BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලන්කන් ගුවන්යානා 03ක් එකවර උගන්ඩාවට ගියේ ඇයි ?

T

The Leader

February 25, 2021 • 9:17 AM

 ශ්‍රී ලන්කන් ගුවන්යානා 03ක් එකවර උගන්ඩාවට ගියේ ඇයි ?  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් මගී ගුවන්යානා තුනක් හිටි හැටියේ උගන්ඩාව බලා පියාසර කිරීම සැකකටයුතු බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
  • (All using airbus A330-300 aircraft with a configuration of 28 BC and 269 EY.)   එදින එම ගුවන් යානා තුන ගුවන්ගතව ඇත්තේ  ශ්‍රී ලංකා වේලාවෙන් උදැසන 01.30,  02.00 සහ  02.30 වේලාවන් හිදීය.
  •     එම ගුවන් ගමනට එක්වූ නිලධාරියකු සිය FB පිටුවේ පළකර ඇති සටහනකට අනුව මෙම ගුවන් යානයේ ගෙනගොස් ඇත්තේ මුදල් නෝට්ටු තොගයකි.
  •     උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනී , ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතකු ද වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
පෙබරවාරි 23දා  (There flights operated to EBB on the 23rd.) මෙසේ උගන්ඩාවේ එන්ටෙබේ ( EBB) ගුවන් තොටුපල වෙත ගොස් ඇත්තේ, UL1709, UL 1711 සහ UL 1713 මගී ගුවන්යානා ය. (All using airbus A330-300 aircraft with a configuration of 28 BC and 269 EY.)
 
එදින එම ගුවන් යානා තුන ගුවන්ගතව ඇත්තේ  ශ්‍රී ලංකා වේලාවෙන් උදැසන 01.30,  02.00 සහ  02.30 වේලාවන් හිදීය.
 
මේ සම්බන්ධයෙන් අප විසින් කළ සොයා බැලීමකදී වාර්තාවූයේ මෙම ගුවන් මෙහෙයුම බාරව කටයුතු කර ඇත්තේ, 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ සැමියා ය. 
 
මෙම මගී ගුවන්යානයේ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු හැර වෙනත් කිසිවකු ගමන්කර නොමැති අතර විශාල ප්‍රමාණයේ මලු තොගයක් පමණක් එමගින් උගන්ඩාවට ගෙනගොස් තිබේ. 
 
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සතුව බඩු ප්‍රවාහනය කරන ගුවන්යානා තිබියදී ව්‍යාපාරික පන්තියේ ආසන පවා ඇති ගුවන් යානා තුනක් මෙම මෙහෙයුමට එක්කර ගත්තේ ඇයි ?
 
 
 
මුදල් නෝට්ටු තොගයක් ?
 
 
එම ගුවන් ගමනට එක්වූ නිලධාරියකු සිය FB පිටුවේ පළකර ඇති සටහනකට අනුව මෙම ගුවන් යානයේ ගෙනගොස් ඇත්තේ මුදල් නෝට්ටු තොගයකි.
 
 බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි තෝමස් ඩිලාරු නම් බ්‍රිතාන්‍ය සමාගම විසින් මෙරට තුලදී ජාතික හා ජාත්‍යන්තර මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබයි.
 
 

 89684567 mahinda uganda

උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනී , ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතකු ද වේ.
 
මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වුවද 2016 පැවති උගන්ඩා ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුට නිල වශයෙන් ආරාධනා කර තිබීම දෙදෙනාගේ මිත්‍රත්වය පැහැදිලි කරන්නකි.
 
එම විදේශ චාරිකා වෙනුවෙන් රජයෙන් ගමන් වියදම් ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබීම එම වකවානුවේ මහත් ආන්දෝලනයට ලක්වූ කාරණයකි.
 

 

 
 

පාස්කු බෝම්බයේ මහ මොළකරු කවුද ?

 
හම්බයාට දෙමළාට නොවැටෙන සිංහල කඳුළු
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...