BREAKING
Top Ad
පුවත්

SPC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ. කෙහෙළිය සමග ගැටුමක්!

T

The Leader

October 19, 2021 • 8:12 AM

SPC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ. කෙහෙළිය සමග ගැටුමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි
  •   ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ හදිසි ඉල්ලා අස්වීම සෞඛ්‍ය ඇමතිවරයා සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් නිසා නිර්මාණ වුවක් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
  •   ඉකුත් සති කිහිපය තුල අවස්ථා කිහිපයකදී මෙම ඉහල නිලධාරින් කැබිනට් ඇමතිවරයාගේ දෝෂාදර්ශනයට ලක්ව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 
දැනට කොවිඩ් මර්දනය සඳහා එන්නත් ආනයනය කිරීමේ කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදුකෙරෙන අතර එම කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින පසුබිමක සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ හිටිහැටියේම ඉල්ලා අස්වීම මතභේදයට තුඩු දී ඇතැයිද 'මව්බිම' පුවත්පත වාර්තාකර තිබේ.
 
ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ හදිසි ඉල්ලා අස්වීම සෞඛ්‍ය ඇමතිවරයා සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් නිසා නිර්මාණ වුවක් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
 
ඉකුත් සති කිහිපය තුල අවස්ථා කිහිපයකදී මෙම ඉහල නිලධාරින් කැබිනට් ඇමතිවරයාගේ දෝෂාදර්ශනයට ලක්ව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි.
 
 කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඉල්ලා අස්වීමේ කතාව අසත්‍ය බවයි. 
 
විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අද දිනය පුරා සිය දුරකථනය විසන්ධිකර ඇති අතර ඔහු තමන්ගේ සමීපතම හිතවතුන්ට පවසා ඇත්තේ, ''වැඩක් කරන්න දෙන්නේ නැ .. ඉතින් තවදුරටත් ඉඳලා තේරුමක් නැහැනේ..'' කියාය. 
 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩිට එරෙහිව මෙරටට  ඖෂධ ගෙන්වන ව්‍යාපාරික මාෆියාව පසුගිය වකවානුවේ මාධ්‍ය හරහා පුළුල් ප්‍රහාරයක් දියත්කර තිබිණ.
 

 

 


 

THE LEADER TV 
 
 
 

ඉන්දියාව බැසිල්ට මොනවා කරයිද ?! | The Leader TV | Gossip

 
 
ඔක්කොම හරි විපක්‍ෂයක් කෝ | මෙණෙරවිලගේ ලියමන 
 
  
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...