The Leader News
BREAKING
Top Ad
පුවත්

සමරිසි (LGBT+) අයිතීන් වෙනුවෙන් ජීවන්ගේත් සහාය

T

The Leader Desk

August 31, 2022 • 5:39 AM

සමරිසි (LGBT+) අයිතීන් වෙනුවෙන් ජීවන්ගේත් සහාය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහි වෙනස්කොට සැලකීම් සිදුකරන නීති අහෝසි කරන මෙන් ඉල්ලා රැගෙන යනු ලබන බහු-පාර්ශවික ව්‍යාපාරයට ලංකා
  • “වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී සිටීම මානව හිමිකමක්” බව කියයි.
  • ඉකුත් සතියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති සංශෝධනය කරමින් සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කරන මෙන් ඉල්ලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
  •   නිර්සාපරාධීකරණයට සහ සමානාත්මතාවයට සහාය දැක්වීමේ අරමුණින් තොණ්ඩමන්ගේ සහභාගීත්වය මෙසේ සනිටුහන් වීමත් සමඟ, ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථම වතාවට සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ අයිතීන් සම්බන්ධයෙන් පෙර නොවූ විරූ බහු-පාර්ශ්වික සම්මුතියකට එළඹ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් එකතු වෙයි.

“වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී සිටීම මානව හිමිකමක්” බව කියයි.

සමරිසි (LGBT+) ප්‍රජාවට එරෙහිව සිදුවන සියලුම අන්දමේ වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ව්‍යාපාරයට, සමඟි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය යන පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ද එක්ව තිබේ.

ඒ අනුව, සමරිසි (LGBT+) පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන නීති ඉවත් කිරීමේ සුවිශේෂී බහු-පාර්ශවික සම්මුතියකට තොණ්ඩමන් සම්බන්ධ වී තිබේ.

ඉකුත් සතියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති සංශෝධනය කරමින් සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කරන මෙන් ඉල්ලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

 

නිර්සාපරාධීකරණයට සහ සමානාත්මතාවයට සහාය දැක්වීමේ අරමුණින් තොණ්ඩමන්ගේ සහභාගීත්වය මෙසේ සනිටුහන් වීමත් සමඟ, ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථම වතාවට සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ අයිතීන් සම්බන්ධයෙන් පෙර නොවූ විරූ බහු-පාර්ශ්වික සම්මුතියකට එළඹ ඇත.

 

ටැමිල් මිරර් සහ ඩේලි මිරර් පුවත්පත් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී තොණ්ඩමන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ, විශේෂයෙන්ම උඩරට වතුකරයේ ජනතාව අතර වෙසෙන සමරිසි (LGBT+) ප්‍රජාව මුහුණදෙන අභියෝගයන් පිළිබඳව තම සාමාජිකයන් සහ ඡන්ද කොට්ඨාශයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්  ලංකා කම්කරු කොංග්‍රසය විසින් ආරම්භ කර ඇති බවයි.

කම්කරු සහ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් වෙනුවෙන් කැපවූ පක්ෂයක් ලෙස, වෙනස්කොට සැලකීමෙන් හා බියෙන් තොරව ජීවිත්වීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස හඳුනා ගැනීමේ වැදගත්කම හෙතෙම අවධාරණය කළේය.

‍“පුද්ගලයකුට තම ලිංගික දිශානතිය කුමක් වූවද, තමාට හැඟෙන ආකාරය හෝ තමන් කවුරුන් ද යන්න ප්‍රකාශ කිරීමට බිය නොවී මෙරට ජීවත් වීමේ හැකියාව තිබිය යුතුය.”

සමරිසි (LGBT+) ප්‍රජාවට රජය විසින් සිදුකරනු ලබන අමානුෂික ක්‍රියා ද තොණ්ඩමන් මන්ත්‍රීවරයා විසින් හෙළා දකින ලද අතර, සමරිසි (LGBT+) පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පොලීසිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ගුද සහ යෝනි පරීක්ෂාවලට ලක්කිරීම පිළිබඳව මෑත දිනක මාධ්‍ය මඟින් සිදුකළ අනාවරණය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ එය නිදහස් පුරවැසියකු ලෙස ජීවත් වීමට පුද්ගලයකු සතු අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ය.

 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සඳහා ලංකා කම්කරු කොංග්‍රසය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවල, මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ආරක්ෂිත ලක්ෂණ ලෙස “ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවය” ප්‍රකාශිතව ඇතුළත් කිරීමේ විධිවිධාන ඇතුළත් කර ඇත.

