශිත ඉන්දීය මහමැතිවරණ ප්‍රතිපල අනුව අගමැති නරේන්ද්‍ර මොදිගේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකත්වයෙන් යුක්ත ජනතා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDJ) ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ ආසන 350 ක් ජය ගැනීමට සමත් විය.

එය අගමැති මෝදි හෝ දේශපාලන අනාවැකි පළ කරන්නන් පවා බලාපොරොත්තු නොවූ මට්ටමේ මැතිවරණ ජයග්‍රහණයක් විය.

සමස්ත ඉන්දියාව පුරා දේශපාලන කුණාටුවක් මෙන් පැතිර ගිය එම මහමැතිවරණ ප්‍රතිපලය පිටුපස පැවති දේශපාලන බුද්ධිය සහ සංවිධාන ව්‍යුහය කුමක්ද?

එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ මැතිවරණ ක්‍රීඩාවේ නිරතවෙමින් සිටින දේශපාලනඥයන්ට උපුටා ගත හැකි පාඩමක් තිබේද?

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙවැනි වරට ලද සාර්ථක මැතිවරණ ජයග්‍රහණය කෙරෙහි බලපෑ කරුණු පහක් කෙරෙහි විචාරක අවධානය යොමුවෙමින් ඇත.

India Vote 

1- නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය සහ පෞරුෂය;

මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුල සිය නායකත්වය සහ පෞද්ගලික පෞරුෂය මහජනතාව අතර ශක්තිමත්ව ස්ථානගත කර ගැනීමට අගමැති මෝඩි සමත් විය.

අගමැති මෝදි ඉන්දීය දේශපාලනය තුළ සිය ශක්තිය ගොඩනගා ගත් ආකාරය දැක්වෙන දේශපාලන පසුබිම සඳහා කියවන්න;

පක්ෂයේ කථිකයා අගමැති වූ හැටි

 

2- ජාතිකවාදය;

මහමැතිවරණය ආරම්භ කරනු ලැබීමට පෙර කාශ්මීරයේ එල්ල කෙරුණ ප්‍රහාරයක් මගින් ඉන්දීය සොල්දාදුවන් ඝාතනය වීම ඉන්දීය ජනතාව අතර මහත් කම්පනයක් ඇති කිරීමට හේතු වූ අතර එසේම එතුළින් මතුවූ 'ඉන්දියානු ජාතිකත්වය' පිළිබඳ හැඟීම පසුගිය මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයට වාසි සහගතව හැඩ ගැසුණි.

Modi win 

එම ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්තාන් භූමියට ඉන්දියානු ජෙට් යානා යැවීමට ගත් තීන්දුව 'ප්‍රතිචාරය පළ කිරීමක්' ලෙස අගමැති මෝදි විසින් විග්‍රහ කරනු ලබයි.

කාශ්මීරයේ එල්ල කෙරුණ ප්‍රහාරය හෙළා දකිමින් අගමැති මෝදි පළකළ අදහස්වලට බොහෝ ඉන්දියානුවන්ගේ අනුමැතිය සහ සහයෝගය පළ විය.

 

3- අති සාර්ථක දේශපාලන සන්ධානයක් නිර්මාණය කර ගැනීම;

අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය මෙවර මැතිවරණ සටනට පිවිස සිටියේ දේශපාලන සංධානයක් වශයෙනි.

අකාලිදාල්, සමස්ත ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම්,ශිවසේනා,සමස්ත,බිජු ජනතාදාල් සහ ලෝක ජන ශක්ති ඇතුළු ප්‍රාදේශීය මට්ටමින් බලයක් සහිත තවත් දේශපාලන පක්ෂ කීපයක් අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන සංධානය නියෝජනය කරයි.

එවැනි දේශපාලන සංධානයක් ගොඩනගා ගැනීමේ දී අගමැති නරේන්ද්‍ර මෝදි අති සාර්ථක වී ඇත.

 Modi Campain

4- නැගෙනහිර ඉන්දීය ප්‍රාන්ත කෙරෙහි අවධානය;

පසුගිය මැතිවරණයේ දී පාලක භාරතීය ජනතා පක්ෂය නායකත්වය දුන් දේශපාලන සංධානය නැගෙනහිර ඉන්දීය ප්‍රාන්තවල සිය ශක්තිය තහවුරු කර ගැනීම් වෙනුවෙන් දැඩි අවධානයක් යොමුකළ අතර එමගින් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව මැතිවරණ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙයි.

බටහිර බෙංගාලය,ඔරිස්සා,ජාර්කාන්ද්, බිහාර්, ඇතුළු ප්‍රාන්ත රැසක් නැගෙනහිර ඉන්දියාවේ භූ දේශපාලන සිතියමට ඇතුළත් වෙයි.

එම ප්‍රාන්ත කෙරෙහි අගමැති මෝදි ප්‍රමුඛ සන්ධානය විසින් තබන ලද වැඩිබර සාර්ථක ප්‍රතිඵල ලබා ඇතිබව මැතිවරණ ප්‍රතිඵල මගින් සනාථ කෙරෙයි.

 

5 - ජන මාධ්‍ය දිනා ගැනීම;

පසුගිය මහමැතිවරණ සමයෙහි අගමැති මෝදි සහ ඔහු නායකත්වය දුන් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ දේශපාලන සංධානය සමාජ මාධ්‍ය සහ වෙනත් ක්ෂේත්‍රයන්හි මුල්තැනට පැමිණ ඇති බවක් පෙන්නුම් කෙරෙයි.

අගමැති මෝදි ජනමාධ්‍ය ලෝකයේ ලද ස්ථානය පිළිබිඹු කෙරෙන ආකාරය;

Modi win 1

ඉහත කී කරුණු පහ අගමැති නරේන්ද්‍ර මෝදි ලද ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයට හේතු වූ බව පැවසෙයි.

(බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...