BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
පුවත්

'LGBTQ ටුවරිස්ටලාට ලංකාව ට්‍රැවල් කරන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ'

T

The Leader Desk

September 30, 2025 • 3:18 PM

 'LGBTQ ටුවරිස්ටලාට ලංකාව ට්‍රැවල් කරන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මගින් සමලිංගිකත්වය ප්‍රචාරණයක් නොවන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන
  • මෙලෙස එල්ල වන විරෝධයට මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මෙන්න විපක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් ද එක්ව සිටින අයුරු දැක ගත හැකිය.
  • කෙසේ වෙතත් මෙම වැඩසටහන පිළිබඳව මෙතෙක් සමාජයට හෙළිව නැති බවට නිරීක්ෂණය වී ඇති හෙයින් බීබීසි සිංහල ඒ පිළිබඳව සොයා බැලීමක් කර තිබිණ.
  • "LGBTQ ටුවරිස්ටලාට ලංකාව ට්‍රැවල් කරන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ." යැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම් එහිදී බීබීසී සිංහල සේවයට පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මණ්ඩලය පවසයි.

විදේශීය ⁣සමලිංගික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් LGBTQ ප්‍රවර්ධනයක් මෙරට තුළ සිදු කිරීමට සංචාරක මණ්ඩලය සුදානම් වන බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ.

ඒ සංචාරක මණ්ඩලය සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වෙත යොමු කළ ලිපියක් හේතුවෙනි.

මෙලෙස එල්ල වන විරෝධයට මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මෙන්න විපක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් ද එක්ව සිටින අයුරු දැක ගත හැකිය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය කියන්නේ කුමක්ද?

කෙසේ වෙතත් මෙම වැඩසටහන පිළිබඳව මෙතෙක් සමාජයට හෙළිව නැති බවට නිරීක්ෂණය වී ඇති හෙයින් බීබීසි සිංහල ඒ පිළිබඳව සොයා බැලීමක් කර තිබිණ.

"LGBTQ ටුවරිස්ටලාට ලංකාව ට්‍රැවල් කරන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ." යැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම් එහිදී බීබීසී සිංහල සේවයට පවසා ඇත.

සමරිසි විදේශිකයන් වෙනුවෙන් විශේෂිත ව්‍යාපෘතියක් හෝ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරනු ලැබීමක් සංචාරක මණ්ඩලය නොකරන බව ද හෙතෙම අවධාරණය කර ඇත.

"පහුගිය කාලේ තිබුණානේ ලංකාවේ LGBTQ අයට සංචාරය කරන්න බැහැ, එහෙම නැත්නම් ඒගොල්ලෝ පීඩාවට පත් වෙනවා වගේ තත්ත්වයක්. ඒ තත්ත්වය නැති කිරීම තමයි අපි කරලා තියෙන්නේ."

"යම් ආකාරයකට ඒගොල්ලන්ව අසමානතාවයට ලක් කිරීම, පීඩාවට පත් කිරීම වගේ දේවල් නැහැ, අපේ ඉන්ඩස්ට්‍ර් එක ඒගොල්ලන්ව පිළිගන්නවා අනෙකුත් සමාන්‍ය ටුවරිස් කෙනෙක් වගේම, ඒගොල්ලන්ගේ අනන්‍යතාවයට බාධාවක් වෙන්නේ නැතුව අනිත් සංචාරකටන්ට වගේ ඒගොල්ලන්ටත් විවෘතයි කියන පණිවිඩය තමයි අපිට දෙන්න ඕනේ." යැයි සභාපතිවරයා කියා සිටියි.

'දැනටත් විවිධත්වය, සමානත්වය අන්තර්ගතයි'

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජාතිය නිසා, ලිංගික දිශානතිය හෝ වෙනත් කරුණක් මත වෙනස් කොට සැලකීමක් සිදු නොකරන බව සඳහන් යැයි සිහිපත් කරන  බුද්ධික හේවාවසම් සභාපතිවරයා, ඒ තත්ත්වය සංචාරකයන් හට තහවුරු කිරීමේ අවශ්‍යතාවය සංචාරක මණ්ඩලය වෙත තිබූ බවත් සඳහන් කරයි.