 

වර්තමානයේ පැනනැඟී ඇති ආර්ථික අර්බුදය මධ්‍යයේ වූව ද මෙම ගැටළු ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම පිළිබඳව මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

සමරිසි (LGBT+) ප්‍රජාව මුහුණ දෙන ගැටළු ඉස්මතු කිරීමට මෙය සුදුසු මොහොතක් ද යන්න ප්‍රශ්න කරමින් විවේචන ඉදිරිපත් කරන පුද්ගලයන්ට පිළිතුරු ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, “මේ මොහොතේ තනි ගැටළුවක් මතුව ඇති මුත්, ඊට සමාන්තරව පැනනැඟෙන අනෙකුත් ගැටළු ඉන් යටපත් නොවන බව අවබෝධ කර ගැනීම අප සියලු දෙනාගේම වගකීමක්” බවයි. සෑම ගැටළුවක් ම ආමන්ත්‍රණය කිරීම වැදගත් බවත්, යම් අයුක්තියක් ආමන්ත්‍රණය කිරීමට “නිශ්චිත කාලයක්” තිබිය යුතුය යන්න තමා විශ්වාස නොකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

තම හෘද්‍යාංගම අදහස් බෙදාගනිමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ සමරිසි (LGBT+) ප්‍රජාවේ මිතුරන් කිහිප දෙනෙකු තමාට ද සිටින බවයි.

තම සමරිසි (LGBT+) මිතුරන් තුළ ඇති සහකම්පන ගුණාංගය හඳුනා ගන්නා මන්ත්‍රීවරයා එය අගයන බවත්, එය තම විෂමරිසි මිතුරන්ගේ එම ගුණයට වඩා තරමක් ඉහළ මට්ටමේ ඇති බව තමා විශ්වාස කරන බවත් සඳහන් කළේය.

සමරිසි (LGBT+) ප්‍රජාවේ සාමාජිකයන් ඔවුනට බොහෝ අවස්ථාවන්වලදී මුහුණදීමට සිදුවන පසුබෑම සහ සෘණාත්මක ආකල්ප නොතකා, සමාජයේ සමානාත්මතාවය සඳහා යෙදෙන අඛණ්ඩ අරගලය පිළිබඳව මන්ත්‍රීවරයා ප්‍රශංසා කළේය.

එමෙන්ම, මෙම සංවාදය දිගටම පවත්වාගෙන යන ලෙස සමරිසි (LGBT+) පුද්ගලයන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටින තොණ්ඩමන් මන්ත්‍රීවරයා, රට ඉදිරියට ගෙන යාම සඳහා ඔවුනට සහාය වීමට සිය සහෘදත්වය ඉන් තහවුරු කර සිටියේය.

 

බොහෝ ආගම් හෝ සංස්කෘතීන් මෙන් නොව, මනුෂ්‍යත්වයේ ස්ථිරභාවය වෙනුවෙන් මන්ත්‍රීවරයා ඉතිහාසයේ ලත නොවෙමින් පියවරක් ඉදිරියට තබමින් තම සහයෝගය ප්‍රකාශ කර සිටියේය. ඇතුළත්භාවයෙන් යුතු සමාජයක වැදගත්කම හඳුනාගෙන ඒ සඳහා කටයුතු කරන මෙන් ඔහු ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටියේය.

 

ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතවරයා මෙලෙස සම්බන්ධ වන්නේ ‘එකට එක්ව’ (Better Together) නමින් ක්‍රියාත්මක වන නව ව්‍යාපාරයක කොටසක් වශයෙනි. නොමිලේ නීතිමය සහාය සපයන සංවිධානයක් වන අයිප්‍රෝබෝනෝ (iProbono) විසින් රැගෙන යන මෙම ව්‍යාපාරය, සමරිසි (LGBT+) ප්‍රජාව විසින් මුහුණ දෙන වෙනස්කොට සැලකීම් හුවා දැක්වීමට සහ එම ප්‍රජාවට එරෙහිව දියත් වන ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම් පවත්වාගෙන යන නීතිවල ප්‍රතිසංස්කරණයන් ඉල්ලා සිටීම සඳහා ක්‍රීඩා, ව්‍යාපාර, දේශපාලන සහ සංස්කෘතික ආදී ක්ෂේත්‍රවල නායකයන් එකට එක්කිරීම සඳහා කටයුතු කරනු ලබයි.



සබැඳි පුවත් :

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල

සමරිසි පිරිමියෙක් ජනාධිපති වීම!

අමාගේ සමරිසි විරෝදේ - Faculty of Sex
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමරිසි (LGBT+) අයිතීන් වෙනුවෙන් ජීවන්ගේත් සහාය | The Leader