BREAKING
Top Ad
පුවත්

'එන්නත් ගෙනාවත් සිරින්ජර් ගෙනත් නැහැ ?' - 'ද ලීඩර්' පුවත ගැන SPC සභාපතිගේ ප්‍රතිචාරය

T

The Leader

July 12, 2021 • 4:18 AM

'එන්නත් ගෙනාවත් සිරින්ජර් ගෙනත් නැහැ ?' - 'ද ලීඩර්' පුවත ගැන SPC සභාපතිගේ ප්‍රතිචාරය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් රැගෙන ඊයේ (11) අලුයම මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකෙහිම සිරින්ජර් ගෙන ඒමට
  •   ඔහු එබව සඳහන් කරන්නේ  ''සයිනොෆාම් එන්නත් ගෙනාවත් සිරින්ජර් ගෙනත් නැහැ ?
  • ''  යන සිරස්තලයෙන් යුතුව 'ද ලීඩර්' හි ඊයේ (ජුලි 11) පළවූ වාර්තාව සම්බන්ධයෙන් අපගේ විද්‍යුත් ලිපිනය වෙත දැනුම්දීමක් කරමිනි.
  •       'ද ලීඩර්' පුවත මුළුමනින්ම සාවද්‍ය ය බව පවසන සභාපතිවරයා, විවිධ නිෂ්පාදකයින්ගෙන් සිරින්ජර් පැමිණෙන අතර එය වෙනස් මෙහෙයුමක් බව කියා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):
අවශ්‍ය වුවද එහි ඉඩක් නොතිබුන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC  -State Pharmaceuticals Corporation) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
 
ඔහු එබව සඳහන් කරන්නේ ''සයිනොෆාම් එන්නත් ගෙනාවත් සිරින්ජර් ගෙනත් නැහැ ? '' යන සිරස්තලයෙන් යුතුව 'ද ලීඩර්' හි ඊයේ (ජුලි 11) පළවූ වාර්තාව සම්බන්ධයෙන් අපගේ විද්‍යුත් ලිපිනය වෙත දැනුම්දීමක් කරමිනි.    
 
'ද ලීඩර්' පුවත මුළුමනින්ම සාවද්‍ය ය බව පවසන සභාපතිවරයා, විවිධ නිෂ්පාදකයින්ගෙන් සිරින්ජර් පැමිණෙන අතර එය වෙනස් මෙහෙයුමක් බව කියා සිටියි.
 
එන්නත් රැගෙන ආ  ගුවන් යානා දෙකෙහිම සිරින්ජර් ගෙන ඒමට අවශ්‍ය වුවද එහි ඉඩක් නොතිබුණ බව පවසන සභාපතිවරයා, පසුගිය 10 වෙනිදා ඉන්දියාවෙන් සිරින්ජ තොගයක් ගෙන්වා ගත බවත්, අනෙක් සිරින්ජර් තොග ලබන සතියේ ගෙන්වා ගැනීමට නියමිත බවත් කියා සිටියි.
 
 
 
පිළිතුරුදීමේ අයිතිය :
 
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය පිළිගනු ලබන අප, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ විද්‍යුත් පණිවිඩය කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.
 
  
This is totally in acurate. Syringes are comming from deferent manufacturers and it is a totally deferent operation. The two flights with vaccines did not have space for syringes even if they wanted to bring them.
 We got a conseigment of syringes on10th from India.  The other consiegments are scheduled to the next week. 
Please be responsible in publishing articles in a pandemic like this.
(Dr Prasanna Gunasena)
Chairman SPC
 
 
සංස්කාරක සටහන :
 
 
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මඟින් ඊයේ (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන ඒමේදී කිසියම් අතපසුවීමක් සිදුව ඇතැයි 'ද ලීඩර්' ඊයේ අනාවරණය කළෙමු.
 
අප එවැනි අනාවරණයක් සිදුකරනු ලැබුවේ රජයේ සෞඛ්‍ය සේවයේ වගකිවයුතු බලධාරියකුගෙන් ලැබුන තොරතුරු පදනම් කරගනිමින්, තම අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඔහු විසින් කළ ඉල්ලීමද සැලකිල්ලට ගනිමිනි.
 
එන්නත් මාත්‍රා මිලියන 2ක් රැගෙන ඊයේ (11) අලුයම මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකෙහිම සිරින්ජර් ගෙන ඒමට අවශ්‍ය වුවද එහි ඉඩක් නොතිබුන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ විද්‍යුත් ලිපියේද සඳහන් වේ. ''
 
 
සබැඳි පුවත 
 
  
 
 
 
THE LEADER TV 
 
පොහොර වැඩෙනුත් : ප්ලෑන් කරලා බැසිල්ව ඇන්නුවද ? 
 
 
රාජපක්ෂලා මාර්ගපල ලබන හැටි...
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...