BREAKING
Top Ad
Opinion

#GoHomeGota2022 : ඉතිං ඊට පස්සෙ..- (චින්තන ධර්මදාස)

T

The Leader

April 11, 2022 • 1:12 AM

#GoHomeGota2022 : ඉතිං ඊට පස්සෙ..- (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ලිපිය ලියන වෙලාවෙ මට හිතෙන්නෙ අපි මේ ජීවත් වෙමින් ඉන්නෙ ලංකාවෙ පුරවැසි ජීවිතයේ ආශ්චර්යමත්ම මොහොතක කියලයි. ඒ ආශ්චර්ය කොයි
  • නිතරම ඍනාත්මක දේ බැහැර කරන මම සුබවාදී බලාපොරොත්තු එක්කයි බලන් ඉන්නෙ.
  • ඇත්තටම බලන් ඉන්නවා විතරක් නෙමෙයි ඒ පැත්තට යොමු කරන්න පුළුවන් හැමදෙයක්මත් කරනවා.
  • ඒ හැඩය විසින් පැරණි විරෝධතා සංස්කෘතියට ඇති කරන කම්පනය.
අකුරු ප්‍රමාණය (Font Size):

අතකට ගමන් කරයිද කියල කියන්න තාම ඉක්මන් වැඩියි.

සමහර විට අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් පිණිස ශක්තිමත් රාමුවක් මේ අරගලය තුලින් සකස් කරගන්න පුළුවන්. අනිත් පැත්තට සියලු රාමු බිඳ වැටුනු අරාජිකත්වයක නන්නත්තාර වෙන්න පුළුවන්.

නිතරම ඍනාත්මක දේ බැහැර කරන මම සුබවාදී බලාපොරොත්තු එක්කයි බලන් ඉන්නෙ. ඇත්තටම බලන් ඉන්නවා විතරක් නෙමෙයි ඒ පැත්තට යොමු කරන්න පුළුවන් හැමදෙයක්මත් කරනවා.

 

නමුත් මට මේ අරගලයේ වටිනාකම තියෙන්නෙ එහි අවසානය මත නෙමෙයි. ගොඩක් අය මොකක්ද අවසාන අරමුණ කියල ප්‍රශ්න කරද්දිත් මට හිතුනෙ අරමුණ තියෙන්නෙ අරගලය තුලමයි කියල. වැදගත් වෙන්නෙ මේ පුරවැසි පුහුණුව. අලුත් පරම්පරාවක් විසින් දේශපාලනය වැළඳගැනීම. වි‍රෝධයට ඒ අය විසින් අරගෙන එන අලුත් හැඩය. ඒ හැඩය විසින් පැරණි විරෝධතා සංස්කෘතියට ඇති කරන කම්පනය. ඒ සටන්පාඨ විහිදෙන පරාසය. ඒ අය විරෝධය සමග විනෝදය බද්ධ කරගෙන තියෙන ආකාරය.

 

මේ කිසි දෙයක් අපිට මෙතෙක් පැවැති අරගලවලින් දකින්න තිබුණු දේවල් නෙමෙයි. ඇත්තටම ඒ අරගල එකම වාමාංශික රාමුවක කොටුවෙලා තිබුන. සටන් පාඨ එකම තාලයකට ගැයෙමින් තිබුන. ඒත් මේ මහජන අරගලය විසින් ඒ පැරණි වාම අරගල රාමුව ගතානුගතික අර්ථයකින් බැහැර කරනවා.

protest lkGota Go Home Protest against Gotabaya Rajapaksa govtimage 6db669c9d3images

මේ කිසි දෙයක් අපිට මෙතෙක් පැවැති අරගලවලින් දකින්න තිබුණු දේවල් නෙමෙයි

 

මේ අරගලය ඇතිවුනේ දේශපාලන පක්ෂ විසින් හැමදාම විශ්වාස කරන ග්‍රාමීය පංතිවලින් නෙමෙයි. මේ කතාව කියපු ගමන් බොහොමයක් අය ඉමෝෂනලි මාත් එක්ක පැටලෙනවා. ඒත් මේ අරගලය ඇත්තටම නාගරික අරගලයක්. ඒක මධ්‍යම පාංතික අරගලයක්. නූතන ආර්ථික රාමුව එක්ක බැඳුනු ජීවිතවල අරගලයක්.

අපේ රටේ දේශපාලනයේ ලොකුම අර්බුදයක්ව තිබුනෙ ඇත්තටම දේශපාලනය බලපාන්නෙ නැති ජනපිරිසක් විසින් බොහෝ විට බලය තීරණය වීම.

