BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ආදරණීය විතිංග්ටන්' මැයි 02වන දින ජනගත කෙරේ

T

The Leader

April 30, 2024 • 1:19 AM

'ආදරණීය විතිංග්ටන්' මැයි 02වන දින ජනගත කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘2020 ඔක්තෝබර් මුල් සතියේ මා පැමිණෙද්දී, සරත් සෘතුව භද්‍ර යෞවනයේ ය.
  • බිම වැටුණු මේපල් පත්‍ර ඇතුරූ මාවත් දර්ශනය, ආහ්ලාද ජනක විය.
  • පසුව හිමෙන් හානි වූ බිමෙහි, ප්‍රථම වරට යායවල් පුරා පිපුණු Crocus Flowers විවිධ වර්ණ ගන්වමින් දිලුණ ද, පළමු පෙම සේ එ’මල මගේ හිතේ අනුස්මරණීය ලෙස තැන්පත් විණි.
  • අනෙක් පස කවුළුවෙන් දකින්නට ලැබුණේ, නිවසට මුහුණලා පැවැති වීදිය දිගේ, දෙපස ම එකම ගෘහනිර්මාණ ආකෘතිවලින් සමන්විත දෙමහල් නිවාස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

IMG 20240429 WA0003ඉනික්බිති සිසිරය පූර්ණව ද, වසන්තයේ මැදියම වනතුරු ද මට සෙවණ දුන්නේ ඔබ ය. නුහුරු ශීත කාලගුණය ප්‍රිය ජනකව භාර ගැනීමට මට හැකිවිය. රතු දුඹුරු, තැඹිලි, රන්වන් වූ පැහැයෙන් ගස්වල පත්‍ර වර්ණ වෙනස්වීම් පැය ගණන් බලාගෙන සිටීමේ රුචිය වැඩෙමින් තිබුණි. බිම වැටුණු මේපල් පත්‍ර ඇතුරූ මාවත් දර්ශනය, ආහ්ලාද ජනක විය. අප රටේ පොල්කිච්චා ට රුවෙන් සමාන එහෙත් තරමක් විශාල ශරීරයෙන් යුතු කුරුල්ලෙක් මා පෙනෙන මානයේ ගී ගැයුවේ ය. කුඩා ගෙවත්ත back yard ගොහොරු බිමක්ව තිබුණි. ඒ මඬ සුවඳ මා ආඝ්‍රාණය කළේ ප්‍රීතියෙනි. හිමකිරමක රස විඳි සුවය පරදා, මුළු ගත ම වසා පැතිරුණු හිම පියල්ලක සිහිලස විඳින්නට දුන්නේ ඔබ ය. අත්විඳි මිහිර පෙර මැවූ සිහිනයක සැබෑ මුහුණුවර ය.

සිසිරය කල් ඉකුත්වත්ම, වසන්තයේ පළමු මල රහසේ ම එක් උදයක පිපී තිබෙනු දැක මා සතුටට පත් වූ තරම්... එය අපේ රටේ තද කහ පැහැති බාබන්ඩේසියා මලකට සමාන වීම තවත් වෙසෙස් දැනීමකට හේතු විය. කෙටි නටුවකින් යුත් පෙති පිරුණු පුෂ්පය නමින් Yellow Dandeions වී ය. පසුව හිමෙන් හානි වූ බිමෙහි, ප්‍රථම වරට යායවල් පුරා පිපුණු Crocus Flowers විවිධ වර්ණ ගන්වමින් දිලුණ ද, පළමු පෙම සේ එ’මල මගේ හිතේ අනුස්මරණීය ලෙස තැන්පත් විණි. අනෙක් පස කවුළුවෙන් දකින්නට ලැබුණේ, නිවසට මුහුණලා පැවැති වීදිය දිගේ, දෙපස ම එකම ගෘහනිර්මාණ ආකෘතිවලින් සමන්විත දෙමහල් නිවාස ය. මිනිසුන් දැකගත හැකි වූයේ කලාතුරකිනි.’’

යට උපුටා දක්වා තිබෙන්නේ කේ. ආර්. කේ. කුසුම් මුණසිංහ ලේඛිකාව විසින් රචිත අභිනව ග්‍රන්ථය වන ‘‘ආදරණීය විතිංග්ටන්’’ ග්‍රන්ථයෙන් ඡේද දෙකකි.

440202370 2750475215116125 6531980718902922665 nකේ. ආර්. කේ. කුසුම් මුණසිංහඇය පසුගිය වසරේ දී මාස අටක් බඳු ඉතා කෙටි කාලයක් එංගලන්තයේ මැන්චෙස්ටර්හි විතිංග්ටන් නගරයේ වාසය කර ඇත. ඒ එම කාලය මාස අටක් වුව ද එරටෙහි ඍතු මාරුවට අනුව ඍතු තුනක් මාරු වන කාලසීමාවකි. කතුවරිය මෙම කෘතියට පාදක කරගෙන තිබෙන්නේ එම ඍතු තුනක කාලසීමාව ඇතුළත දී ඇය අත් දුටු දෑ ය. වෙසෙසින් ම ලොවම වෙළාගත් කොවිඩ් ව්‍යසනයෙන් අනතුරුව වුව ද එම පරිසරය සහ එහි ජීවත්වන මිනිසුන් පමණක් නොව සතුන් පවා නැවත ඉතා සිඝ්‍රෙයන් සිය ජීවන රටාව සකසා ගෙන ඇති ආකාරය යි.

IMG 20240429 WA0004

 

කතුවරිය පළමුව මෙම සටහන් සියල්ල මුදා හැර ඇත්තේ ඇගේ Facebook පිටුව තුළිනි. එසේ Facebook පිටුව තුළින් මුදා හැරි සිය අත් දැකිම් එළඹෙන මැයි දෙවන දින සවස 02.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී කෘතියක් ලෙසින් ජනගත කෙරෙන බව ඇය පවසන්නී ය.

 

439592607 461620932870755 7733544757298269674 n

 

එදින වැඩසටහන ආලෝකමත් කිරීම සඳහා: මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සහකාර කොමසාරිස් දිල්හානි විජේරත්න, ලේඛක සහ ගේය පද රචක මලික් තුසිත ගුණරත්න, ලේඛිකා කාන්චනා ප්‍රියකාන්ත යන මහත්ම මහත්මීහු සහභාගි වෙති.

කතුවරිය සැබැවින් ම අත් දුටු එංගලන්තයේ ඍතු තුනක වෙනස කියවීමෙන් අත් දකින්නට කැමති සියලු දෙනාට එදිනට පැමිණෙන්නැයි ඇය ආරාධනා කරන්නී ය.

‘‘ආදරණීය විතිංග්ටන්’’ කෘතිය ‘කවිවර’ ප්‍රකාශනයකි.    

වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද? - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...