හැබැයි මේ ප්‍රතිවිරෝධය තියෙන්නෙ පිටත එක්ක නෙමෙයි. තමන්ගේ ඇතුලෙමයි. ඒක මං හිතන්නෙ ආර්ටිස්ට් කෙනෙකුගෙ තියෙන්නෙම ඕන ගුණයක්.
ඉතිං මේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධියාගෙ සද්දෙ අහන්න අද පුළුවන් බිෂොප් එකට ආවොත්.

අචල ගැන මිනිස්සු දැනගත්තෙ කූඹියෝ තීම් එක හින්ද. ඒත් අචල කසුන් කල්හාර ඉඳන් ඉරාජ් දක්වා ගොඩක් අය එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වැඩ හැම එකක්ම වගෙත් හිට්.
ඒත් හොල්මනක් වගේ හැංගිලා ඉන්න හින්දම අචලව ගොඩක් අය දන්නෙ නෑ. එයාගෙ නිර්මාණ ඔක්කොම එකට රස විඳින්න වේදිකාවක් කියන්නෙ දුර්ලභ සිද්දියක්.




(චින්තන ධර්මදාස)