උදා විදිහට තමන්ගේ ගෙදර වත්තෙන් කොරටුවෙන් දේවල් සපයා ගන්නා, බයිසිකලයෙන් පයින් ගමන්බිමන් යන, ගම්බද කෙනෙකුට රටේ ආර්ථිකය සම්බන්ධ තීන්දු බලපාන්නෙ දුරින්. ඒ අය ජාතිය ආගම වගේ දේවල් පදනම් කරගෙන පාවිච්චි කරන චන්දයෙන් රට ආර්ථිකව බංකොලොත් කරන පාලනයන් ඇතිවෙනවා.

නමුත් ආර්ථිකය ඇතුලෙ ජීවත් වෙන අයටයි රටක ආර්ථිකයට බලපාන දේශපාලනය තීන්දු කිරීමේ වැඩි අයිතිය පැවරෙන්නෙ. මේ පාර අරගලය හරියටම මේ බෙදීම සළකුණු කරනවා.

 

ඉන්ධන, ගෑස් සහ විදුලිය. ඒ තමයි මේ අරගලයේ පදනම. මේ දේවල්වලින් තොරව ජීවත් වෙන්න බැරිකම තමයි අරගලයේ අනුප්‍රාණය. මේ දේවල් තදින්ම බලපාන්නෙ නාගරික ජීවිතයට. එතනිනුත් නැවත පසුබෑමට නොහැකි මධ්‍යම පාංතික නාගරික ජීවිතයට. ගෑස් වෙනුවට දර හොයන්න ඒ අයට බැරි වෙනවා. දර කඩෙන් ගත්තත් ඒ ගෙවල්වල දර ලිපෙන් උයන්න බැරිවෙනවා. ෆෑන් නැතුව ජීවත් වෙන්න බැරි වෙනවා. කිරිපිටි ටික පවා නැති වෙනවා.

 

ඉන්ටර්නෙට් එක නැති වීම !!!


ඊටත් වඩා ඉන්ටර්නෙට් එක නැති වෙනවා. ඒක තමයි තරුණ පරම්පරාවට ලොකුවටම දැනුන දේ. ඒ අයගෙ ඇත්ත ජීවිතේ තියෙන්නෙ ඔන්ලයින්. ඕෆ්ලයින් ජීවිතය කුඩායි. ඒ ඕෆ්ලයින් ජීවිතයට තමන් ඇද දැමීමට විරුද්ධව තමයි ඔවුන්ගේ ප්‍රධානතම කැරැල්ල.

මේ දේවල් අත්‍යාවශ්‍ය වන ජීවිතයක් නිර්මාණය වෙනවා කියන්නෙ රටක නාගරික සංස්කෘතියක් වර්ධනය වෙනවා කියන එක. අරගලය රට පුරා ඇවිලෙන එකෙන් පේන්නෙ මේ අවශ්‍යතාවන්ට අනුගත වුනු ප්‍රමාණය.

 

මෙතනදි තවත් සමාජ මානසික කාරණයක් වැඩකරනවා. රටක් විදිහට කාලයක් පුරාම මේ ජනජීවිතය ගතවුනේ අපේක්ෂාභංගත්වයක. බලාපොරොත්තුවක් පේන මායිමකවත් තිබුනෙ නෑ. ජීවිතය හිස්වෙමින් පැවතුනා. අරගලය අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා. කන්න බොන්න නැතත් එකට පාරෙ අරගල කිරීමේ හැඟීම, බැඳීම ආස්වාදජනක වුනා. මේක ජාතියට ප්‍රාර්ථනාවක් ගෙනාවා.

 

නැවත ගොඩනැගෙන සදාචාරයක්, නීතියක්, වගවීමක් ගැන සිහින ටික කාලෙකට හෝ අරගලය ඇතුලෙ ජීවත් වෙනවා. ඒක කොහෙත්ම ආණ්ඩුවකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

මේ අර්බුදයෙන් ගොඩඑන්න ෂොක් ස්ටාර්ට් එකක් ඕන කියල මම කාලෙක ඉඳන් ලිව්වා. ඒ කියන්නෙ ඉතුරු කරමින්, කපා හරිමින්, සීමා කරමින් යන ක්‍රමයකින් ආර්ථික අර්බුදයකින් ගොඩඑන්න බැරිවෙනවා කියන එක.

ඒකට ඕනවෙනවා අපේක්ෂාවක්. තරු එළියක්. ලොකු පත්තුවීමක්.

 

ආණ්ඩුවෙ කරගෙන ගිය පිළිවලේ තිබුනෙ අඳුරට යන හැඟීමක් විතරයි. මේ අරගලය කියන්නෙ රටට අවශ්‍යම වෙලා තිබුනු ෂොක් ස්ටාර්ට් එක. ඒක මිනිස්සුන්ගේ ජීවිත ඇතුලෙන්, හිත් ඇතුලෙන් පුපුරා දැල්වෙනවා කියන්නෙ ආශීර්වාදයක්.