"ඔය ලියුම ලංකාවේ LGBTQ කමියුනිටි එකේ සමානාත්මතාවය වෙනුවෙන් කාර්යයක් ඉටුකරන සංවිධානවල ඉල්ලීමකට අනුව අපි කරපු ප්‍රතිචාරයක්." යැයි සමාජ මාධ්‍ය තුළ පැතිර යන ලිපිය ගැන සඳහන් කරමින් සභාපතිවරයා පවසයි.

දැනටත් LGBTQ සංචාරක කර්මාන්තය මෙරට තුළ ක්‍රියාත්මක බව පෙන්වා දෙන  සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා විවිධත්වය, සමානත්වය සහ සියලු දෙනා අන්තර්ගත සංචාරක කර්මාන්තය මෙරට තුළ ක්‍රියාත්මක බව කියා සිටියි.

මෙරට තුළ නීතිවිරෝධි ක්‍රියාකාරකමක් නොකරන ඕනෑම සංචාරයකු සඳහා කිසිඳු වෙනස්කමකින් තොරව මෙරට සංචාරය කළ හැකි බවත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම් අවධාරණය කරයි.

'අපි මුකුත් ප්‍රමෝට් කරන්නේ නැහැ ලංකාවේ'

සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් යන ලිපිය සංචාරක මණ්ඩලය විසින් Equal Ground සංවිධානය වෙත යවන ලද්දක් වන අතර බීබීසී සිංහල එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරිය වන රොසානා ෆ්⁣ලෙමර් කල්දේරා ගෙන් ද මේ පිළිබඳව විමසීමක් කර තිබිණ.

"අපි මුකුත් ප්‍රමෝට් කරන්නේ නැහැ ලංකාවේ. අපි ඩයිවර්සිටි, ඉක්විටි සහ ඉන්ක්ලුෂන් වැඩසටහන් කරනවා ටුවරිස් හෝටල්වලට, ටුවර් ඩ්‍රයිවර්ස්ලට, ටුවර් ගයිඩ්ලා එක්ක. එතකොට ඒ අයව සුදානම් කරන්න පුළුවන් මේ වගේ අය එන⁣කොට හොඳ විදියට සලකන්න." යැයි ඇය කියා පවසා සිටියි.

මෙම වැඩසටහනට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අවසර ඉල්ලා සිටි බවත් ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය අවසරය ලබා දුන් බව ද Equal Ground සංවිධානයේ අධ්‍යක්ෂවරිය සඳහන් කරයි.

"අපි ලොකු දෙයක් කියන්නේ නැහැ. අපි කියන්නේ එන ඕන කෙනෙක්ගේ ගෞරවය ආරක්ෂා කරන්න කියලා."

"අපි කියන්නේ සංචාරකයෝ එනවා නම් LGBTQ කණ්ඩායමෙන් ද නැත්නම් විෂම ලිංගිකයන් වුණත් ඒගොල්ලෝ එනවා සල්ලි වියදම් කරන්න අපේ රටට, ඉතින් ඒ අයට නරක විදියට සලකනවා නම් ඒගොල්ලෝ ආයෙමත් එන්නේ නැහැ. එහෙම වුණොත් ඒ අය ගිහිල්ලා කියයි මේ රටට එන්න එපා කියලා." යැයි රොසනා ෆ්ලෙමර් කල්දේරා පවසයි.

'අපිත් ලාංකික කට්ටිය. අපිත් කැමති අපේ රට ඉස්සරහට යනවාට'

මෙරට සංචාරය කිරීමට බලාපොරොත්තු වන සමලිංගික විදේශිකයන් කෙරෙහි මෙරට නීතිය සහ රට තුළ කළ හැකි සහ නොහැකි දේ පිළිබඳව ලියවුණු අත්පොතක් ලබා දීමට කටයුතු කරන බව ද ඇය කියා සිටියි.

"අපිත් ලාංකික කට්ටිය. අපිත් කැමති අපේ රට ඉස්සරහට යනවාට. මේ වගේ ප්‍රශ්න දානවා නම් අපි කවදාවත් ඉස්සරට යන්නේ නැහැ. අපි ඔක්⁣කොම එකතු වෙලා මොකක්හරි කරන්න ඕනේ රටට." යැයි සමලිංගික අයිතීන් වෙනුවෙන් හඬ නඟන රොසානා අවධාරණය කර සිටියි.

| බීබීසී  සිංහල

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...