BREAKING
Top Ad
පුවත්

ජූනි 02 ලෝක ගණිකා දිනය: අපගේ ආදරය සහ ගෞරවය

T

The Leader

June 1, 2021 • 11:40 PM

ජූනි 02 ලෝක ගණිකා දිනය: අපගේ ආදරය සහ ගෞරවය     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද ජූනි 02 ලෝක ගණිකා දිනය.
  •     ලිංගික ශ්‍රමිකයන් කිව්වම ගොඩක් අය අයිති වෙනවා.
  •      "මේ සිංදුව සාමූහික මහන්සියක ප්‍රතිඵලයක්.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ කියන්නෙ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් සහ ඒ අය මුහුණ දෙන දුෂ්කරතා ගැන කතා කිරීම වෙනුවෙන් වෙන් කළ දවස. 
 
ෆැකල්ටි ඔෆ් සෙක්ස් වලින් අපි ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් මේ සිංදුව කරන්නෙ මීට ටික කාලෙකට කලින්. 
 
 
 
ගණිකාවක් කියන්නෙ අනුකම්පාවට පාත්‍රවිය යුතු කෙනෙක් නෙමෙයි ඇගේ වෘත්තියත් අනෙක් වෘත්තීන් වගේම ගෞරවයට පාත්‍ර විය යුතුයි කියන එකයි අපේ අදහස. 
 
 
ලෝක ගණිකා දිනය දවස වෙද්දි ඒ අය වෙනුවෙන් නිර්මාණය කළ අරමුදලෙන් යම් කොටසක් තෝරාගත් කීපදෙනෙකුගේ හෝ නීතිමය සහ සෞඛ්‍යමය වියදම් උවමනා වෙනුවෙන් නිදහස් කිරීම අපේ අරමුණ වුනා. 
 
ඒත් අවාසනාවන්ත විදිහට අපිට තවම එවන් මුදලක් එකතු කරගන්න බැරි වුනා. 
 
නමුත් මේ අරමුදලෙන් අපි ඉදිරියට කොහොම හරි ඒ දේ කරනවා. 
 
එතෙක් සුවහසක් පීඩිත මිනිසුන්ට ආශාව සහ ආස්වාදය බෙදන ඒ අපහාස විඳින දුෂ්කර වෘත්තිකයන්ට අපගේ හදවතේ ආදරය සහ ගෞරවය පිරිනමනවා ❤
 
 
(Chinthana Dharmadasa ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 
 
 

 
 
අනාරක්ෂිත, නිගරු ලද මෙන්ම අවවරප්‍රසාදිත වෘත්තිකයන් වෙනුවෙන් ආරම්භ කළ "ලඳුනේ" අරමුදල වෙනුවෙන් නිර්මාණය කරන ලද "ලඳුනේ" ගීතය පසුගිය පෙබරවාරි 14 දා අන්තර්ජාලයට නිකුත් කෙරුණි. 
 
ඕනෑම ලිංගික ශ්‍රමිකයකුට තමන් මුහුණ දෙන නීතිමය අර්බුදයකදී හෝ සෞඛ්‍ය ගැටලුවක දී මෙම අරමුදලින් උපකාර ඉල්ලා සිටිය හැකි අතර "ලඳුනේ" ගීතය යොදා ගනිමින් සිදු කරන සෑම මුදල් ඉපැයීමක්ම ද එම අරමුදලට බැර වනු ඇත.
 
 
 "මේ සිංදුව සාමූහික මහන්සියක ප්‍රතිඵලයක්. ෆැකල්ටි ඔෆ් සෙක්ස් අපිට ඕන වුනා ලිංගික ශ්‍රමිකයන් ගැන අනුකම්පා ආකල්පය වෙනස් කරන කතිකාවක් හදන්න. ඒ අයගෙ වෘත්තිය දිහා ගෞරවයකින් හා මනුස්සකමකින් බලන්න පුළුවන් අදහසක් නිර්මාණය කරන්න. සදාචාරය කියන්නෙ අපි අනෙකාව කොයිතරම් එම්පතියකින් තේරුම් ගන්නවද කියන එක.
 
 
ලිංගික ශ්‍රමිකයන් කිව්වම ගොඩක් අය අයිති වෙනවා. වීදි සරාගිනියන්, සම්බාහන යුවතියන්, ඔන්ලයින් අනුරාගිනියන් ආදී තව ගොඩක් සේවාවන් සපයන අය මෙතන ඉන්නවා. ඒ හැමෝම බෙදන්නෙ සතුට. ජීවිතය ගැන ආශාව. ඇසුර. ස්පර්ශය. ආස්වාදනීය මිනිස් බැඳීමක මිහිර.
 
 
 
මේ අනාරක්ෂිත නිගරු ලද අවවරප්‍රසාදිත වෘත්තිකයන් වෙනුවෙන් අපි ආරම්භ කළ ලඳුනේ අරමුදල වෙනුවෙනුයි මේ ගීතය නිර්මාණය වුනේ.'' ෆැකල්ටි ඔෆ් සෙක්ස් නිර්මාතෘ චින්තන ධර්මදාස පැවසිය. 
 
 

WhatsApp Image 2021 06 02 at 1.08.05 PM

 
 
 
සබැඳි පුවත් :
 
 
THE LEADER TV 
 
 

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !

 

සංචරණ නීති කඩමින් : අගමැති කැම්පේන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...