BREAKING
Top Ad
පුවත්

පිල්ලෙයාන් නිදහස් වෙද්දී රන්ජන්ට වසර 04ක සිර දඬුවමක්

T

The Leader

January 12, 2021 • 3:57 AM

  පිල්ලෙයාන් නිදහස් වෙද්දී රන්ජන්ට වසර 04ක සිර දඬුවමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත
  •   එම ප්‍රකාශය තමා කිසිම හේතුවක් මත ඉවත් නොකරගන්නා බවට විත්තිකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවත් මෙම කරුණු අධිකරණයේ කැඳවූ සාක්ෂි වලින් සනාථ වන බවත් විනිසුරු සිසිර ද ආබෲ වැඩිදුරටත් සඳහන් කළේය.
  •   මෙම තීන්දුව වහා ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබිය.
  •   2017 වසරේ අගොස්තු මස 21 දා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරනයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජනවාරි 12) නියෝග කළේය.
 
ශ්‍රී ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවත් ඔවුන් මුදල් වලට වැඩ කරන බවට රංජන් රාමනායක හිටපු ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඔහු අවස්ථා ගණනකදී එනම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පවා තහවුරු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෲ පවසා සිටියේය.
 
එම ප්‍රකාශය තමා කිසිම හේතුවක් මත ඉවත් නොකරගන්නා බවට විත්තිකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවත් මෙම කරුණු අධිකරණයේ කැඳවූ සාක්ෂි වලින් සනාථ වන බවත් විනිසුරු සිසිර ද ආබෲ වැඩිදුරටත් සඳහන් කළේය.
 
අද දින මෙම නඩුව සිසිර ද ආබෲ, විනිසුරු  විජිත් මළල්ගොඩ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අතර ඔවුන්ගේ ඒකමතික අනුමැතියෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන ලදී .
 
මෙම තීන්දුව වහා ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබිය.
 
2017 වසරේ අගොස්තු මස 21 දා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරනයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණ.
 
 
පිල්ලෙයාන්ට එරෙහි නඩුව :
 
 
මේ අතර පහළොස් අවුරුද්දකට ඉහත නත්තල් දා රෑ දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රසේකරන් නොහොත් පිල්ලෙයාන් ට එරෙහිව මඩකලපුව මහාධිකරණයේ විභාග වන නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (11) අධිකරණයට දැනුම් දී තිබේ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රසේකරන් මේවනවිට ආණ්ඩු පක්ෂය නියෝජනය කරයි.
 
 
 

 
 
WhatsApp Image 2021 01 12 at 3.13.58 PM
 
 
WhatsApp Image 2021 01 12 at 3.13.59 PM
WhatsApp Image 2021 01 12 at 3.12.47 PM
 
 
 
අද මෙතන - හෙට අතන - හිමි රතන - ආණ්ඩුවට!
 
 
 
####################
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...