 

මේ මොහොත විසින් සියලු ග්‍රාමීය කැරලි අතීතයට එකතු කරනවා. රටේ සියල්ලන් එකතු කරන, ඉහළටම කම්පනය දැනෙන අරගලයක් නිර්මාණය විය හැක්කේ නාගරික මධ්‍යම පංතියෙන් කියන එක සහතික කරනවා. විප්ලව සිද්ද වෙන්නෙ එතනින්. ඒ වගේම ඒ විප්ලව සිද්ද වෙන්නෙ මූලික අවශ්‍යතාවලට නෙමෙයි. ඒ විප්ලව සංවිධානය වෙන්නෙ අනාගතය වෙනුවෙන්. ලෝකයත් එක්ක සාපේක්ෂව තමන්ගේ ජීවිතය කොතනද කියන ප්‍රශ්නයත් එක්ක.


‘ගෝ හෝම් ගෝටා’ කියන එක. ඒක හරිම නිශ්චිත තෝරාගැනීමක්!


000 327K26H


මේ අරගලයේ මූලික සටන්පාඨය වුනේ ‘ගෝ හෝම් ගෝටා’ කියන එක. ඒක හරිම නිශ්චිත තෝරාගැනීමක්. විධායක ජනාධිපති ඉවත් වෙනු කියල ඍජුවම නාභිගත කරන සටනක් කියන්නෙ හරිම පැහැදිලි එකක්. ඒ වගේම අධිකරණයෙන් පවා හැංගෙන්න පුළුවන් වුනු රාජපක්ෂලාගේ හොරකම් ගැන බුර බුරා නැගෙන වෛරයක් එතන තියෙනවා.

‘මේ විදිහට ජනාධිපති මාරු කරන්න ගි‍යොත් ඒක නරක පූර්වාදර්ශයක් වේවි. හෙට ඔයාට මට මේ දේ වේවි. කාටවත් මේ රට පාලනය කරන්න බැරි වේවි’ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙදි කියනවා. නාමල්ට මේකෙ වැදගත්ම කාරණය පේන්නෙ නෑ. මීට පස්සෙ කිසිම පාලකයෙක් රාජපක්ෂලා වගේ පිස්සු කෙලින්න ලෑස්ති වෙන්නෙ නෑ කියන එක.

කොයිතරම් බලය පාවිච්චි කරලා ආයතන හසුරුවාගන්න පුළුවන් වුණත් ජනතාව නැගිටින මොහොතක විලිලැජ්ජාවෙ පැනගන්න බැරුව තටමන්න වෙනවා කියන දැනීම. ඒක අපේ දේශපාලකයන්ට ලැබෙන පළවෙනි වතාව මේක. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියල ආයතනගත වෙලා තියෙන්නෙ පුරවැසියන් සතු බලය කියන එක. ඒ බලය ඕනෑම මොහොතක යළි පුරවැසියන් අතට පවරා ගන්න පුළුවන් වෙලා තියෙනවා.

 

අපේ රට ප්‍රජාතන්ත්‍රවාදීයි කිව්වට අපිට තිබුනෙ පොත්වල ලියපු ප්‍රජාතන්ත්‍රවාදයක්. අරගලවලින් ඒ අයිතීන් දිනාගත්තෙ නැති නිසාම අපිට ඒවා ගැන හැඟීමක් හෝ වැටහීමක් තිබුනෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ වචන තිබුණට ඒ ගැන පුහුණුවක් තිබුනෙ නෑ. ඒ හින්දම පුරවැසියන් නිර්මාණය වුනේ නෑ.

 

දැන් අපි ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ පුහුණුව ලබනවා. පුරවැසි සමාජයක් නිර්මාණය වෙන්න පටන් අරන් තියෙනවා. දේශපාලකයන්ගෙන් පාලනය වෙන යටත්වැසි ජීවිතය අවසන් වෙලා තියෙනවා. මේක සුවිශේෂී මොහොතක් වෙන්නෙ ඒකයි. අපේ රටේ අනාගතය ආරම්භ වෙන තැන මෙතන. පුරවැසියා නිර්මාණය වීම තුල දේශපාලකයා නිර්මාණය වෙනවා.

මේ අරගලයේ අවසානය කොයිබටද කියන එක ගැන මං ඒ තරම් වද වෙන්නෙ නැත්තෙ ඒකයි. මේ අරගලය විසින් ඉෂ්ට කළ යුතු කාර්යය එය විසින් කරලා තියෙනවා.

අපේ රටේ නූතනවාදී දේශපාලනය මේ මොහොතින් පස්සෙ ආරම්භ වෙනවා.



චින්තන ධර්මදාස (Author of Faculty Of Sex)(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
vyadhadeva@gmail.com

(අනිද්දා ජාතික පුවත්පතේ පළවූ ලිපියකි)

 
 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...