දැනට ලැබී ඇති පැමිණිලිවලින් සියයට අනුවක් පමණ එසේ සැකය මත කළ පැමිණිලි බව පැවසු එම නිලධාරියා, එවැනි මව්වරුන් බොහෝදෙනෙකු තවත් දරු උපතක් අපේක්ෂා නොකරන බව ප්‍රකාශකර ඇතැයි ද කියා සිටියේය.
වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාගේ සිසේරියන් සැත්කම් වලින් පසු තවත් දරු උපතක් බලාපොරොත්තුව සිටිය ද එය පමාවීම සම්බන්ධයෙන් ද මව්වරුන් කිහිප දෙනෙකු පැමිණිලි කර ඇත.
මේ සියලු මව්වරුන් නොපමාව විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකර වාර්තා ලබාගැනීමට කටයුතු කරන බවත් එතෙක් මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් නිගමනයකට ඒමට නොහැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ, අද (31) දින 'දිවයින' පුවත්පතේ පලවී ඇති වාර්තාවක් සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමකදීය.
වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියමින් මවුවරුන් 381 දෙනකු ඊයේ (30 ) වනවිට එම වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි කර ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කර ඇත.
'මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4000 කට අධික පිරිසක් වඳභාවයට පත්කර ඇතැයි' මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පත සිය ප්‍රධාන පුවත මගින් අනාවරණය කර තිබිණ.
පොහොට්ටුවේ මෙහෙයුමක්
පාස්කු ඉරිදා (21) ප්‍රහාරයේ ඛේදවාචකයෙන් දේශපාලන වාසි ලබා ගැනීමේ මෙහෙයුමක් ආරම්භකර ඇති 'පොහොට්ටු' පක්ෂයේ නායකත්වය, 'දිවයින' පුවත්පත් වාර්තාව පළවීමත් සමග එම මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහිව ප්‍රබල මතවාදයක් ගොඩනැගීමට සක්‍රියව දායකව සිටින බව මේවනවිට තහවුරුවී ඇත.
එම මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහිව පෙත්සම් යොමු කිරීමට පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය නායකයින්ගේ හා අතුරලිය රතන මන්ත්‍රී හිමියන්ගේ මෙහෙයවීම මත සිදුවන බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම 'පැලෝපිය නාල' මෙහෙයුමත් සමග පොහොට්ටුවේ ඡන්ද ලකුණ වෙනස් වී 'පැලෝපිය පොහොට්ටුව' කරලියට පැමිණ ඇති ආකාරය නලින් ඒකනායක සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.
කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි සියල්ල සැකය මතයි - CID කියයි
T
The Leader
May 30, 2019 • 9:53 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාගේ සැත්කම් වලට භාජනය වූ මව්වරුන් අතරින් පොලිසියට පැමිණිලි කර ඇති වැඩි පිරිසක් එසේ පැමිනිලි කර ඇත්තේ, එම සැත්කම් වලින් තමන්ට යම් අබාධයක් සිදුවී ඇද්දැයි සැක හැර දැනගැනීම සඳහා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අවධාරණය කර සිටියේය.
- 'මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4000 කට අධික පිරිසක් වඳභාවයට පත්කර ඇතැයි' මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පත සිය ප්‍රධාන පුවත මගින් අනාවරණය කර තිබිණ.
- එම මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහිව පෙත්සම් යොමු කිරීමට පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය නායකයින්ගේ හා අතුරලිය රතන මන්ත්‍රී හිමියන්ගේ මෙහෙයවීම මත සිදුවන බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.
- මෙම 'පැලෝපිය නාල' මෙහෙයුමත් සමග පොහොට්ටුවේ ඡන්ද ලකුණ වෙනස් වී 'පැලෝපිය පොහොට්ටුව' කරලියට පැමිණ ඇති ආකාරය නලින් ඒකනායක සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


