BREAKING
Top Ad
පුවත්

ලංකාවේ කොරෝනා දේහයන් පිච්චීම ගැන BBC වැඩසටහනක් 15 දා !

T

The Leader

April 14, 2020 • 3:18 AM

ලංකාවේ කොරෝනා දේහයන් පිච්චීම ගැන BBC වැඩසටහනක් 15 දා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා වෛරසයෙන් හෙවත් කෝවිඩ්19 රෝගයෙන් මිය ගිය හෝ මිය ගිය බවට සැක කරන රෝගීන්ගේ දේහය ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් 2020 මාර්තු 31 වන දින ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් වූ
  • ''දැන් ශ්‍රී ලංකාවෙ රාජ්‍යය එක්සත් ජාතීන්ගේ මේ නිර්දේශ ගැන ගත්ත ක්‍රියා මාර්ග ගැන ඒ අයට වාර්තා කරන්න බැඳිල ඉන්නව.
  • “කොවිඩ් 19 මරණයන්ට පත්වන පුද්ගලයින් ආදාහනය පමණක් කළ යුතුය” යන ආණ්ඩුවේ නියෝගය සම්බන්ධයෙන් හා වෛරී ප්‍රකාශ නතර කිරීමට ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේවනවිට රජයෙන් කරුණු විමසක් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂ වැඩසටහනක් BBC ලෝක සේවය (BBC WORLD SERVICE) ඔස්සේ හෙට (15) මෙරට වේලාවෙන් සවස 18.36ට (Local time) විකාශය වීමට නියමිතය.  

ශ්‍රී ලංකා රජය විසින් කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දැඩි ලෙස ප්‍රශ්න කර සිටින 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ සටහනක් තබමින් විමසා සිටින්නේ, '' තම දෙමාපියන්ගේ සොහනක් මහජන මුදලින් හදල ඒ ගොල්ලන්ට ගෞරවයක් දීල, අනිත් මිනිස්සුන් ගෙ මලගම් වලට තහනංචි දාන්න ජනාධිපතිවරයාට ලැජ්ජා නැද්ද ? '' කියාය.

ජනාධිපතිවරයාගේ හා ඔහුගේ නඩය,  මේ සියල්ල කරන්නේ, මහ මැතිවරණයේදී තුනෙන් දෙකක් බලයක් ලබාගැනීමට යයි චෝදනා කරන 'කලම්බු ටෙලිග්‍රාෆ්' කතුවරයා, ජනාධිපතිපතිගේ මෙම ක්‍රියාකලාපය නිසා ඔහුගේ සමීපතම උපදේශකයකු වන ජනාධිපති නීතිඥ අලි සබ්රි පවා කනස්සල්ලට පත සිටින බව  කියා සිටියි.

“කොවිඩ් 19 මරණයන්ට පත්වන පුද්ගලයින් ආදාහනය පමණක් කළ යුතුය” යන ආණ්ඩුවේ නියෝගය සම්බන්ධයෙන් හා වෛරී ප්‍රකාශ නතර කිරීමට ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේවනවිට රජයෙන් කරුණු විමසක් කර ඇත.

එ සම්බන්ධයෙන්  අදහස් දක්වන 'කලම්බු ටෙලිග්‍රාෆ්' කතුවරයා මෙසේද සටහන් කර තිබේ.

''දැන් ශ්‍රී ලංකාවෙ රාජ්‍යය එක්සත් ජාතීන්ගේ මේ නිර්දේශ ගැන ගත්ත ක්‍රියා මාර්ග ගැන ඒ අයට වාර්තා කරන්න බැඳිල ඉන්නව. අපි බලමු ඊ ළඟ ජවනිකාව. වලදාන්න, දේහයට ගෞරව කරන්න ඉඩදීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වලදැම්මිම කියන දේ ගැන දාපු චක්‍රලේඛ හිතුමතේ අකුල ගැනීම් ගැන, මුස්ලිම් ජනයාට එරෙහි වෛරී ව්‍යාපරය නවත්වන්න ආණ්ඩුව ගත්ත ක්‍රියා මාර්ග ගැන සහ තවත් ගොඩක් මේකෙ තියෙන දේවල් ගැන උත්තර බඳියිනෙ ...''


සබැඳි පුවත් :

කොරෝනා රෝගීන්ගේ මෘතදේහ භූමදානය නොකිරීම :එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් කරුණු විමසයි 

කොරෝනා මෘතදේහ ආදාහනය පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් වේ. නැවත සමාලෝචනයෙන් පසු අවසාන තීරණය ඉදිරි දින දෙක තුළදී!


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...